අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

FACEBOOK / WHATSAPP : හැංගෙන්න තැන් හොයාගනිමුද රත්තරං?

නම කවුදැයි නොදන්න ටිවිටර් කාරයෙක් ගත්ත ආතල් එක

ලංකාවේ මෝඩ, සිංහල බහුද්ද ජාතික කීබෝඩ් වීරයින් මේ පාරනම් සැබැවින්ම ඉල්ලං කා ඇති බව සතුටින් වාර්තාකරන්නට කැමතියි. 

මේ ගොන් රැළ - වරෙල්ලා! තම්බින්ට ගහපල්ලා! අපිත් එනවා! - කියමින් බුකිය පුරා, වටීස්-ඇපය පුරා වැපුරූ වෛරයේ හා බොරු ප්‍රචාරවල ප්‍රතිපල හිතුවාටත් වඩා හොඳින් ලැබෙමින් පවතින බව කියන්ඩ සතුටුයි.

චීන මහා ප්‍රාකාරයටත් වඩා ලොකු සයිබර් පවුරක් ගොඩනගාගෙන ඉන්න, ලෝකයේ අංක එකේ සයිබර් හා අන්තර්ජාල පොලිස්කාරයා වන චීනය, අපිටත් රුපියල් බිලියන පහක්ම වටිනා සයිබර් අවකාශ නිරීක්ෂණ හා පාලන ඒකකයක් ලබාදෙන්න එකඟවෙලා.

හාඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර් විතරක් නොව, ලයිව්වෙයාර් හෙවත් චීන සයිබර් විශේෂඥයින්ද තව ටික දොහොකින් මෙත්තපාල ජනපතිවරයාගේ ආරාධනයෙන්, ශ්‍රී ජින් පින් මැතිතුමාගේ ආශීර්වාදයෙන් ලංකාවට ගොඩ බහින්න නියමිතයි.

උන්ටික ඇවිල්ලා, ඉක්විප්මන්ට් සෙටප් කරගත්තාට පස්සේ හෙල බොදු, රු.49 ඉන්ටර්නෙට් කාඩ් වීරයින්ට, අහවල් කාරිය කරන්න පුපක් ඉතුරු වෙන එකක් නෑමයි කියලා විද්‍යා ගවේෂණටත් - අර ට්විටර් කාරයා වගේම - විශ්වාසයෙන්  අණාවැකියක් කියන්න පුලුවන්.

අන්තර්ජාලය පරිහරණය කරන මිලියන 1386ක් මිනිස්සු ජීවත් වෙන චීනයේ සයිබර් අවකාශය විසිහතර පැයේම නිරීක්ෂණය කරන, මිනිස්සු කරන දේවල්, කියන දේවල් බලාගෙන ඉන්න, අනවශ්‍ය දෙයක් වෙනවානම් අකුණු ගහනවා වගේ ඒවා නවත්තලා දාන සයිබර් පොලීසියක් හදාගෙන ඉන්න චීනා මෙහෙත් එහෙම එකක් හදනවානම් ඇත්තටම බඩුම තමයි කියලා කිරිගහට ඇන්නා වගේ කියන්න පුලුවන්.

විරුවනි! දැන් ඉතින් ෆේක් ෆේස්බුක් එකවුන්ට් මකලා දාලා, වට්ස් ඇප් යන සිම් එක බ්ලෙන්ඩර් කරලා, ෆේස්බුක් ඇප් එකයි, වට්ස්-අප් ඇප් එකයි ෆෝන් එකෙන් ගලවල දාලා, පුලුවන් නම් ෆෝන් එකත් ලිඳකට දාලා, ගුලක් සොයාගෙන සතුටින් ඉන්න ඔයලා හොඳේ?

Comments