අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ARE U SERIOUS? : රාමා ඇත්තටම ලංකාවට පාලමක් හැදුවලු??


රාම සේතු කියන්නේ සංකෘත භාශාවෙන් රාමාගේ පාලම කියන තේරුමයි. ඉන්දියාවේ පම්බන් නම් ස්ථානයේ සිට ලංකාවේ මන්නාරම් දූපතේ කෙරවල වෙනකම් තියෙන, ස්වභාවිකයයි පැවසෙන වැලිපර මාලාව වාල්මිකී ලියපු රාමානයනයේ දැක්වෙන්නේ රාමාගේ අණින් ලංකාව වෙත තැනූ පාලමක් ලෙසයි. එය හදන්නට හනුමා නම් වානර රජුගේ වානර සේනාව යොදාගත් බවයි රාමායනයේ දැක්වෙන්නේ.

කලින් කලට විවිධ පුවත් මවපු මේ ස්වභාවික යයි බොහෝ භූවිද්‍යාඥයින් පවසන වැලිපර මාලාව ඉන්දියාවේ නඩුවකට පවා නිමිත්ත වුනා. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තාවක් සැපයූ ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මේ වැලිපර සමූහය කෘත්‍රිමව සාදන ලද්දක් බවට සාධක තමන්ට හමුවී නැතැයි වාර්තා කලා. ඒ අනුව බටහිර ඉන්දියාවේ ඉඳන් නැගෙනහිර ඉන්දියාවට යන්න කෙටි නාවික මාර්ගයක් තැනීමේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතියට විරුද්ධව ඉන්දියානු හින්දු භක්තිකයින් දැමූ නඩුවේ තින්දුව දෙමින් මෙය පාලමක් නොවන බවත් එවැනි පාලමක් රාමා තැනුවේනම්, එය රාමාගේ අණින්ම විනාශකර දමා ඇති බවත්  කියැවුනා. 

නාසා ඒජන්සිය ලෑන්ඩ් සැට් චද්‍රිකා මගින් ලබාගත් ඉතා පැහැදිලි චන්ද්‍රිකා චායාරූපවලත් මෙය අපූර්ව කෘත්‍රිම නිර්මාණයක් ලෙස පෙනෙන නිසා මෙය නිර්මාණය කල පෞරාණික පාලමක් බවා නාසා ආයතනයද පිලිගන්නා බව පසුව ප්‍රකාශ වුනා. නාසා ආයතනය එය නිළ වශයෙන් ප්‍රතික්ශේප කරමින් තමන් එවැන්නක් ප්‍රකාශ නොකල බව කියා සිටියා.

කොහොම වුනත් දැන් ආයෙත් මේ රාමා පාලමේ කතාව ආයෙත් එලියට ඇවිල්ලා. ඒකට නිමිත්ත වුනේ ඇමරිකාවේ සයන්ස් චැනල් නාලිකාව, සිය "What on earth?" නම් වැඩසටහනේ පූර්ව ප්‍රචාරක ක්‍රියාන්විතයක් ලෙස කෙටි වීඩියෝවක් සමග නිකුත් කල ටිව්ටර් පණිවුඩය. ඒ පණිවුඩය ඉහත දක්වා තියෙනවා.

ඒ පණිවුඩයේ ඇති වීඩියෝවේ අදහස් දක්වන විශේෂඥයින් මෙය කෘත්‍රිමව නිර්මාණය කල පාලමක් විය යුතු බවට අදහස් දක්වනවා. ඔවුන් කියන්නේ සිය පර්යේෂණ වලදී රාමා පාලමේ පාදමේ ඇති වැලි වසර 4000ක් පැරණි බව හෙලිවී ඇති අතර ඊට උඩින් ඇති විශාල ගල් වසර 7000ක් පැරණි, වෙනත් ස්ථානයකින් ගෙනවිත් තබා ඇති ඒවායි. ඒ අනුව එම ගල් රාමායණයේ දක්වා ඇති රාමා විසින් තනවන ලද කෘත්‍රිම පාලමක නෂ්ඨාවශේෂ විය හැකි බවයි ඔවුන් කියන්නේ.

ඉතිහාස මූලාශ්‍ර දක්වන විධියට මේ පටු තීරය ඈත අතීතයේ සිටම මුහුදෙන් ඉහලට මතුවී තිබී ඇති අතර 1480 වසරේදී හැමූ දරුණු සුළි කුණාටුවෙන් පසු ජලයෙන් යටවී තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දියානු ජාතික චන්ද්‍රිකා ඡායාරූප හා දත්ත පිලිබඳ ආයතනය (National Remote Sensing Centre), මෙය කෘත්‍රිම නිර්මාණයක් විය හැකි බවට වාර්තාවක්ද නිකුත් කොට තිබෙනවා.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments