අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

BUSINESS / AUTO : ලෑන්ඩ් රෝවර් කොම්පැණිය ආයෙත් විකුණයි? පවුම් කෝටි 340ක් පාඩුයිලු?

හැරී කුමරු තවමත් හඳුන්වා නොදුන් අලුත්ම ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් රථ මාදිලිය පරීක්ෂාකරන අයුරු.
ජගුවාර්-ලෑන්ඩ් රෝවර් බ්‍රිතාන්‍යයේ ප්‍රභලම සමාගමක්. එය බ්‍රිතාන්‍ය රජපවුලට වාහන සැපයිම සඳහා රාජකීය වරය ලද සමාගම් කිහිපයකින් එකක්. කලක් ඇමරිකාවේ ෆෝඩ් සමාගමට අයත්ව, පාඩු ලබමින් තිබූ ජගුවාර්-ලැන්ඩ් රෝවර් සමාගම ඉන්දියාවේ ටාටා සමාගම් සමූහය විසින් මිළදීගන්නා ලද අතර ඉන්පසු විශාල ආයෝජන සමග නැවතත් ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී රථ සන්නාමයක් බවට පත්වුනා.

එහෙත් දැන් බ්‍රිතාන්‍යයෙන් ලැබෙන වාර්තා අනුව ජගුවාර්-ලෑන්ඩ් රෝවර් සමාගම යලිත් පාඩුලබන්නට පටන් අරගෙන. පසුගිය වසරේ ස්ටර්ලින් පවුම් කෝටි 340ක පාඩුවක් ලැබූ මේ සමාගම තුල සේවක සේවිකාවන් 40,000ක් සේවය කරනවා. දැන් මෙයින් 6000ක් සේවක සංඛයාවක් සේවයෙන් නෙරපාහැරීමට සමාගම සූදානම් වෙනවා.

එමෙන්ම ලැබන නිළ නොළත් වාර්තාවලට අනුව ටාටා සමාගම, ජගුවාර්-ලෑන්ඩ් රෝවර් (JLR) සමාගම ප්‍රංශයේ පර්ජෝ-සිට්‍රියෝන් රථවාහන සමූහයට (PSA Group) විකුණා දැමීමේ සැලැස්මක් තිබෙනවා. කෙසේ වෙතත් ටාටා සමාගම මෙය තරයේ ප්‍රතික්ෂේප කරනවා.

සමාගමේ සේවකයින් පවසන අන්දමට, ටාටා සමාගම ජගුවාර්-ලෑන්ඩ් රෝවර් ප්‍රංශ සමාගමට විකුණාදැමුව හොත් ඔවුන් විශාල ලෙස බ්‍රිතාන්‍යයේ කර්මාණ්තශාලා වසාදමා පිරිවැය අඩුකිරීමට ක්‍රියාකරනු ඇතැයි බිය පලකරනවා. 2008දී ස්ටර්ලින් පවුම් කෝටි 110කට (බිලියන1.1)කට ටාටා සමාගම ජගුවාර්-ලෑන්ඩ් රෝවර් මිළදීගත් අතර එය විශාල ලෙස ලාභ ලබන සමාගමක් බවට පත් කරන්නට ඔවුන් ක්‍රියාකලා.

කෙසේවෙතත් දැන් ජගුවාර්-ලෑන්ඩ් රෝවර් පාඩු ලබන්නට හේතු කිහිපයක් බලපා තිබෙනවා;

1/ වොක්ස්වැගන් සමාගම ඇතිකල diesel engine emission scandal නිසා ඩීසල් එන්ජින් සහිත ලෑන්ඩ් රෝවර් මාදිලිවල අලෙවිය විශාල ලෙස පහත වැටීම

2/ ඇමරිකා-චීන වෙළඳ යුධ තත්වය නිසා චීනයේ සුඛෝපභෝගී සුපිරි වාහන වෙළඳපොල කඩා වැටීම

3/ බ්‍රේක්සිට් ව්‍යාකූලත්වය නිසා බ්‍රිතාන්‍යයේ සමාගම් වලට මුහුණදීමට සිදුවී ඇති අස්ථාවර භාවය

යන කරුණු හේතුවෙනවාලු.

එමෙන්ම පසුගිය අප්‍රේල් මාසයේ ජගුවාර්-ලෑන්ඩ් රෝවර් සමාගම සිය අලුත්ම ලෑන්ඩ්-රෝවර් ඩිෆෙන්ඩර් රථය බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරනවා වෙනුවට යුරෝපීය සංගමයේ කුඩා රටක්වන ස්ලෝවැකියාවේ කර්මාණ්තශලාවක නිෂ්පාදනය කරන බව නිළ වශයෙන් ප්‍රකාශකලා. මෙයට ප්‍රධාන හේතුව ලෙස බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වන බ්‍රෙක්සිට් තීරණය හේතුවූ බවයි පැවසෙන්නේ. එමෙන්ම ස්ලෝවැකියාව බ්‍රිතාන්‍යයට වඩා අඩු නිෂ්පාදන පිරිවැයක් ඇති රටක්.



Comments

  1. ලන්කාවට එන්න සැහෙන කාලයක් යයි

    ReplyDelete

Post a Comment