TECHNOLOGY : වාර්ශික Google I/O 2019 සම්මන්ත්‍රණය : අලුත්ම තොරතුරු


ගූගල් සමාගම වාර්ෂිකව පවත්වන Google I/O 2019 මෘදුකාංග නිර්මාපකයින්ගේ සම්මන්ත්‍රණය (developer conference) ඊයේ කැලිෆෝනියාවේදී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10ට ආරම්භවුනා. මෙය සජීවීව විකාශනය කරන්නට ඩයලොග් සමාගමේ Dialog TV ආයතනය කටයුතුකර තිබුණා.

සුපුරුදු පරිදි, මෙහි ආරම්භක දේශණය හෙවත් Keynote Address එක, ගූගල් ප්‍රධාන විධායක නිළධාරී සුන්දර් පිචායි විසින් සිදුකලා. ගූගල් සමාගම එලිදැක්වීමට බලාපොරොත්තුවන අලුත්ම තාක්ෂණයන් හා සේවාවන් පිලිබඳව හැඳින්වීම් සිදුකිරීම මෙහිදී සිදුවුනා.

මෙහිදී එලිදැක්වුනු අලුත්ම සේවා හා තාක්ෂණයන් කිහිපයක්

1] Augmented Reality with Google Search


ගූගල් කැමරා හා ඔග්මෙන්ටඩ් රියැලිටි තාක්ෂණ ප්‍රධානී අපර්නා චෙන්නප්‍රගාදා, අලුත්ම ලෙන්ස් තාක්ෂණයන් හඳුන්වා දුන්නා.

ඔග්මෙන්ටඩ් රියැලිටි හෙවත් ආවර්ධිත තත්‍යතා තාක්ෂණය, ගූගල් සෙවුම් යන්ත්‍රය හා මුසුකොට සෙවුම් වලදී භාවිතා කරන්නාට එම සෙවුමට අදාල දෑ ත්‍රිමාණ ආකෘතියක් ලෙස තිරයේ දැක්වීමට හැකි තාක්ෂණයක් හඳුන්වා දුන්නා. උදාහරණයක් ලෙස මිනී මෝරා හෙවත් ග්‍රේට් වයිට් ශාක් පිලිබඳ සෙවුමකදී එම සත්වයාගේ ත්‍රිමාණ සජීවී ආකෘතියක් භාවිතා කරන්නාට දැකගත හැකියි. මෙය විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට ඉතා වැදගත් වෙනවා.

2] Google Lens Update

ගූගල් ලෙන්ස්, 2018 I/O සම්මන්ත්‍රණයේදී මුලින්ම හඳුන්වාදුන් අතර දැන් එය බොහෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවල ගූගල් සෙවුම හා බද්ධව තිබෙනවා. මෙහි අලුත්ම හැකියාවන් කිහිපයක් ඊයේ හඳුන්වා දුන්නා. උදාහරණයක් ලෙස ඔබ අවන්හලකට ඔස් එහි මෙනුපත වෙත දුරකථන කැමරාව යොමුකොට ගූගල් ලෙන්ස් ක්‍රියාත්මක කලවිට;

1/ එම අවන්හලේ ජනප්‍රියම කෑම මොනවාදැයි ගූගල් ලෙන්ස් පෙන්වා දෙනවා. ඒවාට අදාල පාරිභෝගිකයන් ඇතුලුකල කොමෙන්ටුද පෙන්වා දෙන්වා. එමෙන්ම එම කෑම පිඟානක් පෙනෙන ආකාරය මෙන්ම ඒවායේ රෙසිපිය පවා භාවිතා කරන්නට ලබාගත හැකියි.

2/ ආහාරගෙන අවසන්වී බිල්පත ලැබුණුවිට, එම බිල්පතේ ගණන හා එම අවන්හලට පැමිණෙන්නන් සාමන්‍යයෙන් දෙන සංතෝසම් පිලිබඳව විස්තර සොයාබලා, ඔබ ලබාදිය යුතු සංතෝසම (tip) පිලිබඳව දන්වා සිටිනවා. එමෙන්ම කිහිපදෙනෙකු අතර බිල්පත බෙදා ගන්නේනම් එම ගණනය කිරීමද ක්ෂණිකව සිදුකොට දෙනවා.

