අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

HEALTH & NUTRITION: Most health claims on BABY MILK not backed by evidence - British Medical Journal

 


බ්‍රිතාන්‍ය British Medical Journal වෛද්‍ය සඟරාවට අනුව, ළදරු කිරි නිෂ්පාදන පිළිබඳ බොහෝ සෞඛ්‍ය ප්‍රකාශයන්ට කිසිදු සහායක සාක්ෂි නොමැති බව තහවුරුවී තිබෙනවා. යම් යම් ළදරු කිරිවල සන්නාම මගින් එම කිරි පානයෙන් ළදරුවන්ට ලැබෙන ප්‍රතිලාභ  පිලිබඳ ප්‍රකාශයන් විමර්ශනය කරන පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ ළදරු කිරි ඇසුරුම්වල සඳහන් දේ සඳහා එතරම් විද්‍යාත්මක සාක්ෂි නොමැති බවයි.

ළදරු කිරි පැකට්ටුවල ඇති මෙම අලෙවිකරණ ප්‍රකාශයන් මව්වරුන් නොමඟ යවන අතර දරුවාට ප්‍රතිලාභ ලබා නොදෙන මිල අධික ළදරු කිරි මිලදී ගැනීමට ඔවුන් පොළඹවයි.

මිලියන ගණනක් දෙමාපියන් ළදරු කිරි මිලදී ගන්නා අතර එය ඩොලර් බිලියන ගණනක කර්මාන්තයක් බවට පත්ව තිබෙනවා.

මෙම පර්යේෂණය සිදුකල ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි චියුන්ග් සහ පෙට්‍රෝ තම සොයාගැනීම් විස්තර කරනවා: යම් යම් සංඝටකවලින් බහු-විධි ප්‍රතිලාභ ලැබෙන බව සඳහන් කරන අතර සමහර ප්‍රතිලාභ සංඝටක කිහිපයකින් ලැබෙන බව පෙනී යනවා. ළදරු කිරි සමාගම් තමන් පැකට්ටුවල සටහන් කරන දෑ පිලිබඳව මීට වඩා වගකිව යුතු අතර ඒවාට නිස්චිත විද්‍යාත්මක සාක්ෂි පෙන්වාදීමට සමත්විය යුතු වෙනවා.

තම නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා මතභේදාත්මක ප්‍රතිලාභ-ප්‍රකාශයන් භාවිතා කිරීම වැළැක්වීමට සමාගම්වලට ළදරු කිරි සඳහා පවතින අලෙවිකරණ සීමා කිරීම් අපොහොසත් වන බව අධ්‍යයනයෙන් සොයාගෙන තිබෙනවා.

මෙම පර්යේෂණ කණ්ඩායම රටවල් ගණනාවක වෙළදාමට තබා ඇති ළදරු කිරිපිටි නිෂ්පාදන 814ක් පරීක්ෂාවට ලක් කළේය. 

ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, නයිජීරියාව, නෝර්වේ, පකිස්ථානය, රුසියාව, සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල ළදරු කිරිපිටි පැකැට්ටුවල ලියා ඇති, ඒවායේ සෞඛ්‍ය ප්‍රතිලාභ පිලිබඳ ප්‍රකාශයන් ඔවුන් විසින් විමර්ශනය කරන ලද අතර එම ප්‍රකාශනයන්ගෙන් විශාල ප්‍රමාණයක් පදනමකින් තොරව හුදෙක් දෙමව්පියන් නොමග යැවීම සඳහා සකස්කල ඒවා බව පෙනීගියා.


Source: https://www.theguardian.com/science/2023/feb/15/most-health-claims-on-formula-milk-not-backed-by-evidence?utm_source=dlvr.it&utm_medium=twitter

Comments