<> කෙනඩි ඝාතනයට මාස දෙකකට පෙර ඔස්වල්ඩ් මෙක්සිකෝවට ගියේ ඇයි? කේ.ජී.බී ඔත්තු සේවයේ ඝාතන සිදුකිරීමට කුප්‍රකට "13වැනි දෙපාර්තමේන්තුවේ" ඒජන්තයෙකු හමුවුනාද?
<> තනි මිනිහෙකුට ඇමරිකන් ජනාධිපති මරන්න ලැබෙන්න තරම් ඇමරිකන් ආරක්ෂක අංශ දුර්වල නෑ, ඔය වැඩේ ලොකු කුමණ්ත්‍රණයක් වෙන්නම ඕනෑ - සෝවියට් නායක නිකිටා කෘෂ්චෙෆ්
<> ඔස්වල්ව අත් අඩංගුවට ගන්නට ගොස් වෙඩිකෑ ඩලාස් පොලීසියේ ඔෆිසර් ටිපිට් කෙනඩිගේ නියම මිනීමරුවාද? නැතිනම් කෙනඩි මැරූ ඔස්වල්ඩ්ව මරන්නට කුමණ්ත්‍රණකරුවන් යෙදවූ ඉත්තාද? මරන්න කලින් ඔස්වල්ඩ් ඉස්සරවුනාද?
<> "තව ටිකකින් ලොකු නිව්ස් එකක් දැනගන්න ඇමරිකන් ඇම්බසිය අමතන්න ...!!" කියලා කෙනඩිට වෙඩි තියන්න විනාඩි විසිපහකට ඉස්සෙල්ලා ලන්ඩන් පත්තර කන්තෝරුවකට ලැබුණු අභිරහස් ඇමතුම දුන්නේ කවුද?
<> කෙනඩි මරන්න සතියකට කලින් ඔස්වල්ඩ් හා ටිපිට් ජැක් රූබිව හමුවෙන්න ගිය බවට සාක්කි. තුන්දෙනාම අන්ත දක්ෂිණාංශික "ජෝන් බර්ච් සමාජයේ" සාමාජිකයින් බව හෙලිවලා. ඔස්වල්ඩ් ටිපිට්ව මැරුවා, ජැක් රූබි ඔස්වල්ඩ්ව මැරුවා. රූබි පිලිකාවකින් මැරුනා.
![]() |
ජනාධිපති ජෝන් කෙනඩි දුරසිට වෙඩිතබා මරාදැමූ බවට චෝදනා ලැබූ ලී හාවි ඔස්වල්ඩ් අත් අඩංගුවට පත්වීමෙන් පසු...1963 නොවැම්බර් 22 |
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයෙන් ජෝන් එෆ් කෙනඩිගේ අභිරහස් ඝාතනයට අදාල මෙතෙක් කල් රාජ්‍ය රහස් යටතේ ආරක්ෂාකර තිබූ වාර්තා 2800ක් ඊයේ අන්තර්ජාලයට එක්වුනා. එහෙත් තවත් ලිපිගොනු ගණනාවක් මාස හයක් යනතෙක් ආරක්ෂිතව තැබීමට සිදුවන බව ට්‍රම්ප් පවසා සිටියා. සී.අයි.ඒ හා එෆ්.බි.අයි ආයතනවල ඉල්ලීම මත එසේ කල බවත්, මේ මාස හය තුල එම ලිපිගොනු පිරික්සා ඒවාවල ඇති, තවමත් ඇමරිකන් රාජ්‍ය ආරක්ෂාවට අණතුරුදායක තොරතුරු කපා හැරීමට ඔවුන්ට නියෝගකල බවත්, ඉන්පසු එම ලිපිගොනුද ඇමරිකන් ජනතාව වෙත නිකුත්කරන බව ට්‍රම්ප් පැවසුවා.
නිකුත්කොට ඇති ලිපිගොනු වලින් හෙලිවන අපූරු තොරතුරු
1] සෝවියට් දේශය දැඩි භීතියට
කෙනඩි ඝාතනය තමන් පිට පැටවෙතැයි සෝවියට් රජය දැඩිලෙස බියපත්වී සිටි බව හෙලිවී තිබෙනවා. ලී හාවි ඔස්වල්ඩ් වසර ගණනාවක් ඇමරිකන් පුරවැසිභාවය අතහැර සෝවියට් රුසියාවේ ජීවත්වී, එහිදී රුසියන් කාන්තාවක් හා විවාහවී තිබෙනවා. මේ නිසා කෙනඩි මැරවීමට ඔස්වල්ඩ් පෙලබූ බවට සැකසිතී ඇමරිකාව තමන්ට න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ලකරතැයි ඔවුන් බියපත්වී ඇමරිකන් පරීක්ෂණවලට සියලු සහය ලබාදීමට තීරණය කොට තිබෙනවා.
2] සැකය ඩලාස් නගරයේ පොලීසියවෙත එල්ලවී තිබුණා.
කෙනඩි ඝාතනය කලේ ලී හාවී ඔස්වල්ඩ් බව නිල පිලිගැනීම වුනත් මේ ඝාතනයට ඩලාස් නගර පොලීසිය සම්බන්ධවී ඇති බවට දැඩි සැක පැවතී තිබෙනවා. එමෙන්ම සෝවියට් කේ.ජී.බී ඔත්තුසේවයද එලෙස වාර්තාකොට තිබෙනවා.
3] කේ.ජී.බී සැකය කෙනඩිගේම උප-ජනාධිපති ලින්ඩන් ජොන්සන් වෙතත්
මෙම ඝාතනය ගැන කෙනඩිගේ උප ජනාධිපති ලින්ඩන් බී ජොන්සන් දැනසිටි බව හෝ, ඔහුගේ උවමනාවට සිදුවූ එකක් බව කේ.ජී.බී ඔත්තු සේවය විශ්වාස කොට තිබෙන බව සෝවියට් දේශයේ ක්‍රියාත්මකවූ ඇමරිකන් ඔත්තු කරුවන් වාර්තාකොට තිබෙනවා.
4] අන්ත දක්ෂිණාශික කෙනඩි විරෝධීන් ඝාතනය සිදුකරන්නට ඇති.
සෝවියට් කොමියුනිස්ට් පක්ෂය විශ්වාස කල පරිදි මේ ඝාතනය පිටුපස ලින්ඩන් ජොන්සන් සිටි අතර ඔහුට පක්ෂපාත අන්ත දක්ෂිණාංශිකයින් මෙය සිදුකොට තිබෙනවා. ඩලාස් පොලීසියද මෙයට සහයදී තිබෙන අතර ඒ සියල්ල ඉතා සූක්ෂ්ම ලෙස යටගසා තිබෙනවා.
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment