BEST CYCLING APP - ඔබ විනෝදයට හෝ ව්‍යායාමයට බයිසිකල් පදිනවාද? මෙන්න හොඳ Cycling ඇප් එකක්!

 


වර්තමානයේ විනෝදයට වගේම ව්‍යායාමටයත් බයිසිකල් පදින එක සෑහෙන්න ජනප්‍රියයි. බයිසිකල් පදින එක, ඇවිදින එක, ජොගින් යන එක වගේම හොඳ ව්‍යායාමයක්.

බයිසිකල් පදිනකොට, අපි කොච්චර දුරක් පැද්දද? අපේ වේගය කොහොමද? අපි ගිය ගමන් මාර්ගෙ කොහොමද? කැලරි කොච්චරක් වැයවුනාද?

ඔය වගේ ප්‍රශ්ණ වලට උත්ත දෙන්න පුලුවන් ස්මාර්ට් ෆෝන් ඇප් ගොඩක් තියෙනවා. හැබැයි ඒ හැම ඇප් එකම, එකවගේ සාර්ථක නෑ. සමහර ඒවා වැඩක් ගන්න බැරි තරම් ඇඩ් වලින් පිරිලා. එහෙම නැතිනම් හරියට වැඩකරන්නේ නෑ. ජී.පී.ස් ට්‍රැකින් වැරදි නිසා ගිය දුර, ගමන් මාර්ගෙ හරියට පෙන්නන්නේ නෑ.

Under Armor MapMyRide

මම දැන් මාස 6ක විතර ඉඳන් පාවිච්චි කරන Under Armour MapMyRide කියන ඇප් එක උඩින් කියපු ප්‍රශ්ණ කිසිම දෙයක් නැති, සම්පූර්ණයෙන්ම නොමිලේම ලැබෙන ඇප් එකක්. 

සුප්‍රකට Under Armor ස්පෝර්ට්ස්වෙයා සමාගම නිර්මාණය කරලා තියෙන නිසා, සෑහෙන වගකීමක් තියෙනවා. මේ ෆ්‍රී ඇප් එක සුපිරියටම වැඩ කරනවා කියන එක වගකීමකින් කියන්න පුලුවන්. 

ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තම රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒක එච්චර කරදර එකක් නෙමෙයි. ඊට පස්සෙ ඇප් එක පාවිච්චි කරන්න පුලුවන්. GPS පාවිච්චි වෙන නිසා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අනිවාර්යයි. ඒවගේම බැටරි සේවින් මෝඩ් එකේ වැඩ් කරන්නේ නෑ. ඒ නිසා ඇප් එක පාවිච්චි කරනකොට බැටරි සේවින් මෝඩ් එක අයින් කරලා, Mobile ඩේටා කනෙක්ෂන් එක ඔන් කරන්න ඕනෙ. 

Opening Screen of Under Armor MapMyRide


ඇප් එක ඕපන් කරපුවම එන ඕපනින් ස්ක්‍රීන් එක ඔය තියෙන්නෙ. Fixed Gear කියලා දාලා තියෙන්නෙ මගේ බයිසිකලේ ගියර් නැති (තනි ගියර්) එකක් නිසයි. ඔයාලගෙ බයික් එක ගියර් තියෙන එකක් නම්, ඒක ඇප් එකේ රෙජිස්ට්‍රේෂන් වෙලාවෙදි ඒ තොරතුරු ඇතුලු කරන්න පුලුවන්.

පදින්න ලෑස්තිවුනාම Start Workout ක්ලික් කරන්න. එච්චරයි. පටන් ගත්තට පස්සෙ ස්ක්‍රීන් එක යටින් තියෙනවා. අපි ගමන් කරන දුර DISTANCE (KM) වලින් පෙන්වනවා. ඒක තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙනවා. 

ඊට පස්සෙ අපි සයිකල් පැදීම කරපු කාලය DURATION පෙන්වනවා. ඒකත් තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙනවා. ඒ වගේම අපි පදින ස්පීඩ් එක SPEED (KMH) තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙනවා. වැයකරපු කැලරි ප්‍රමාණයත් පෙන්වනවා.


PAUSE බොත්තම ප්‍රයෝජනවත් වෙන්නෙ අතර මග නවතින්න වුනොත්. එතකොට ඒක ඔබලා, ට්‍රැකින් නවත්තගන්න පුලුවන්. 


PAUSE කෙරුවට පස්සෙ ස්ක්‍රීන් එක ඊලඟට.අර තොරතුරු ඔක්කොම, ඔයා PAUSE  කරපු මොහොත වෙනකම් අප්ඩේට් වෙලා පෙන්වනවා. ආපහු පදින එක පටන්ගන්නවා නම් RESUME එක ක්ලික් කරන්න. 

පැදලා ඉවර නම් HOLD TO FINISH එක තත්පර දෙක තුනක් තද කරගෙන ඉන්න. එතකොට ඔයාගෙ මේ රයිඩ් එකේ ඩීටෙල්ස්වල සමරියක් පෙන්වනවා. ඊට පස්සෙ ඒ ඩීටෙල්ස් SAVE කරන්නද, DISCARD කරන්න කියලා අහනවා. රයිඩ් එක හොඳනම් SAVE කරන්න කියන්න . එතකොට ඒ සම්පූර්ණ ඩීටෙල්ස් සේව් වෙලා පස්සෙ බලන්න පුලුවන් විධියට් තියෙනවා.

පහතින් තියෙන්නෙ මම ගිය සයිකල් රයිඩ් හැම එකක්ම මේ ඇප් එකේ රෙකෝඩ් වෙලා තියෙන විධිය.


මේ තියෙන්නෙ මම පසුගිය නත්තල් සෙනසුරාදාවේ බත්තරමුල්ලේ ගෙදර ඉඳගෙන පැදපු කිලෝමීටර් 22ක සවාරිය. මම ගිය පාර මැප් එකේ පෙන්වනවා වගේම අනෙක් තොරතුරු සියල්ලම පෙන්වනවා. තව අමතර තොරතුරුත් ගන්න පුලුවන්.



Comments

  1. නියමයි. ඔබ කියන්නේ මේක ස්ට්‍රවා ඇප් එකටත් වඩා හොදයි කියලද? මම දැන් අවුරුදු 3ක් තිස්සේ පාවිච්චි කරන්නේ ස්ට්‍රවා ඇප් එක. මේ ඇප් එක smart watches & game (Garmin, polar, Fitbit, Apple, Zwift වගේ) වලට compatibleද?

    ReplyDelete

Post a Comment