අභ්‍යවකාශයේ සිට පෘථිවිය පෙනෙන ආකාරය සජීවීව නරඹන්න අවස්ථාව දෙන NASA ආයතනයේ High Definition Earth Viewing (HDEV) experiment


දිගු කාලයක් අභ්‍යවකාශයේ රැඳවීමෙන් කැමරාවලට ඇති වන බලපෑම් හඳුනාගෙන එම කාර්යය සඳහා වඩාත් කාර්යක්‍ෂම කැමරා නිෂ්පාදනය කිරීම සඳහා කරනු ලබන අත්හදා බැලීමක් ලෙස නාසා ආයතනයෙන් මෙම කැමරා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ස්ථාපිත කරනු ලැබ තිබේ.
ඔබ මේ සජීවී දර්ශන නරඹන විට පෙනේවි පෘථිවිය සෙමින් භ්‍රමණය වන අන්දම.. මෙම කැමරා තත්පරයට කිලෝමීටර් 8ක වේගයෙන්නැතහොත් පැයට සැතපුම් 18,000 (27,000 K Mph)ක වේගයෙන් පෘථිවිය වටා ගමන් කරනු ලබනවා. ඒ අනුව පෘථිවිය වටා සම්පූර්ණ වටයක් යාමට ගත වන්නේ විනාඩි 90 වැනි කාලයක් පමණයි.
තිරය කළු පැහැයෙන් පෙනේ නම් එම අවස්ථාවේදී කැමරා ඇත්තේ පෘථිවියේ රාත්‍රී කාලය ඇති ප්‍රදේශයේයි. ඕනෑම මොහොතක අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය කොතැනක තිබෙන්නේ දැයි යන්න බලාගැනීමට මෙම ලින්ක් එක වෙත යන්න. 

ISS Tracker ලෙස හැඳින්වෙන මෙම වෙබ් අඩවියෙන් ඕනෑම මොහොතක ISS මධ්‍යස්ථානය පෘථිවියේ කුමන ප්‍රදේශයක් ඉහලින් පියාසර කරමින් තිබෙයිද, ඒ වන විට එම ප්‍රදේශයට දිවා කාලයද රාත්‍රීකාලයද යන තොරතුරු මෙම සජීවී සිතියමෙන් පෙන්වයි. ISS කැමරාවලින් එන රූපය කලු පැහැතිනම්, සිතියම බලනවිට ISS ඒ වනවිට පෘථිවියේ රාත්‍රී කාලය ඇති ප්‍රදේශය පසුකරමින් යන බව ඔබට පෙන්වනු ඇත. එමෙන්ම තව කොපමණ කාලයකින් එය නැවතත්  දිවා කල ඇති ප්‍රදේශයකට ඇතුලුවෙත්දැයි යන්නද ඔබට දැන ගත හැකිය.
Broadcast live streaming video on Ustream

Comments

  1. wadagath lipiyak mama hamadama obe lipi balanawa namth hamadaama coment karanne na digatama liyanna suba pathum

    ReplyDelete
  2. it.sameera== wadagath lipiyak oba hamadaamath wadagath wana yamak liyana kenek mama nitharama obage lipi kiyawanawa namuth hama welawema comment karanna bariwenawa digatama liyanna suba pathum

    ReplyDelete
  3. i love this blog, thank you so much for that tell us..

    ReplyDelete

Post a Comment