3/ භාශා පරිවර්තනය - ඔබ දුරකථන කැමරාව නොදන්නා භාශාවකින් ලියා ඇති දැන්වීමක් හෝ ලියවිල්ලක් වෙත යොමුකොට ලෙන්ස් පහසුකම ක්‍රියාත්මක කලවිට එම භාශාව ඔබගේ භාශාවට පරිවර්තනය කිරීම ක්ෂණයකින් සිදුකිරීමේ පහසුකම ලැබී තිබෙනවා. එමෙන්ම ඔබට කියවීම අපහසු නම්, ටෙක්ස්ට් ටු ස්පීච් තාක්ෂණය හරහා එය ඔබට ඇසෙන්නට සැලැස්වීමටද ගූගල් ලෙන්ස් තාක්ෂණයට දැන් පුලුවන්.

3] Duplex on the Web with Google Assistant

ගූගල් ඩූප්ලෙක් තාක්ෂණයද 2018 ඓ/O සම්මන්ත්‍රණයේදී මුල්වරට හඳුන්වා දුන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන්නක්. එයට ඔබ වෙනුවෙන් දුරකථන ඇමතුමක් ගෙන ටැක්සියක් වෙන් කිරීම, ආපනශාලාවක මේසයක් වෙන් කිරීම ආදිය ගියවර ආදර්ශණය කොට (demonstrate) පෙන්නුවා.

මෙවර, ගූගල් ඩූප්ලෙක්ස් තාක්ෂණය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝනයේ ඇති ගූගල් ඇසිස්ටන්ට් කෘත්‍රිම බුද්ධි සහයක තාක්ෂණය හා මුසුකොට ක්‍රියාත්මක වන පහසුකමක් ආශර්ශණය වුනා. ඔබ අන්තර්ජාලය හරහා වෙන් කිරීමක් සිදුකරන විට, ඔබ විසින් සිදුකල යුතු ෆෝම් පිරවීම, ඔබ වෙනුවෙන් ස්වයංක්‍රීයව සිදුකිරීමට දැන් එයට හැකියි. ඔබගේ ගූගල් කැලැන්ඩර්යේ ඇති දත්ත, ඔබ මීට පෙර සිදුකල තෝරා ගැනීම්, ඔබගේ නිවසේ ලිපිනය හා ගූගල් මැප්ස්වලින් එහි පිහිටුම ආදිය ලබාගෙන ඉතාමත් ඉක්මණින් මේ කටයුත්ත ඔබ වෙනුවෙන් කරන්නට දැන් ගූගල් ඩූප්ලෙක්ස් තාක්ෂණයෙන් බලගැන්වුනු ගූගල් ඇසිස්ටන්ට්ට පුලුවන්.

4] Android Q


අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය පිලිබඳව සිදුකල හැඳින්වීමේදී එය 5G තාක්ෂණය, නැමිය හැකි තිර සහිත (foldable screen) දුරකථන සඳහා ඇති පහසුකම් යනාදී අලුත්ම පහසුකම් රාශියක් සමග මෙය එලිදැක්වෙන බවයි ප්‍රකාශවුනේ.

මෙය තවමත් පරීක්ෂණ මට්ටමේ එනම් මට්ටමේ පවතින බවත් වසර අවසන්වන විට එලිදැක්වෙන බවත් ප්‍රකාශවුනා.

5] Live Caption


ලයිව් කැප්ශන් තාක්ෂණය යනු, වීඩියෝවක් ධාවනය වනවිට එහි  කතාකරන දෑ උප සිරැසි ලෙස සජීවීව දැක්වීමයි. මෙය ඇසීමේ දුර්වලතා ඇති අයට මෙන්ම, පොදු ස්ථානවලදී හඬ අක්‍රියකර වීඩියෝවක් නැරඹීමේ අවශ්‍යතාවය ඇති අවස්ථාවලදී ඉතා වැදගත් වෙනවා.

6] Pixel 3a and Pixel 3a XL

ගූගල් සන්නාමයෙන්ම එලිදැක්වෙන ස්මාර්ට්ෆෝන් මාදිලිවල අලුත්ම මදිලි දෙකක්ද හඳුන්වාදුන් අතර ඒවා ඊයේ සිට වෙළඳපොලට නිකුත්වෙනවා.





Comments