EDUCATION : එන්ගලන්තෙ AL රිසල්ට් ඇවිල්ලා. නංගිලා මල්ලිලා සෙට්වෙලා (සමහර අය කට්වෙලා)

හොඳ උසස් පෙල ප්‍රථිපල සතුට සමරන්නට එකතුවුනු පාසැල් මිතුරන්
එක්සත් රාජධානියේ උසස් පෙල ප්‍රතිපල ඊයේ (17 August) නිකුත් වුනා. එහි රජයේ පාසැල් වල සිසුන් උසස් පෙල විභාගයට පෙනී සිටීම සඳහා විභාග මණ්ඩල 7කින් (Examination Boards) එකක් තෝරා ගත හැකි වනවා. මේ විභාග මණ්ඩල 7නම්;

AQA (Assessment and Qualifications Alliance)
CIE (University of Cambridge International Examinations)
CCEA (Council for the Curriculum, Examinations & Assessment)
Edexcel (University of London Exam Council, No owned by Pearson Corp of USA)
ICAAE (International Curriculum and Assessment Agency Examinations)
OCR (Oxford, Cambridge and RSA Examinations)
WJEC (Welsh Joint Education Committee)

මේ විභාග මණ්ඩල 7ටම විශාල විෂයන් ගණනක් සඳහා තම තමන්ගේම විෂය නිර්දේෂ ඇති අතර, එම විෂය නිර්දේෂ සකස් කිරීමේදී එක්සත් රාජධානියේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියාමනයන් හා එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලවල පාඨමාලා සඳහා අවශ්‍ය කුසලතා පිලිබඳව එම විශ්වවිද්‍යාලවලින් ලැබෙන නිර්දේශ සලකා බලනවා.

විශ්වවිද්‍යාල වල Ranking අනුව වෙනස්වන ඇතුලත්වීමේ සුදුසුකම්

විශ්වවිද්‍යාල වලට ඇතුලුවීම සඳහා සුදුසුකම් ලැබීමට තිබිය යුතු ප්‍රථිපල විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට මෙන්ම පාඨමාලාවෙන් පාඨමාලාවට වෙනස් වෙනවා. ඉතා ඉහල ශ්‍රේණිගත කිරීම් වල සිටින විශ්වවිද්‍යාලවල (Higher Ranking) පාඨමාලා වලට ඇතුලත්වීම සඳහා දැඩි ඉල්ලුමක් ඇති බැවින් ඉහල ප්‍රතිපල ලබාගත යුතු වනවා.

වෛද්‍යවීද්‍යාලවලට ඇතුලත්වීමට බලාපොරොත්තුවන සිසු-සිසුවියන්ට අවම A සාමාර්ථ තුනක් තිබිය යුතුවන අතර උසස් පෙලට අමතරව සුදුසුකම් සැපිරීමේ විභාගයකටද පෙනී සිටිය යුතු වනවා. වෛද්‍ය විද්‍යාල 12ක් මේ සුදුසුකම් සැපිරීමේ විභාගය ලෙස UK Clinical Aptitude Test (UKCAT) නිර්දේශ කරන අතර වෛද්‍ය විද්‍යාල 7ක් Bio Medical Admissions Test (BMAT) විභාගය නිර්දේශ කරනවා.

සිසුවාගේ ඉගෙනීමේ කුසලතාව හා අපේක්ෂිත ප්‍රතිපල අනුව ගැලපෙන විශ්වවිද්‍යාල තෝරා ගැනීමේ ක්‍රමවේදය

එක්සත් රාජධානියේ සියලුම විශ්වවිද්‍යාල සඳහා පොදු අයදුම් ක්‍රමයක් බිහිකර තිබෙන අතර University Common Application System හෙවත් UCAS ලෙස හඳුන්වන මෙහි අයදුම් පත් අන්තර්ජාලය ඔස්සේ, තමන් ඉගෙන ගන්නා පාසැල තුලින් යොමුකල යුතුයි. මෙලෙස විශ්වවිද්‍යාල වලට අයදුම් කිරීම උසස් පෙල දෙවන වසරේ පාසැල් පැවැත්වෙන අතරේ සිදුකල යුතු අතර, උසස් පෙල විභාගයට පෙර එම කටයුතු අවසන් කලයුතු වෙනවා. සෑම සිසුවෙකුටම තමන් කැමති විශ්ව විද්‍යාල තුනකට අයදුම් කල හැකියි.

විභාගයටත් පෙර අයදුම් කරන නිසා සිසු සිසුවියන්ට තමාගේ අධ්‍යයන හැකියාවන් වලට අනුව හා ලබාගත හැකිවෙතයි සිතන ප්‍රථිපල වලට අනුව ගැලපෙන විශ්වවිද්‍යාල තෝරා ගත යුතුවනවා. මේ කටයුත්තේදී සිසුනට (හා දෙමව්පියන්ට) මග පෙන්වීමට හා උපදෙස් දීමට පාසැලේ ජ්‍යේශ්ඨ ගුරුවරයෙකු  පත්කොට සිටිනවා. 

තමන්ට නොගැලපෙන තරමේ ඉහල ප්‍රතිපල අවශ්‍ය විශ්වවිද්‍යාල වලට අයදුම් කරන සිසු-සිසුවියන්ට, එම ප්‍රතිපල ලබාගත නොහැකි වුවහොත් විශ්වවිද්‍යාල වරම් අහිමිවීම ඉඩ තිබෙන නිසා හැම සිසුවෙක්ම ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවලට අයදුම් කිරීමේ විසුලු ප්‍රයත්න දකින්නට ඇත්තේ නෑ. තමන්ගේ ඉගැනීමේ හැකියාවට ගැලපෙන උසස්පෙල ප්‍රතිපල ඉල්ලා සිටින විශ්වවිද්‍යාල තුනකට අයදුම් කොට එම ප්‍රතිපල ලබාගැනීමට උත්සහ කිරීම බොහෝ එක්සත් රාජධානි උසස්පෙල සිසුන්ගේ උත්සාහය වනවා.

උසස්පෙලින් පසු ගෙදර බබා නොවී වැඩිහිටියන් මෙන් හැසිරෙන්නට, විනෝද වන්නට අවසර

උසස්පෙලින් වයස 18 සපුරන එක්ස්ත් රාජධානි දරුවන් තවදුරත් ගෙදර බබාලා මෙන් තබා ගැනීමට එරට දෙමව්පියන් මෙන්ම වැඩිහිටි පරම්පරාවද සූදානම් නෑ. වගකීම් සහිත වැඩිහිටියන් ලෙසයි ඔවුන් සැලකෙන්නේ. බහුතරයක් මේ නිදහස වගකීමෙන් බුක්ති විඳන අතර සුලුතරයක් මත්පැන්, මත්ද්‍රව්‍ය, අනවශ්‍ය ගැබ් ගැනීම්, නීති විරෝධී කටයුතු ආදී සමාජ උවදුරුවල ගොදුරු බවට පත්වෙනවා.

ඊයේ රාත්‍රී සමාජශාලා හා අවන්හල් වෙත රොක්වුනු උසස්පෙල ප්‍රතිපල ලාභීන් සිය ජය පරාජය සැමරූ අයුරු, පුවත්පත් වල සටහන්වූයේ මෙසේයි.



දුව - අම්මේ!!! මං පාස්!! 
අම්මා
- ඇත්තද?... හරි ශෝක්...හැබැයි දුවට ටිකක් වැඩියි වගේ නේද?
සතුට(ට) වැඩි වෙච්චි තවත් යූ.කේ නංගියෙක්
මෙයා දැන් ඩොක්ට!!

පංතියේ පිස්සියෝ සෙට් එකටත් රිසල්ට් ඇවිල්ලා....... බඩු බනිස් වගේ!
මේ පිස්සියෝ නම් ගොඩ වගේ....
කැම්පස් ගිහිල්ල ෆැෂන් ඩිසයිනින් කරන්න ඉන්න කට්ටිය.....
පව් නංගියා අඬනවා....කඳුලු පිහපන් කොල්ලො බලන් ඉන්නෙ නැතුව... ලංකාවෙ එකෙක් ඔතන හිටියනං...
දුකට සැපට දෙකටම යාළුවෝ....
රිසල්ට් අවුල් වුනාට කමක් නෑ......පීසා කෑල්ලක් කාලා..... අයින් වෙලා පයින් යමු පුතී...










__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments