උන්මාදයක් ලෙස සෙල්ෆි ගැනීම මානසික රෝගයක් ලෙස නවතම පර්යේෂණ පත්‍රිකාවක් මගින් හඳුනාගෙන තිබෙනවා. මනෝවිද්‍යාඥයින් දෙදෙනෙකු විසින් International Journal of Mental Health and Addiction මනෝවිද්‍යාත්මක පර්යේෂණ සඟරාවට ඉදිරිපත් කරන ලද මේ පර්යේෂණ පත්‍රිකාව, උන්මාදයක් ලෙස සෙල්ෆි ගැනීමට පුද්ගලයින් පොළඹවන සාධක හඳුනාගෙන තිබෙනවා.
An Exploratory Study of ‘Selfitis’ and the Development of the Selfitis Behavior Scale ලෙස නම්කොට ඇති මෙම පර්යේෂණ පත්‍රිකාවට අනුව තැනක් නොතැනක් නොබලා සෙල්ෆි ගනිමින් ඒවා සමාජ ජාලවල ඇතුලත් කරන්නේ පහත හේතූන් නිසායි.
i. පාරිසරික සාධක - තමන් හැසිරෙන පරිසරය වඩාත් හොඳින් ග්‍රහණය කරගැනීමට සෙල්ෆි උපකාර වෙනවා යයි සිතීම.
ii. සමාජීය තරඟකාරිත්වය - විවිධ ඉරියව්වලින් සෙල්ෆි ගැනීමෙන් තම සගයින්ට, මිතුරන්ට වඩා කැපී පෙනී, විරුද්ධ ලිංගිකයින් ආකර්ෂණය කරගත හැකිවේ යයි සිතීම. සමාජ තත්වය හා මිතුරන් අතර පිලිගැනීම වැඩිකරගනිමින් ජනප්‍රිය වීමට ඇති ආශාව.
iii. අන් අයගේ අවධානය දිනාගැනීම - සෙල්ෆි රැගෙන බෙදාහැරීමෙන් අන් අයගේ අවධානය තමන්වෙත දිනාගැනීමේ දැඩි උවමනාව.
iv. මනෝභාවය (moods) වෙනස්කරගැනීමට - සෙල්ෆ් ගැනීම මගින් ආතතිය අඩුකරගෙන තෘප්තිමත් මනෝභාවයක් ඇතිකර ගැනීමට උත්සහ කිරීම. සෙල්ෆි ගැනීමෙන් මානසික සතුට වැඩිවෙන බවට ඇදහීම.
v. ආත්ම විශ්වාසය වැඩිකර ගැනීම - සෙල්ෆි ගැනීමෙන් ආත්ම විශ්වාසය වැඩිවෙන බවට ඇති විශ්වාසය. තමා ගැන ධනාත්මක සිතුවිලි ඇතිකර ගැනීමට සෙල්ෆි ඉවහල්වීම.තමන් ගන්නා සෙල්ෆි තමන්ම නැරඹීමෙන් ආත්ම විශ්වාස වැඩිවීමේ හැඟීමක් ඇතිවීම.
vi. සාමානයයන් (peers) සමග සමානුරූපතාව ඇතිකර ගැනීමට - නිතර නිතර සෙල්ෆි ගැනීමෙන් හා කණ්ඩායම් සෙල්ෆි වලට පෙනීසිටීමෙන් තමන් තම සාමානයයන් කණ්ඩායමේ පිලිගැනීමට ලක්වෙන බවට ඇති විශ්වාසය.
මෙලෙස සෙල්ෆි ගන්නන් අතර සෙල්ෆයිටිස් උන්මාදය වැලඳී ඇති ආකාරය අනුව 34% සීමාසන්න සෙල්ෆයිටිස් (borderline selfitis) පුද්ගලයින් වන අතර, 40.5% තීව්‍ර සෙල්ෆයිටිස් (acute selfitis) රෝගයෙන් පීඩා විඳී. 25.5% දුස්සාධ්‍ය (chornic) සෙල්ෆයිටිස් වලින් පීඩා විඳින බව පර්යේෂණ වලදී හෙලිවී තිබේ.
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment