අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

අයින්ස්ටයින්ට වැරදිලා !! (ආයෙත් සැරයක්?)

අයින්ස්ටයින්ගේ ආලෝක වේග ගණනය වැරදියි.. ග‍්‍රහවස්තු පිහිටීම යළි සොයන්න වෙයි


මෙතෙක් දැන සිටි ප‍්‍රමාණයට වඩා ආලෝකය අඩු වේගයකින් ගමන් කරනවා විය හැකි බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.

1905දී ඇල්බට් අයින්ස්ටයින් විසින් රික්තයක් තුළදී ආලෝකයේ වේගය ගණන් බැලූ අතර තත්පරයට සැතපුම් 186282 (කිලෝමීටර් 299732) ක වේගයක් ආලෝකයට ඇති බව සියවසක් පුරා විශ්වාස කරන ලදී.

1987දී දිස්වූ SN1987A සුපර්නෝවා පිපුරුමේ ආලෝකය අපේක්ෂිත වේලාවට වඩා පැය 4.7ක් ප‍්‍රමාදවී ළගාවීම මේරිලන්ඞ් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥ ජේම්ස් ෆ‍්‍රැන්සන්ගේ ලක්වී තිබේ.

සුපර්නෝවා පිපුරුමට ප‍්‍රථමයෙන් විද්‍යුත් වශයෙන් උදාසීන උප පරමාණුක අංශුවක් වන නියුටි‍්‍රනෝ ධාරාවක් නිකුත් වී ඇති අතර අයින්ස්ටයින්ගේ ගණන් බැලීමට අනුව එය ආලෝකය නිකුත්වීමට පැය 3කට පෙර සිදුවිය යුතු වේ.

කෙසේවෙතත් 1987 සුපර්නෝවා පිපුරුමේදී ආලෝකය ළගාවී ඇත්තේ නියුටි‍්‍රනෝ නිකුත්වී පැය 7.7කින් පසුව බව පැවසේ.  ෆ‍්‍රැන්සන් පවසන්නේ මෙය රික්තක ධ‍්‍රැවීකරණය නම් සංසිද්ධිය හේතුවෙන් සිදුවිය හැක්කක් බවයි.


අයින්ස්ටයින්ටත් වැරදිලා !!!!


එහිදී ෆොටෝන හෙවත් ආලෝක අංශු සුළු කාලසීමාවක් තුළදී පොසිට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන බවට බිඳවැටී යළි එක් වන අතර ක්වොන්ටම් යාන්ත‍්‍රි විද්‍යාවට අනුව එම කාලසීමාව තුළ අංශු දෙක අතර ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වේ.

ආලෝක වර්ෂ 168000ක් පමණ දුරක් පැමිණෙන අතරවාරයේදී මෙම සංසිද්ධිය හේතුවෙන් ආලෝකය පැය 5ක පමණ ප‍්‍රමාදයක් දැක්විය හැකි බව ජේම්ස් ෆ‍්‍රැන්සන්ගේ අදහසයි.

මෙම මතය පිළිගත හොත් ඉතා දුරින් පිහිටි වස්තූන්ගේ පිහිටීම යළි ගණන් බැලීමට විද්‍යාඥයින්ට සිදුවිය හැකි බව පැවසේ.

http://www.dailymail.co.uk/sciencetech/article-2672092/Was-Einstein-wrong-Controversial-theory-suggests-speed-light-SLOWER-thought.html

http://lankacnews.com/sinhala/main-news/118365/




Comments

  1. මෙය තවම පිළිගත් මතයක් නොවේ. මේ නිරීක්ෂණය තව දදුරටත් වෙනත් සුපෙර්නොව අදින් සොයා බැලිය යුතුයි.

    ReplyDelete

Post a Comment