සුරෝෂණ ඉරංග විසින් පවත්වාගෙන යන iranga.net බ්ලොග් අඩවියේ ඔහු විසින්ම පලකල "රැකියා නොමැතිව පීඩා විඳින උපාධිදාරීන්ගේ ඛේදවාචකය " ලිපියේ ඇති ඇතැම් කරුණු පිලිබඳ මාගේ පෞද්ගලික අදහස් කිහිපයක් ගෙනහැර දක්වන්නට සිතුනා. මාගේ පෞද්ගලික මතයන් වුවත් මේවා හුදෙක් හිතලූ මනෝමයන් නොව;
වසර 20කට අධික කාළයක් පෞද්ගලික අංශයේ රැකියාව කරමින් ලැබූ අත්දැකීම්ද,
අංශ ප්‍රධානියෙකු ලෙස උපාධිධාරීන් සියගණනක් සම්මුඛ පරීක්ෂණවලට බඳුන්කොට ඇති අත්දැකීම්ද,
එමෙන්ම දැනටත් මාගේ ආයතනයේ පීඨාධිපතිවරයෙකු වශයෙන් රජයේ විශ්වවිද්‍යාල උපාධිධාරීන් ගණනාවකගේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමෙන් ලැබූ පන්නරය
යනාදිය සමග බිහිවූ අත්දැකීම් මූලාශ්‍රකරගෙන බිහිකොට ඇති බව කියයුතුයි.
ඉරංගගේ ප්‍රධාන ලිපියෙන්, ඔහු තැබූ කොමෙන්ටු හා මුහුණු පොතෙහි මේ ලිපිය සම්බන්ධයන් ඉරංග පලකොට ඇති ඌණපූරණ සටහනේ ඇති කරුණුද උපුටාගෙන ඇති අතර මාගේ අවධානයට බඳුන්වන එම උපුටාගත් කරුණු පහත දක්වා ඇත. එම කරුණු පිලිබඳව මාගේ අදහස නිල් පැහැ අකුරුවලින් දක්වා ඇත.
1] උපාධිධාරීන්ට රැකියා නැතිවීම සැබවින්ම අද දුක්ඛදායී තත්ත්වයකි. මේ ප්‍රශ්නය දෙස අපහාසයෙන් බලා “රජයෙන් දෙනකල් බලානොසිට තමන්ගේම පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න. පුද්ගලික රැකියාවකට යන්න. නාහෙන් අඩන්නැතිව අධිතක්සේරැව පැත්තකට දාලා කම්පැණි එකක පොඩි තැනේ ඉදන් ඉහලට යන්න” යනුවෙන් පොර ටෝක් දෙන කට්ටියගෙන්නම් අඩුවක් නැත.
පලමුවෙන්ම කිවයුත්තේ රැකියා නොමැති උපාධිධාරීන් යනු, මේ රටේ ජාතික විශ්වවිද්‍යාලවලින් බිහිවෙන මුළු උපාධිධාරී අතරින් කොටසක් මිස මුලු මහත් උපාධිධාරී සමූහයම නොවන බවයි.
මේ විරහිත කුළකයේ වැඩි දෙනෙකු රජයේ රැකියා බලාපොරොත්තුවේ. එය නොරහසකි. තමන්ට රජයේ රැකියාවක් උරුමවිය යුතු බව රජයේ විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගේ ඇටමිදුලු වලටම කිඳාබැස ඇති මතයකි. ලක්ෂ 220ක ජනකායකගේ සේවා ඉටුකිරීමට සිටිය යුත්තේ රජයේ සේවකයින් ලක්ෂ 7.5ක් පමණ වුවද දැනටත් 1,117,808** රජයේ සේවයේ නිරතවේ. ආරක්ෂක හමුදා සේවාද එකතුකල විට මෙය ලක්ෂ 14ද ඉක්මවනු ඇත.
ඒ ගොඩට කෙසේ හෝ තවත් ලක්ෂයක් දෙකක් එකතුකල යුතුද? එයින් පොදු මහජනයාට ලැබෙන ඵලය කුමක්ද? ලේඛකයා පොර ටෝක් දමනවා යයි මැසිවිලි නගන මිනිස්සුන්ගේ තර්කය මෙයයි.
** 2016 ජනසංඛ්‍යා ලේඛන වාර්තා
හෝඩියේ සිට උපාධිය දක්වාම උගන්වන්නට බරපැන දරන්නේ දෙසීයේ කෑල්ලට පෙට්‍රෝල් ගහගෙන දුවන ත්‍රීවීලර් ඩ්‍රයිවර්ලා, ෆැක්ටරිවල දුක්විඳින කෙල්ලන්, දවසම හිටගෙන කැෂියර් එකේ වැඩකරන කාගිල්ස් කෙල්ලන් වැනි දහසකුත් එකක් වැඩ කරන මිනිසුන් බව රැකියා විරහිත උපාධිධාරී බහුශ්‍රැතයින් තේරුම්ගත යුතුය.
නුඹලා තරම් බ්‍රයිටන් නොවුවද ඔවුන් මේ රටේ දල ජාතික නිෂ්පාදනයට කරගසමින් රට ගොඩ දමන්නට වෙහෙසෙයි. දරුවන්ද හදමින්, ඔවුනටද උගන්වමින්, ටියුෂන් යවමින්, දහදුක් විඳිමින් මේ මිනිසුන් කරන්නේ මොනතරම් කරවැන්නක්ද? අපේ ජාතික ඒකපුද්ගල ආදායම ඩොලර් අහවල් ගාණකට නැගලා යයි පුහු දේශපාලකයින්ට උදම් අනන්නට හැකිවී ඇත්තේ ඒ දල ජාතික නිෂ්පාදනයට දායක වන මේ මිනිසුන්ගේ ගැහැණුන්ගේ දාඩිය මාන්සිය නිසාය.
නුඹලා ඔය පොර ටෝක් දෙනවා යයි අපහාස කරන්නේ මේ මිනිස්සුන්ටය. ඔවුනට නොකියා කියන්නේ උඹලා අපිව කැම්පස් එකෙන් එලියට එනකම් ඉගැන්නුවානම් දැන් ඉතින් මැරෙනකන් අපිට පඩිකන රස්සාවකුත් ආණ්ඩුවෙන්ම දීලා ඒකටත් ගෙවපල්ලා කියන එකය.

2] ඕනෑම ක්ෂේත්‍රයකට කිසිම දෙයක් නොදැන පිවිසෙන කෙනෙක් අදාළ ක්ෂේත්‍රයේ පහළම රැකියාවකින් තම රැකියා ජීවිතය ආරම්භ කළත් අදාළ ක්ෂේත්‍රයට සම්බන්ධ උපාධියක් ලබාගෙන ක්ෂේත්‍රයට පිවිසෙන පුද්ගලයෙක් පහළම තැනින් තම රැකියා ජීවිතය පටන් ගත යුතු නැහැ. යම් ක්ෂේත්‍රයක විශේෂවේදී උපාධියක්, අදාළ ක්ෂේත්‍රයේ වසර 12 ක විධායක මට්ටමේ අත්දැකීම්වලට සමාන ලෙස සලකනවා. ඉතින් උපාධීදාරීන්ට ලැබිය යුතු රැකියාවක මට්ටම දැන් බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නා මට්ටමට වඩා ඉහළින් පවතින්නක් බව පැවසිය යුතුයි.
ඔබ මේ කියන්නේ සැබැවින්ම සිනාසෙන ගමන් අඬන්නට හිතෙන කතාවකි.
අපි සරල උදාහරණයකින් පටන් ගනිමු. කැළණිය විශ්වවිද්‍යාලය ලංකාවේ හොඳම මාකටින් (අලෙවිකරණ) උපාධි පාඨමාළාවක් ඇති විශ්වවිද්‍යාලයකි. කැළණිය කැම්පස් එකේ මාකටින් උපාධිධාරියෙකු ගනිමු. දැන් ඔබගේ තර්කයේ හැටියට මේ උපාධිධාරියාට වසර 12ක විධායක මට්ටමේ ඇත්දැකීම් ඇතැයි උපකල්පණය කර ජොබක් දිය යුතුය. ඒ කියන්නේ කැම්පස් අවුට් වුනු ගමන් මාකටින් මැනේජර් හෝ සේල්ස් මැනේජර් කෙනෙක් වීමට මේ උපාධිධාරියා සුදුසුකම් සපුරා ඇති බවය.
මේ මාකටින් උපාධිධාරියාට සේල්ස් මැනේජර් ජොබ් එක දුන්නා යයි සිතමු. දැන් මෙයාට මැනේජ් කරන්නට තියෙන්නේ රටපුරා විහිදුනු අලෙවි නිළධාරීන් හා බෙදාහරින්නන් ජාලයකි. බයික්වල, වෑන් වල, ලොරිවල නැගගෙන රටපුරා දුවන කොල්ලන් තිහක් හතලික් වගේම පලාත් නවයේම බඩු බෙදාහරින ඩිස්ට්‍රිබියුටර්ලා දහයක් දොලහක් පාලනය කරන්නට, ඔවුන්ගේ ගැටලු විසඳන්නට, මෝටිවේට් කර සේල්ස් ටාගට් ගහන්නට මෙයාට හැකියාව තිබිය යුතුය.
ජීවිතේ කිසිම දවසක කස්ටමර් කෙනෙක් හමුවී බඩුවක් විකුණා පල පුරුද්දක් නැති මේ උපාධිධාරී තරුණයා කොහොම මේ ජොබ් එක කරන්නද?
ඩිග්‍රියක් තියාගෙන බඩු විකුණන්නේ මොටදැයි මෝඩ ප්‍රශ්ණ අසන්නට එපා යයි කරුණාවෙන් ඉල්ලන්නේ කස්ටමර් කෙනෙක් හමුවී බඩුවක් විකුණාගන්නට බැරි එකාට කස්ටමර්ලා හමුවී බඩු විකුණන සේල්ස් රෙප්ලා දුසිම් දෙක තුනක් මැනේජ් කරන්නට කොහොමටවත් බැරි බව ඔබට නොතේරුනත් අපට තේරෙන බැවිනි.
ඩිග්‍රියක් නොව මාස්ටර්ස් ඩිග්‍රියක් තිබුණද පහල සිට පටන්ගත යුතුයයි කියන්නේ එබැවිනි. පහලින් පටන් ගත්තාට හැමදාම පහල සිටින්නට අවශ්‍ය නැත. ඩිග්‍රිය තිබෙන නිසා ඉක්මණින් ඉහලට යන්නට පුලුවන. එහෙත් වැඩ පෙන්විය යුතුය. ෆිලිප් කොට්ලර්ගේ මාකටින් මැනේජ්මන්ට් පොතම කටපාඩම් වුනත් ෆීල්ඩ් එකේ ෆේල් වුනොත් වැඩක් නැත. එහෙම අය අන්තිමට ඔලෙවල් පාස් සේල්ස් රෙප්ලාටත් ජෝක් එකක්වී අඬාගෙන ගෙදර නවතිනු ඇත.
මා මේ ලබාදුන් උදාහරණය මාකටින් නොව ඕනෑම කර්මාණ්තයකට පොදුය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එකවුන්ටින් ඇන්ඩ් ෆයිනෑන්ස් ඩිග්‍රිය තියෙන නවක උපාධිධාරියෙක් බැංකුවකට රැකියාවකට ගියොත් එයාට හම්බෙන්නේ බෑන්ක් මැනේජර් පුටුව, ඇසිස්ටන් මැනේජර් පුටුවක් හෝ ඔෆිසර් පුටුව නොව සල්ලි ගණින ටෙලර්ගේ පුටුවයි. නැතිනම් අලුත් ගිණුම් විවෘත කරන්නට එන අයගේ ෆෝම් වල අඩුපාඩු චෙක් කරන ස්ටාෆ් ඇසිස්ටන්ට්/බෑන්කින් ඇසිස්ටන්ට් පුටුවයි. අද මැනේජර් පුටුවේ ඉන්න මිනිස්සු/ගැහැණු අවුරුදු 7-8කට නැතිනම් 10කට පෙර ටෙලර් පුටුවේ කටුකා බැංකුවේ රස්සාව පටන්ගෙන පහල සිට ඉහලට හැම ජොබ් එකක්ම හරියට කර පන්නරය හා අත්දැකීම් ගත් මිනිස්සුන්ය. ඒ බෑංක් මැනේජර්ලා බොහෝ දෙනෙකු උපාධිධාරීන්ය, නැතිනම් උපාධියකට සමාන බැංකු ක්ෂේස්ත්‍රයේ වෘත්තීය සුදුසුකම් ලබා ඇත. සමහර අයට ඒ සුදුසුකම් දෙකම ඇත.
මොරටුවේ සිවිල් ඉන්ජිනියරින් උපාධිය ගත් කොළුවාට/කෙළීට බිල්ඩිමක් හදන්න බාර දෙන්නේ නැත. එයාට දෙන්නේ අත්දැකීම් ඇති ඉන්ජිනේරුවෙකු යටතේ සුළු සුළු වගකීම්ය. ටිකෙන් ටික පන්නරය ලැබූ විට ඔහු/ඇයට වැඩි වගකීම් ලැබෙන ඇත.
සොෆ්ට්වෙයාර් කර්මාණ්තය ගත්තත් එහෙමය. සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් ඩිග්‍රිය ගත්වහාම ටීම් ලීඩර් වෙන්නේ නැත, ප්‍රොඩක්ට් මැනේජර්, කිව්.ඒ මැනේජර්, ටෙස්ටින් මැනේජර් වෙන්නේ නැත. ඉස්සෙල්ලාම ඩිවෙලොපර් ටීම් එකක පොඩි පොඩි කෝඩින් වැඩ කරලා පටන් ගත යුතුය. ඒවා හරියට කරනවිට ටිකෙන් ටික වගකීම් වැඩිවෙනු ඇත. ඊට අනුරූපව පඩි හා පහසුකම්ද වැඩිවනු ඇත.
කොටින්ම නුඹලා උපාධිගත් රජයේ විශ්වවිද්‍යාලවලත් එසේමය. ගෝල්ඩ් මෙඩල් ගසා, ඩීන්ස් ලිස්ට් එකේ හැමදෑම පදිංචිවී සිට බැච් ටොප් වුනු උපාධිධාරියාව බඳවා ගන්නේ පහලම ශ්‍රේණියේ ඇසිස්ටන් ලෙක්චරර් විධියට මිස හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට් විධියට නොවේ. ආණ්ඩුවෙත් එහෙමනම් ප්‍රයිවෙට් සෙක්ටර් එකේ මිනිස්සු උපාධිධාරියෙක් රස්සාවක් ඉල්ලූ පමණින් ලොකු ලොකු පුටු දිය යුතුද?
පෞද්ගලික අංශය තිබෙන්නේ ලාභ ලබන්නට මිස රස්සා මවන්නට නොවේ.
ඒ නිසා කරුණාකර "යම් ක්ෂේත්‍රයක විශේෂවේදී උපාධියක්, අදාළ ක්ෂේත්‍රයේ වසර 12 ක විධායක මට්ටමේ අත්දැකීම්වලට සමාන ලෙස සලකනවා....." වගේ කතා කියමින් අපව හිනාවී මැරෙන්නට සලස්වන්නට එපා යයි ඉල්ලා සිටින්නට කැමතියි.
2] ඇතැම් ආයතනවල රැකියා සඳහා ඉල්ලුම් කළ විට අදාළ ආයතනවල ප්‍රධානීන් ඇතුළු සේවකයින් උපාධිදාරීන් නොවීම හේතුවෙන් උපාධිදාරීයෙකු එම ආයතනවල රැකියාවකට බඳවා ගැනීමෙන් වැළකී සිටීමට ඇතැම් ආයතන ප්‍රධානීන් කටයුතු කර තිබුණි.

ඉදිරිපත් කරන අදහසේ යම් ඇත්තක් තියෙන්නට පුලුවන. අඩු කොලිෆිකේෂන් වලින්, එක්ස්පීරියන්ස් හරහා උඩට නැගි අය, කොලිෆයිඩ් කොල්ලන් කෙල්ලන්ට ඊර්ෂ්‍යාකරමින් උන්ව කපාදමන්නට උත්සහ කරනු ඇත. එහෙත් එවැනිදෑ සිදුවන සමාගම් සැබැවින්ම රැකියාවන් කිරීමට සුදුසු සමාගම්දැයි සළකාබැලිය යුතුය.
කළමණාකරුවන්ට, ඉහල නිළධාරීන්ට සිය පෞද්ගලික කුඩුකේඩුකම් රැකියාවේ තීන්දු තුලින් පිරිමසාගැනීමට ඉඩඇති සමාගම් බහිනකලාවේ සමාගම් මිස නගිනකලාවේ සමාගම් නොවේ. මේ සමාගම් තුල බොහෝ අභ්‍යන්තර ඝට්ටන පවතින අතර හීනමානයෙන් යුතු මැනේජර්ලා එකිනෙකා කපා ගනිමින් ආයතනය වලපල්ලට යවයි.
එවැනි සමාගම් බොහෝ නැතත් සැළකිය යුතු ප්‍රමාණයක් ඇත. මාද එවැනි සමාගම්වල රැකියාවලට ගොස් මාස කිහිපයකින් ඒ රැකියා අතහැර දමා වෙනත් රැකියාවන්ට ගොස් ඇත. මේ කියන්නේ මීට වසර ගණනාවකට පෙර අත්දැකීම් වුවත්, ඒ සමාගම් වල අද තත්වය වුව බොහෝ ඛේදනීයය. සමහර සමාගම් වැසීගොස් ඇති අතර, තවත් ඒවා පවතින්නේ මළ/නොමළ සොම්බී තත්වයෙනි.
මේ නිසා එවැනි සමාගම් වල රැකියා නොලැබීම ගැන දුක් නොවන්න. උපාධිධාරීන් ගොඩවිය යුත්තේ බහිනකලාවේ කුණුගොඩවල්වලට නොව දියුණුවන සමාගම්වලටය.
3] ඇතැම් ආයතනවල හෝ ආයතනයේ කිසියම් අංශයක ප්‍රධානියා උපාධිදාරියෙකු වුවත් සරසවි තුළින් පිටවන ඇතැම් උපාධිදාරීන් උපාධියත් සමඟ අදාළ උපාධියේ වටිනාකම තව දුරටත් ඔප් නැංවෙන වෙනත් සුදුසුකම් සහිත වූයේ නම් අදාළ අංශ ප්‍රධානියා වෙතින් එවැනි උපාධිදාරීන්ට හිමිවන්නේ ද නොසැලකිල්ලකි.
තුන්වැනි කරුණ පිලිගත නොහැකිය. එයට හේතුව ලංකාවෙ උපාධිධාරීන් මෙන්ම උසස් අධ්‍යාපනය හදාරණ කුළකයේ එක්තරා ප්‍රතිශතයකට ඇති කොලිෆිකේෂන් එකතු කිරීමේ පිස්සුවයි. අපි මෙවැන්නන්ට කියන්නේ "කොලිෆිකේෂන් කලෙක්ටර්ස්" කියලායි.
මා දන්නා එක් තරුණියක් රජයේ විශ්වවිද්‍යාලයක උපාධියට අමතරව තවත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සති අන්ත උපාධියක් හදාරයි. මොන කෙහෙල්මලකට එසේ කරනවාදැයි කියන්නට ඇයටද හැකියාවක් නැත. ආණ්ඩුවේ එකට තේරුනු නිසා ඒක කරයි. අනෙක කරන්නේ ඩිග්‍රිය එන්නේ එන්ගලන්තෙන් නිසාය.
රැකියා සම්මුඛ පරීක්ෂණයේදී "ඔබ විශ්වවිද්‍යාල දෙකකින් උපාධි දෙකක් හැදෑරුවේ ඇයි?" යනුවෙන් පැනයක් නැගෙනු අනිවාර්යය. එහෙත් පිලිගත හැකි පිලිතුරක් ඇයට දිය හැකිද? ආණ්ඩුවේ ඩිග්‍රිය ශුවර් නැතිනිසා මේකත් කලා කියන්නද? එසේනම් මහජන මුදල් කාබාසිනියා නොකොට ආණ්ඩුවේ විශ්වවිද්‍යාලයට නොගොස් වෙනත් දරුවෙකුට ඒ අවස්ථාව ගන්නට නොදුන්නේ මන්දැයි යන්නට උත්තරයක් ඇයට තිබේද?
මේ කොලිෆිකේෂන් මේනියාව කොතරම් ඔඩුදුවා ඇතිද යත් යත් මානව සම්පත් උපාධි කරන්නන් HR Institute එකේ HRM ඩිප්ලෝමාද හදාරති. දෙකේම උගන්වන්නේ එකම සිද්ධාන්තය. එහෙත් ඔවුන් සිතන්නේ HRM Degree සමග HRM Diploma තිබීමෙන් තමන් වැඩි සුදුසුකම් ඇත්තන් හා සම්මුඛ පරීක්ෂණවලදී අන් අයට වඩා කැපී පෙනෙනු ඇති බවයි. මෙය සම්පූර්ණයෙන් සාවද්‍ය නිගමයකි. එය ඩිග්‍රිය කරන අතරම ආයෙත් උසස් පෙල කිරීම තරම්ම පල රහිත දෙයකි.
තවත් සමහරුන් එකිනෙකට නොගැලපෙන වෘත්තීය සුදුසුකම් කිහිපයක් සිය උපාධිය සමග එකතුකරගෙන සිටී. මාකටින් ස්පෙෂල් උපාධිය සමගම CIMA ද කොලිෆයිඩ් වී ඉන් නොනැවතී SLIM ඩිප්ලෝමාවද කරයි. නැතිනම් AAT හෝ Chartered Accounting කරයි. මෙවැනි සහතික ගොන්නක් කරපින්නාගෙන එන කෙනෙකුට දිය යුත්තේ මාකටිං රස්සාවක්ද? නැතිනම් ස්ට්‍රැටෙජික් ප්ලෑනින් එකේ රස්සාවක්ද නැතිනම් එකවුන්ට්ස් ඩිපාට්මන්ට් එකේ රස්සාවක්ද?
ඔහුගේ/ඇයගේ සහජ හැකියාව, ආශාව, නිපුනත්වය ඇත්තේ කොතැනකද? ආයතනයක බඳවාගන්නා නිළධාරියෙකු එය සොයා ගන්නේ කෙලෙසද? හැම පැත්තෙන්ම කොලිෆිකේෂන් තියෙන නිසා ඕනෑම රස්සාවක් කරන්න පුලුවන් යයි අධිමානයක්ද මෙවැනි කොලිෆිකේෂන්-කලෙක්ටර්ස් ලා අතර තිබේ.
ඔවුන් වැටුප් ඉල්ලීමේදීත් තනතුරට ගැලපෙන පඩියක් ඉල්ලීමට වඩා තමන්ට ඇති කොලිෆිකේෂන් සියල්ලම සලකා ඉහල පඩි ඉල්ලයි. එම කොලිෆිකේෂන් අයදුම් කල රැකියාවට ගැලපීම/නොගැලපීම මොවුන් සලකන්නේ නැති බව මගේ අත්දැකීමයි.
යම් ක්ෂේස්ත්‍රයක උපාධියක් ඇතිනම්, එයට සමාන්තර හෝ සම්බන්ධයක් නැති වෙනත් ඩිප්ලෝමා එකතුකර ගැනීම උපාධියේ වටිනාකම තව දුරටත් ඔප් නැංවෙන වැඩක් නොව, තේරුමක් නැති කාළය, මුදල් හා ශ්‍රම නාස්තියකි. එලෙස උපාධියේ වටිනාකම වැඩිවීමට නම් එකතුකරගත යුත්තේ උපාධියේ ක්ෂේස්ත්‍රයට සමගාමී, එහෙත් උපාධියේ විෂය නිර්දේශයෙන් එතරම් ආවරණය නොවූ, රැකියාවකදී ආයතනයට වැඩි අගයක් (higher value) ලබාදිය හැකි වැදගත් විශේෂිත ක්ශේෂ්ත්‍රයක අමතර සුදුසුකමකි.
උදාහරණයක් ලෙස මානව සම්පත් උපාධිධාරියෙකු රජයේ "National Institute of Labour Studies - ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය" පිරිනමන "Workplace Productivity" ඩිප්ලෝමාවක් හෝ "Labour Laws and Industrial Relations" ඩිප්ලෝමාවක් හදාරන්නේ නම්, නැතහොත් "Industrial Psychology" වැනි ඩිප්ලෝමාවක් නම් ඔහුගේ/ඇයගේ මානව සම්පත් උපාධියට සමගාමී මෙන්ම වැදගත් අමතර දැනුමක් ලබාදෙන සුදුසුකම් වනු ඇත.
එහෙත් බොහෝ දෙනා කරන්නේ අමතරව HRM ඩිප්ලෝමාවකි. නැතිනම් කිසිදු ගැලපීමක් නැති CIM හෝ CIMA එකකි. මෙවැනි Jack of All Trades අය බඳවාගැනීමට බොහෝ ආයතන එතරම් කැමැත්තක් නැත. එවැනි අයට බැරි වැඩකුත් නැත. ඕනෑම වැඩකට කොලිෆිකේෂන් තිබේ. ඒත් එකක්වත් උනන්දුවෙන් හරියට කරන්නේ නැත.

3] පුහුණු වන්නෙකු ලෙස රැකියා පුහුණුව ලබා සේවය ස්ථිර නොකර සිටීමේ තත්ත්ව දක්වා උපාධිදාරීන්ට අත්විඳීමට සිදුවූ අවාසනාවන්ත අවස්ථා ගණනාවක් මම ද අත්වින්දෙමි
ඔය කතාකරන්නේ උපාධියෙන් පසු ඉන්ටර්න්ෂිප් හෙවත් රැකියා පුහුණු වැඩසටහන පිලිබඳව විය යුතුයි. මේ ඉන්ටර්න්ෂිප් එකත් බොහෝ උපාධිධාරීන් වරදවා වටහාගෙන ඇත. ඉන්ටර්න්ෂිප් පුහුණුව, නැතිනම් සීමාවාසික පුහුණුව යනු විශ්වවිද්‍යාල වලින් සිය උපාධිධාරීන් රැකියාවලට අනුගත කිරීම සඳහා, රැකියාවක් කොට පුහුණුවක් ලබා ජොබ් එක්ස්පීරියන්ස් නැතිනම් රැකියා පලපුරුද්ද ලබාදෙන වැඩසටහනකි.
එවැනි වැඩසටහන් බොහෝ ආයතන පවත්වාගෙන යන අතර ඒවා පවත්වාගෙන යන්නේ පහත අරමුණු මුල්කරගෙනයි.
i) විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් අතරින් දක්ෂ, කැපවුනු හා ආයතනයට ගැලපෙන ආකල්ප ඇති උපාධිධාරීන් හඳුනාගැනීමේ / තෝරාගැනීමේ වැඩපිලිවෙලක් ලෙස. - මෙවැනි ආයතන තමන්ට වඩාත් ගැලපෙනවා යයි සිතන උපාධිධාරියෙකුට/කිහිපදෙනෙකුට පමණක් රැකියා දෙන අතර අන් අයට සේවා සහතියක් ලබාදෙයි. ඉන්ටර්න්ෂිප් දෙන හැමෝටම රස්සාවල් දීමට ආයතනය බැඳී නැත.
ii) සමාජ සත්කාර වැඩපිලිවෙලක් ලෙස විශ්වවිද්‍යාල උපාධිධාරීන් සැළසුම් සහගත පුහුණු පාඨමාළාවකට අනුගත කොට ඔවුන්ට රැකියා වෙළඳපොලේ වටිනාකමක් ලැබෙන රැකියා පුහුණුවක් හා පළපුරුද්දක් ලබාදීම. - මෙවැනි ආයතන රැකියා දෙන්නට බැඳී නැත. ඔවුන් ඉන්ටර්න්ෂිප් දෙන්නේ හුදෙක් සමාජ සේවයක් ලෙස පමණකි.
iii) ලාභ ශ්‍රමය ලබාගත හැකි උපක්‍රමයක් ලෙස - මෙවැනි ආයතන වසරකට උපාධිධාරීන් සිය ගණනක් සීමාවාසිකයින් ලෙස බඳවාගනියි. ඔවුන් ලාබ ශ්‍රම උල්පතක් ලෙස ආයතනය සලකයි. එහෙත් මෙය සූරාකෑමක් ලෙස අර්ථකතනය කල නොහැක්කේ සීමාවාසිකයාටද වටිනාකමක් ඇති රැකියා පුහුණුවක් ලැබෙන බැවිනි. කිසිම එක්ස්පීරියන්ස් එකක් නැති උපාධිධාරියාට අඩුම ගණන්නේ මාස 6ක පලපුරුද්දක් ලැබෙන්නේ නම් එහි වරදක් නැත.
ඉන්ටර්න්ෂිප් රැකියා පුහුණුවේ සැබෑ අරමුණු මේවායි.
එහෙත් අවාසනාවකට අපේ උපාධිධාරීන් ඉන්ටර්න්ෂිප් හෙවත් සීමාවාසික පුහුණුව තෙරුම්ගෙන ඇත්තේ මාස 4-6 පුහුණුවෙන් පසු අනිවාර්යයෙන් රැකියාවක් දියයුතු, නොදෙන්නේනම් බලවත් අසාධාරණයක් සිදුකරන ආයතනික වංචාවක් ලෙසයි.
4] බොහෝ අායතන උපාධිධාරී කියා මදක් හෝ ඉව වැටුන සැනින් ඔයාගේ සුදුසුකම් වැඩියි මේ රැකියාවට. කලමනාකාර පුරප්පාඩු අාවොත් අවස්ථාවක් දෙන්නම් කියා ඉන්ටව් ගිය ජොබ් එකට ගන්නේ නැත.
ඉතින් ඔබ තුමන්ලාම කියන විධියට උපාධියක් තිබූවිට විධායක ශ්‍රේණියේ රැකියාවකට සුදුසුනම් ඇයි මැනේජ්මන්ට් වේකන්සියක් එනකම් ඉන්න් බැරි? පොඩි ජොබ් වලට උපාධිධාරීන් බඳවා ගැනීමෙන් ආයතනයේ අභ්‍යන්තර ස්ථාවරත්වයට ගැටලුවක් වෙන්නට ඉඩ තිබෙනවා නේද?
ජොබ් එකක් නැති රැකියා විරහිත උපාධිධාරියෙකු වූ මට පොඩි ජොබ් එකක් හරි දුන්නානේදැයි සිතා හෘදයාංගමව ආයතනයට හිතෛෂීව රස්සාව කරන්නට පුලුවන්ද? එහෙම කරන්නේ කීයෙන් කී දෙනාද?
ටික දවසකින්ම මේ පොඩි ජොබ් එක එපාවන උපාධිධාරියා සිය සුදුසුකමට රැකියාවක් නොදී පොඩි ජොබ් එකක් දී සූරාකනවා යයි මැසිවිලි නගමින් කරදර කරන්නට පටන්ගන්නවා නේද?
එවැනි ආයතනයක උපාධියක් නැති කෙනෙක් ඉහල පුටුවක සිටියහොත් ඔහුට ඇයට ඊර්ෂ්‍යයා කරනවා නේද? ගරු කරන්නේ නෑ නේද? ඕකා/ඒකී බොස් වෙන්න ඇත්තේ පන්දමට ඌට/ඒකිට ඩිග්‍රියක්වත් නෑ යයි කියමින් ගරහන්නට පටන්ගන්නේ නැද්ද? ආයතනවල ප්‍රධානීන් මේවා නොදන්නා බයියන් යයි සිතන්නේද?
ලංකාවේ කම්කරු නීති අනුව රස්සාවක් දුන්න පසු මොන කරදර කාරයෙක් වුනත් ගෙදර යවන එක ලේසි නෑ. ඉතින් ඕවර් කොලිෆයිඩ් අය අරගෙන බොරුවට නැති ලෙඩ දාගන්න කොයි කොම්පැණියද කැමති?
ජොබ් එක දෙන්නේ වැඩ ගන්න මිසක්, මම මේ එකවුන්ට්ස් ක්ලාක් ජොබ් එක කෙරුවට අහවල් කැම්පස් එකේ ග්‍රැජුවෙට් කෙනෙක් කිය කියා කුරු කුරු අහන්න නෙමෙයිනේ.
මම මෙහෙම කිව්වම සමහරවිට හොඳටම කේන්ති යන්න පුලුවන්, ඒත් අත්දැකීමෙන්මයි කියන්නේ ජොබ් එක ගන්නකොට තියෙන හිනාව, ලතාව ටික දවසකින් නැතිවෙලා යනවා. ඊට පස්සෙ කොම්පැණියයි, ඒකෙ ලොක්කොයි අඩු පඩියට පොඩි ජොබ්වලට උපාධිධාරීන් බඳවාගෙන සූරාකන, උගත්කමට තැන දෙන්නට නොදත් සත්තු වෙනවා.
5] තවත් භාගයක් ජොබ්වලට පලපුරැද්ද බලනුයේ අවුරැදු දෙක තුන පහය. එතකොට අපිට ඔක්කොම සුදුසුකම් තිබුනත් වැඩක් නැත. තත්ත්වය ඔන්න ඔිකය

ඔය නිසා තමයි අපි මුලින්ම කිව්වේ උපාධිධාරීන් පලමු රැකියාව ලෙස පලපුරුද්ද අනවශ්‍ය entry level තනතුරු වලට යායුතුයි කියලා. ඔබලා කොතරම් සිතාගෙන සිටියත්, ඉහල තනතුරු වලදී පලපුරුද්ද කොලිෆිකේෂන් තරමටම හෝ ඊට වඩා වටිනවා.
උපාධිය ලැබූවිට එය වසර 12ක විධායක පලපුරුද්දට සමානය යන මුසාවාද වලට රැවටෙන්නට එපා. එය කිසිම සත්‍යයකින් තොර, ප්‍රලාපයක් පමණයි.
පලපුරුද්ද එන්නේ ආරම්භක තනතුරු හරහා ලබන අත්දැකීම් හා tacit knowledge/intrinsic knowledge හෙවත් ව්‍යංගිත දැනුම ලෙස හඳුන්වන දැනුම් සම්භාරයක් සමගයි. එවන් දැනුම දේශන හරහා හෝ විභාග සමත්වී, ඇසයින්මන්ට් කිරීමෙන් ලබාගන්නට බෑ.
ආයතන විසින් විධායක තනතුරුවලට, වගකීම් සහිත තනතුරුවලට පලපුරුද්ද ඉල්ලන්නේ ඒ නිසයි. නැතුව අලුත් උපාධිධාරීන් කපා දාන්න පුලුවන් කඩඉමක් ලෙස අරගෙන නෙමෙයි.
එහෙම කරන්න කොම්පැණිවට පිස්සුද?
හැම ආයතනයක්ම බලන්නේ තමන්ට ඉහලම වටිනාකම ලබාදිය හැකි මිනිස්සු රස්සාවට ගන්න.
නැතුව ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවලින් ඩිග්‍රි ගත්ත උන් කපාදැමිය යුතුයි කියලා කිසිම ආයතනයක මානව සම්පත් සැළසුම් වල ලියැවිලා නෑ.
වටිනාම සම්පත මානව සම්පතයි කියලා දේශපාලකයින් කියන්නේ බොරුවට වුනත් දියුණුවන ආයතන මේක ඇත්තටම විශ්වාස කරන ආයතන. ඔවුන් සිය මානව සම්පතට අලුත් මානවයින් එකතුකර ගන්නට, ඔවුන් සංවර්ධනය කරන්නට, පුහුණු කරන්නට දැඩි වෙහෙසක් ගන්නවා.
කරුණාකර මෙය තේරුම්ගෙන, ආයතනයට වටිනාකමක් තමන්ට දිය හැකි බව සම්මුඛ පරීක්ෂණයේදී පෙන්වන්න. එතකොට රස්සාවල් ලැබෙයි.

Comments
Post a Comment