වොක්ස්වාගන් සමාගම සිය ඩීසල් කාර්වල විමෝචන පාලන පද්ධති අක්‍රිය කරලා!!! ක්‍රියාත්මක වෙන්නේ පරීක්ශාකරන විටදී පමණයි - අමෙරිකානු පරිසර ආරක්ශක ඒජන්සියෙන් නඩු!!!

මොකක්ද වෙලා තියෙන්නේ?

VW සමාගම, දැඩි වායු විමෝචක නීති තියෙන අමෙරිකාවේ එයාලා 2009 ඉඳන් විකුණපු ඩීසල් කාර් මාදිලි ගණනාවකට, ඒවායේ අපිරිසිදු විමෝචන පාලනය කරන පද්ධතිය සාමාන්‍ය ධාවනයේදී අක්‍රියවන විධියටත්, වාහනය විමෝචන ප්‍රමාණය සඳහා පරීක්ශා කරන අවස්ථාවලදී, එම අවස්ථා හඳුනාගෙන ක්‍රියාත්මක වන ලෙසත්, අනවසර පරිගණක මෘදුකාංගයක් ඇතුලත් කරලා.

මේ මෘදුකාංගය, වාහන සාමාන්‍ය ධාවනයේදී විමෝචන පාලන පද්ධතිය අක්‍රිය කරලා වාහනයේ තවරණය හා ජවය වැඩිවන විධියට සකස් කරනවා. ඒත් එවිට විමෝචන පාලන පද්ධතිය ක්‍රියාත්මක වන අවස්ථාවලට වඩා 40% පමණ නයිට්‍රස් ඔක්සයිඩ් වැනි දූශිත වායු මුදා හැරෙනවා.

එම මෘදුකාංගය හදලා තියෙන්නේ විමෝචනය පරීක්ශාකරණ උපකරණයක් සවිකරහම, එය හඳුනාගෙන විමෝචන පාලන පද්ධතිය ක්‍රියාත්මක කරලා, එය විමෝචන පරීක්ශණයන් (emission test) සමත්වෙන විධියට. සාමාන්‍යයෙන් විමෝව්චන පාලන උපක්‍රම ක්‍රියාත්මක වනවිට වාහනයේ එන්ජිමෙන් ලැබෙන ජවය අඩුවීම සාමාන්‍ය දෙයක්. ඒ අනුව වාහනයේ අඩුවන නිසාවන්නට ඇති වොක්ස්වගන් ඉන්ජිනේරුවන් මෙම මෘදුකාංගය ඇතුලත්කරලා සාමාන්‍ය ධාවනයේදී එම පද්ධතිය ක්‍රියාවිරහිත කරවන්නට සලස්වන්නට ඇත්තේ.

මෙම මෘදුකාංගය, Defeating Devices හෙවත් ආරක්ශණ හෝ පාළන උපක්‍රම හෝ නීති උල්ලංඝණය කිරීමට උපකාරීවන උපක්‍රමයක් ලෙස අමෙරිකානු පරිසර ආරක්ශණ ඒජන්සිය මගින් වර්ගීකරණය කොට ඇති අතරඒ අනුව "අපරාධ නීති සංග්‍රහය - criminal law" යටතේ අපරාධයක් ලෙස හඳුනාගෙන නඩු දමන්නට අමෙරිකානු පරිසරය සුරැකීමේ ඒජන්සිය සූදානම් වනවා.

මෙම මෘදුකාංගය 2009 සිට 2015 දක්වා අමෙරිකාව තුල විකුණූ VW ඩීසල් කාර් 482,000 පමණ අඩංගුකොට ඇති බව පැවසෙන අතර මෙම වාහන සියල්ලම නැවත කැඳවා නොමිලයේ ඒවා නියමිත පරිදි සකස්කරදීමට VW සමාගමට සිදුවනු ඇති. ඒ සඳහා බිලියන ගණනක බරපැණක් අමරිකාව තුල පමණක් VW හට දැරීමට සිදුවන ඇති අතර දැන් යුරෝපයේ හා ආසියාවේද පරිසර ආරක්ශණ ඒජන්සි, එම රටවල විකුණන ලද VW වාහන පිලිබඳ පරීක්ශා කිරීමට පියවර අරගනිමින් ඉන්නවා.

මීට අමතරව අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයද මේ පිලිබඳව පරීක්ශණයක් කිරීමට සැරසෙන අතර අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවද වෙනම පරික්ශණයක් ආරම්භ කොට තිබෙනවා. දැනටමත් VW සමාගමේ කොටස් වටිනාකමෙන් 20%කින්  පමණ කඩාවැටී තිබෙනවා. දැනට වාර්තාවන අන්දමට මෙම නීතිවිරෝධී මෘදුකාංගය සහිතව අමෙරිකාවේ විකුණනලද එක් වාහනයක් සඳහා අමෙරිකානු ඩොලර් 37,500ක දඩයක් ගෙවීමට VW සමාගමට සිදුවිය හැකියි. ඒ අනුව දඩමුදල පමණක් ඩොලර් බිලියන 18ක් වනු ඇතැයි ගණන්බලා තිබෙනවා.

Comments

Post a Comment