අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

මිනිසුන්ගේ ජාන සොරාගන්නා මදුරුවෙකු මෙන් කුඩා ඩ්‍රෝන යානා සැරිසරන හෙට දිනය!!! - හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මාහාචාර්යවරු පිරිසක් ස්විට්සර්ලන්තයේ ඩේවෝස් ලෝක ආර්ථික සම්මේලනයේදී අණතුරු අඟවයි.....


"ඉතාම නුදුරු අනාගතයේදී රජයේ ආරක්ශක හා බුද්ධි අංශ පමණක් නොව දැවැන්ත පෞද්ගලික සමාගම් මගින්ද මුදා හැරෙන මදුරුවෙකු මෙන් කුඩා රොබෝ ඩ්‍රෝන යානා ඔබට නොදැනෙන්නට ඔබගේ ලේ සොරාගෙන ඔබගේ ජාන පිලිබඳ විස්තර ඔවුන්ගේ පරිගණක ජාලවලට ඇතුලත් කරගනු ඇත.... එමගින් ඔවුන් නිරන්තරයෙන්ම ඔබ කරනා දේවල්, යන එන තැන් පිලිබඳව ඔබට හොරා සෙවිල්ලෙන් සිටිනු ඇත.....

දැවැන්ත රක්ශණ සමාගම් ඔබගේ ජාන සොරෙන් අධ්‍යයනය කොට, ඔබට ඇති නිදන්ගත රෝග හඳුනාගෙන එම රෝග සඳහා ඔබ අනාගතයේදී ලබාගන්නා ප්‍රතිකාර සඳහා යන රක්ශණ වන්දි වෙනුවෙන්, එම රෝග පහලවීමට වසර ගණනාවකට පෙර සිටම ඔබගෙන් වැඩිපුර රක්ශණ වාරික මුදල් (insurance premium) අය කරගන්නවා ඇත...... 

ඔබ කාන්තාවක් නම් ඔබ නිතර බඩු ගන්නා සුපිරි වෙළඳසැල ඔබගේ කුසෙහි දරුවෙකු පිලිසිඳගෙන ඇති බව ඔබගේ පවුලට, සැමියාට පමණක් නොව සමහර විට ඔබටද පෙර දැනගනු ඇත...."

මෑත අනාගතය පිලිබඳව මේ බියකරු චිත්‍රය මවාපෑවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ශණය පිලිබඳ මහාචාර්යවරියක් වන මාගෝ සෙල්ට්සර්, ස්විටර්ලන්තයේ ඩේවෝස් නුවර මේ දිනවල පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේදී (World Economic Forum - Davos. Switzerland) පසුගිය බ්‍රහස්පතින්දා (22/01/2015) පැවැත්වුනු එක් වැඩමුළුවකදීය.

"දැන් ඇත්තේ මෙවැනිදේ සිදුවේවිද නැද්ද යන්න පිලිබඳ ගැටලුවක් නොවේ.....මෙම තාක්ශණය දැනටමත් ඉතා විශාල ලෙස දියුණුවෙලා.....

දැන් ඇත්තේ මෙම බියකරු සිදුවීම් වෙන්නට පටන්ගන්නේ කවදාදැයි යන්න පිලිබඳව අවධානයෙන් සිටීමයි....

මේ නිසා අපි පෞද්ගලිකත්වය පිලිබඳව දරන මතවාද වෙනස් කරන්නට අවශ්‍යයි. සැබැවින්ම මේවැනි තාක්ශණයන් නිසා පෞද්ගලිකත්වයක් කියලා දෙයක් නැත්තටම නැතිවෙනවා.....

රජයට විතරක් නෙමෙයි, බලසම්පන්න සමාගම් වලට, විදෙස් රටවල්වලට, ධනවත් පාතාලයට මෙන්ම ත්‍රස්තවාදීන්ටත් මෙම තාක්ශණය ලැබෙන එක වලක්වන්නට බැහැ...."

මෙම වැඩමුලුවට සහභාගීවූ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජාන විශේෂඥ සොෆියා රූත් පවසන ආකාරයට දැනටමත් අමෙරිකානු හා වෙනත් බටහිර බුද්ධි අංශ, විදෙස් රටවල නායකයන්ගේ ජාන තොරතුරු රැස්කිරීමේ යෙදී සිටිනවා. ඒ ඔවුන්ගේ නිරෝගීභාවය, නිදන්ගත රෝග මෙන්ම ජීවිතාපේක්ශ කාලය නිර්ණය කරගැනීම සඳහායි.

"මේ තාක්ශණය නරකට වගේම හොඳ දේට යොදාගන්නත් පුලුවන්. උදාහරණයක් ලෙසට බටහිර අප්‍රිකානු රටවල පැතිරෙන ඉබෝලා වසංගතය ගන්න. මේ අති දුශ්කර රටවල සෑම මිනිසෙකුට, ගැහැනියකට හා ළදරුවෙකුටම ඉබෝලා සඳහා ප්‍රතිවෛරස ලබාදීම සායන මගින් කරන්නට බැහැ ඒත්, ඩ්‍රෝන මදුරුවන් දහස් ගණනක් මෙම එන්නට ඇති කුඩා වයල සමග මුදාහැරියොත් එම ඩ්‍රෝන වලට පුලුවන් සෑම කෙනෙකුටම මෙම එන්නත දෙන්නට...."

Comments