ගූගල් ඔබට සුභ උපන්දියක්! Happy Birthday Google!

ගූගල් ඔබට සුභ උපන්දියක් වේවා කියා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. වසර 17ක් මුලුල්ලේ ලෝකවාසී ජනයාට ඔබ නොමිලයේ දෙන සේවාව සැබැවින්ම අමිලයි.

වේගවත් හා නිවැරදි සෙවුම් ප්‍රථිපල, නිදහසේ අදහස් ප්‍රකාශකිරීමට බ්ලොගර්, භාවිතයට ඉතා පහසු ජීමේල් නොමිල සේවාව, ගිගාබයිට් 15 නොමසුරු ගූගල් ඩ්‍රයිව්, මයික්‍රෝසොෆ්ට් ඔෆිස් දඬුඅඬුවෙන් අප ගලවාගෙන නිදහසේ ඕනෑම වේලාවක, ඕනෑම තැනක ඕනෑම පරිගණකයකින් භාවිතාකරන්න පුලුවන් ගූගල් ඩොක්ස්ද අපට ලබාදුන් ඔබ අපගේ කළණ මිතුරෙකි.

ඒවාගේම, ගන්නවා තියා හිතන්නවත් බැරි ගණන්වලට විකුණන අයිෆෝන්, අයිපෑඩ් දිහාබලාගෙන සුසුම් හෙලන්නට ඉඩතිබූ අපට, ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් නිසාවෙන් සාධාරණ මිලකට ස්මාර්ට්ෆෝනයක්, ටැබ්ලට් පරිගණකයක් ගෙන ජීවිතය පහසුකරගන්නට මෙන්ම ඕනෑම තැනක සිට අන්තර්ජාලයේ සැරිසරන්නට, පොත්/සඟරා කියවන්නට ඉඩ ලැබුණි!

ගූගල් කළණ මිතුර, ඔබ චිරාත්කාළයක් වැජබේවා!! 

දියුණුවන ලෝකයේ අපිට, ලොව දකින්නට ඔබ කරනා මෙහෙය අමිලයි! අසමයි! 

ඒ යුගමෙහෙය බෝහෝකල් සිදුකිරීමට ඔබට කළමණාකරණ ශක්තිය හා මූල්‍ය ජවය වැඩිවැඩියෙන් ලැබේවා!!!

Comments


මා ලියන්නට සැළසුම් කරමින් සිටි ලිපිය ඔබ කලින්ම උඩුගන්වා තිබෙනවා. මාත් ඔබ සමග එක්ව ගූගල්ට සුබ උපන්දිනයක් හා දීර්ඝායුෂ පතනවා on ගූගල් ඔබට සුභ උපන්දියක්! Happy Birthday Google!

සුබ උපන් දිනයකට ආසිරි පැතුම් ඇත්තෙන්ම ගූගල්ගේ මෙහෙවර අතිවිශිෂ්ටයි on ගූගල් ඔබට සුභ උපන්දියක්! Happy Birthday Google!

Comments

  1. මා ලියන්නට සැළසුම් කරමින් සිටි ලිපිය ඔබ කලින්ම උඩුගන්වා තිබෙනවා. මාත් ඔබ සමග එක්ව ගූගල්ට සුබ උපන්දිනයක් හා දීර්ඝායුෂ පතනවා

    ReplyDelete
  2. සුබ උපන් දිනයකට ආසිරි පැතුම් ඇත්තෙන්ම ගූගල්ගේ මෙහෙවර අතිවිශිෂ්ටයි

    ReplyDelete

Post a Comment