කුඩා ගුවන්යානයක් තරම් විශාල, වඳවීගිය කුරුල්ලෙකුගේ ෆොසිල හමුවෙයි.


වර්තමානයේ භාවිතාවන සැහැල්ලු ගුවන් යානයක් වැනි වූ ලොව විශාලතම පක්ෂි පොසිලය මුහුදු ආශ්‍රිතව ජීවත් වූ පක්ෂියකුගේ බවත් මේ සත්ත්වයා ඩයිනෝසරයන් ලොවෙන් වඳවී යාමෙන් පසු ජීවත් වී ඇති බවත් විද්‍යාඥයෝ පිරිසක් කියති. Pelagornis sandersi ලෙස නම් තබා ඇති මෙම පක්ශියා දැනට වසර මිලියන 25කට පමණ පෙර ජීවත්ව ඇත. අද ජීවත්වන විශාලතම පක්ශියා වන අඩි 11.5ක පියාපත් විහිදුමක් ඇති Royal Albatrossට වඩා ඉතා විශාලවන මෙම පෙලගෝර්නිස් පක්ශියා මුහුදු රළ මතට මදක් ඉහලින් ඉතා විශාල දුරක් පියඹායන්නට හැකියාව ඇත්තෙකු විනැයි ඇතැයි විශ්වාස කෙරේ.

අත්තටු විහිදවූ විට අඩි 28 ක් පමණ පළලකින් යුතු මේ දැවැන්ත පක්ෂියා අදින් වසර ලක්ෂ 280ට පමණ මිහිතලයේ ජීවත් වී ඇත. පක්ෂියාගේ පාදයේ අස්ථි සැකැස්ම විස්තර කරන විද්‍යාඥයන් පවසන්නේ මේ කුරුල්ලාට කිලෝ 80 ට වැඩි බරින් යුතු ගොදුරක් පහසුවෙන් පාදයෙන් ඔසවාගෙන පියාසර කිරීමේ හැකියාවක් තිබෙන්නට ඇති බවයි. මේ පක්ෂියා මුහුදු ආසන්න උස් කඳු මුදුන්වල සිට අත්තටු විහිදා මුහුද කරා දිවගොස් ගුවන්ගත වන්නට ඇතැයි සැළකේ.

වසර තිහකට පමණ පෙර දකුනු කැරොලිනා ප්‍රාන්තයේ කැණීමකින් සොයා ගත් මේ පොසිලය ඇමෙරිකාවේ කනෙක්ටිකට් කෞතුකාගාරයේ ගබඩාවක තැන්පත් කොට තිබී ඇති අතර එම පක්ශියා කුමන වර්ගයකට අයත්ද, විශාලත්වයෙන් කොපමණ යන්න හෙලිවී තිබෙන්නේ වසර 30කට පසු මෙම ෆොසිල ගබඩාව නිරීක්ශණයට ගිය උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ ෆොසිල විද්‍යාඥයෙකු විසිනි.














පෙලගෝර්නිස් විශාලතම වඳවීගිය මුහුදු පක්ශියා වනවිට විශාලතම ගොඩබිම් පක්ශියා ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ දකුණු ඇමරිකාවේ ඇන්ඩීස් කඳු ප්‍රදේශයේ මීට වසර මිලියන 6කට පෙර ජීවත්වූ ආජන්ටාවිස් මැග්නිෆිසන්ස් (Argentavis magnificens) නම් කොන්ඩෝර් වර්ගයේ පක්ශියාය. මොහු අඩි 23ක පියාපත් විහිදුමක් ඇති දැවැන්තයෙකු විය. ටෙරටෝන්ස් හෙවත් "monster birds" ලෙස නම් කොට ඇති වඳවීගිය දඩයක්කාර කුරුල්ලන් වර්ගයකට අයත් ආජන්ටාවිස් මැග්නිෆිසන්ස් "සෙස්නා 152" වරගයේ කුඩා ගුවන්යානයක් තරම් විශාලවිය.



පෙලගෝර්නිස් මෙන්ම ආජන්ටාවිස්ද පියාපත් ගසා ගුවන්ගත වනවා වෙනුවට උස් කඳුමුදුනක සිට  පියාපත් විහිදුවාගෙන පැනීමෙන් ගුවන්ගත වන්නට ඇතැයි සිතිය හැකිබව මෙම දැවැන්තයාගේ ෆොසිල අධ්‍යයනය කල විද්‍යාඥයින් පවසති. මෙම කුරුල්ලාගේ බර හා පියාපත්වල මස්පිඩු ශක්තිය ගණන් බැලූ ඔවුන් හට ආජන්ටාවිස් හට නූතන කුරුල්ලන් මෙන් පියාපත් ගැසීමෙන් ගුවන්ගත වීමේ ශක්තිය නොවූ බව හෙලිකරගෙන ඇත.

ආජන්ටාවිස් මැග්නිෆිසන්ස්

























S


SOURCE:
http://www.lankadeepa.lk/index.php/articles/249382
http://www.huffingtonpost.co.uk/2014/07/08/enormous-ancient-bird_n_5566153.html?ir=UK+Tech
http://www.prehistoric-wildlife.com/species/a/argentavis.html
http://news.nationalgeographic.com/news/2014/07/140707-bird-biggest-flight-ancient-wings-charleston-science/#

Comments