අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

වසර 1400 පෙර කුරිරුලෙස ඝාතනය කෙරුණු පික්ට් ගෝත්‍රිකයෙකුගේ සැබෑ මුහුණ දැක ගන්න

පික්ට් ගෝත්‍රිකයාගේ ඇටසැකිල්ල හමුවූ ආකාරය


පික්ට්වරු යනු යකඩ යුගයේ අවසානයේ (Late Iron Age) සිට මධ්‍යතන යුගයේ මුල්කාලය (Early Medieval) තුල උතුරුදිග ස්කොට්ලන්තයේ ජීවත්වුනු මානව ගෝත්‍රයකි. පික්ටිෂ් ලෙස හැඳින්වෙන දැන් අභාවයට ගිය භාශාවක් කතාකල මොවුන් බ්‍රිතාන්‍යයේ ආදිතම වැසියන් කොටසකි. අශ්වයින්, බැටළුවන් හා ඌරන් ඇතිකල මොවුන් තිරිඟු, බාර්ලි, රයි හා ඕට්ස් වැනි ධාන්‍ය වගාකරමින් ගම්මානවල ජීවත්වූ මොවුන් උතුරු ස්කොට්ලන්තයේ කුඩා රාජධානි කිහිපයක්ද ඇතිකර ගත්තේය. 

උතුරු බ්‍රිතාන්‍යයේ පික්ට්වරුන් පැතිර සිටි ප්‍රදේශය හා මෙම පුද්ගලයාගේ අස්ථි හමුවූ බ්ලැක් අයිල් ප්‍රදේශය.
රණකාමීන්වූ පික්වරු, ඔවුන් ගැන මතකය ඉතිහාසයෙන් මැකීයන්නට පෙර බ්‍රිතාන්‍යය ආක්‍රමණය කර යටත්කරගෙන සිටි රෝමන් වරුන්හා දරුණු ලෙස සටන් වැදුනු බවට ඉතිහාසයේ සටහන් වනවා.දරුණු ගති පැවතුම් ඇති දරුණු වනචාරී ගොත්‍රයක් ලෙස රෝමන් ඉතිහාසඥයින් විසින් හඳුන්වනු ලැබූ පික්ට්වරුන්ට පින්සිදුවන්නට ස්කොට්ලන්තය ඇතුලත් උතුරු බ්‍රිතාන්‍යය යටත්කර ගැනීමට රෝමන් හමුදාවලට හැකිවුනේ නෑ. පික්ට්වරුන්ට ඒ නම ලබාදුන්නේ රෝමන්වරුන් විසින්. පික්ට් යන රෝමන් වචනයේ තේරුම මුහුණ/ඇඟපත පින්තාරුකරගෙන සිටින්නන් යන්නයි. පික්ට්වරුන් ප්‍රසිද්ධ වන තවත් එක් කරුණක් වන්නේ උතුරු ස්කොට්ලන්තයේ අධික ශීතල දේශගුණයේ වුවද සටන්වදිද්දී සම්පූර්ණයෙන්ම නිරුවතින් යුධබිමට පැමිණ බිහිසුණු ලෙස සටන් කිරීමයි.

පික්ට් රණකාමියෙකුගේ චිත්‍රයක්
කාළයාගේ ඇවෑමෙන් අභාවයට ගිය මෙම ජනගෝත්‍රයේ එක් පුද්ගලයේකුගේ හිස්කබලකින් ඔහු ජීවත්ව සිටියදී කෙසේ සිටින්නට ඇතිදැයි අනුමාන කෙරෙන ආකාරයේ මුහුණු ආකෘතියක් නිර්මාණය කිරීමට ස්කොට්ලන්තයේ ඩන්ඩී විශ්වවිද්‍යාලයේ පර්යේශකයින් සමත්වී තිබෙනවා.


පුරාවිද්‍යාව, අධිකරණ වෛද්‍ය තාක්ෂණය (forensic technology) හා ඩිජිටල් තාක්ෂණය ආධාරයෙන් මෙම පුද්ගලයාගේ හිස්කබලේ හැඩය හා ප්‍රමාණයන් අනුව ඔහුගේ මුහුණේ මාංශපේෂි හා සම තිබෙන ආකාරය විද්‍යාත්මකව ගණන්බලා, ඩිජිටල් ග්‍රැෆික් තාක්ෂණයෙන් එම දත්ත පරිගණකයට කවා එමගින් මෙම රුව නිර්මාණය කොට තිබෙනවා.



__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments