සංවර්ධිත රාජ්‍ය අතරින් ජාතික අභ්‍යවකාශ ආයතනයක් නොමැති රටවල් පැවතියේ දෙකක් පමණි. ඒ අයිස්ලන්තය හා ඕස්ට්‍රේලියාවයි. පසුගිය සඳුදා (සැප්.25) ඔස්ට්‍රේලියාවේ පැවැත්වුනු 68 වැනි අන්තර්ජාතික ගගනවිද්‍යා කොන්ග්‍රස් සමුළු රැස්වීම ඇමතූ ඔස්ට්‍රේලියානු අධ්‍යාපන ඇමති සයිමන් බර්මින්හැම්, ජාතික අභ්‍යවකාශ ආයතනයක් බිහිකිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කොට ඇති බව නිළවශයෙන් ප්‍රකාශකලා.
ජාතික අභ්‍යවකාශ ඒජන්සියක් නිළවශයෙන් බිහිකර ගන්නේ මේ වසරේ වුවත්, ඔස්ට්‍රේලියාව සිය භූමියෙන් ගුවන්ගත කල පලමු චන්ද්‍රිකාව ගුවන්ගත කලේ 1967 තරම් ඈතකදී. ආරක්ෂක කටයුතු සඳහා ගුවන්ගත කල මෙම චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ගුවන්ගත කරනු ලැබූවේ රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන්හමුදාවට අයත් දකුණු ඔස්ට්‍රේලියාවේ වූමෙරා අභ්‍යවකාශ හා ගගනවිද්‍යා පර්යේෂණ සංකීර්ණයේ සිටයි.
වර්ගකිලෝමීටර් 47,000ක් පුරා පැතිර පවතින විශාල සංකීර්ණයක් වන වූමෙරා අභ්‍යවකාශ සංකීර්ණයේ මෙහෙයුම් දෙවන ලෝක යුධ සමයේ ආරම්භවූ අතර හිට්ලර්ගෙන් අල්ලාගත් V1 හා V2 රොකට්ටු මෙහිදී අත්හදා බැලුවේ බ්‍රිතාන්‍ය-ඔස්ට්‍රේලියානු සාමූහික ව්‍යාපෘතියක් ලෙසයි.
කලක් තිස්සේම ඔස්ට්‍රේලියානු අභ්‍යවකාශ ඒජන්සියක අවශ්‍යතාවය ඔස්ට්‍රේලියානු ගගනවිද්‍යා තාක්ෂණ සමාගම් හා පර්යේෂකයින් පෙන්වා දුන්නද ඔස්ට්‍රේලියානු රජය ඒ පිලිබඳව සැළකිල්ලක් දැක්වූවේ නෑ. එහෙත් නවසීලන්තය 2016දී ජාතික අභ්‍යවකාශ ආයතනයක් පිහිටුවා ගෙන කුඩා චන්ද්‍රිකා අභ්‍යවකාශයට ගෙනයාමට සැළසුම් කරන රොකට් ලැබ් නම් සමාගමක් ආර්ක්ෂණය කරගැනීමට සමත්වීමත් සමග ඔස්ට්‍රේලියානු රජය නින්දෙන් ඇහැරී ඇති බව ඔස්ට්‍රේලියානු පර්යේෂකයින් පවසනවා. නව්සීලන්ත අභ්‍යවකාශ ඒජන්සියේ පූර්ණ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන රොකට් ලැබ් සමාගම සාර්ථකව සිය චන්ද්‍රිකා ගුවන්ගත කරන රොකට්ටු අත්හදාබලමින් සිටිනවා.
ඔස්ට්‍රේලියානු අභ්‍යවකාශ ආයතනය් පිහිටුවීමත් සමගම එයට ISS අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් සිදුකරන රටවල් සමූහයට නිළ වශයෙන් එකතුවීමේ අවස්ථාව උදාවන අතර ඒ අනුව ඉදිරියේදී ඔස්ට්‍රේලියානු අභ්‍යවකාශගාමීන්ටද ISS අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පර්යේෂණ සිදුකිරීමට අවස්ථාව උදාවනවා.
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment