WTF?? : නොදන්න ටකරං ගැන MEME හැදීම


ලංකාවේ හොඳ මීම් කළාවක් ඇත. ඉතාමත් නිර්මාණශීලී, උපහාසාත්මක සිංහල මීම් ෆේස්බුකියේ අනන්තවත් දකින්නට ඇත. සමහර ඒවා අදේශපාලනිකය. සමහර ඒවා දේශපාලනිය. මොනවා වුවත් හොඳින් හිතාබලා, ටක්කෙට හරි තැනට වදින ලෙස නිර්මාණය කරනලද ඒවායින් හොඳ උත්ප්‍රාසයක් මෙන්ම, වැදගත් පණිවුඩයක්ද ලබාදෙයි.

ඒත් දැන් දැන් මීම් කලාවත් බොහෝ දෑමෙන් කැලෑවට යමින් ඇත. අඩුම ගනනේ පොඩි අන්තර්ජාල සෙවුමක් හෝ නොකර මීම් හදන පොලිටිකල් නාම්බන් නිසා දැන් මීම් අපුලවීගෙන යයි. මේ අලුත්ම උදාහරණයයි. මීට පෙර උදාහරණයක් මෙතන ඇත.

ඔස්ට්‍රේලියාව යනු න්‍යෂ්ඨීක බළාගාර, න්‍යෂ්ටික අවි හෝ න්‍යෂ්ඨික වැඩසටහනක් නැති රටකි. එහෙත් ලෝකයේ ලොකුම යුරේනියම් නිෂ්පාදකයෙක් නිසා වෙනත් රටවල න්‍යෂ්ඨික වැඩසටහන් වලට විශාල බලපෑමක් කල හැකි රටකි.

මේ මීම් එක සෑදූ නාම්බා ඒ කිසිවක් නොදන්නේය. උත්ප්‍රාසය එකකි, එහෙත් මඩ ගසන්නට ගොස් නොදැනීම සරම බිම වට්ටා ගැනීම තව එකකි.

Nuclear power in Australia

Australia currently has no nuclear facilities generating electricity. Australia has 33% of the world's uranium deposits and is the world's third largest producer of uranium after Kazakhstan and Canada.

List of states with nuclear weapons



Australia and weapons of mass destruction

Australia does not possess weapons of mass destruction, although it has participated in extensive research into nuclear, biological and chemical weapons in the past.






__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments