ඇපල් iOS 6 Maps සිතියම් වැඩසටහන අසම්පූර්ණයි! වැරදි සහිතයි! - ඇපල් ප්‍රධාන විධායක ටිම් කුක් විවෘත ලිපියකින් පිලිගනී


ඇපල් සමාගම අයිෆෝන් 5 ජංගම දුරකථනය සමග හඳුන්වාදුන් iOS 6 මෙහෙයුම් පද්ධතියට අනුබද්ධ කොට සම්පාදනය කරන ලද iOS Maps සිතියම් වැඩසටහන දෝශ සහිත මෙන්ම අසම්පූර්ණ වැඩසටහනක් බව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක් මහතා ඇපල් සමාගමේ මිලියන ගණනක් වන පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කරන ලද විවෘත ලිපියක් මගින් පිලිගෙන තිබේ.

iOS Maps වැඩසටහන, ඇපල් සමාගම කාලාන්තරයක් මුළුල්ලේම පවත්වාගෙන ගිය අතිශයින්ම ඉහල තත්ව පාලන පරාමිතියන්ට (quality parameters) නොගැලපෙන තරමේ පහල මට්ටමක පවතින බව විවෘතව පිලිගන්නා බවත් ඒ පිලිබඳව සිය සමාගම පිලිබඳව දැඩි විශ්වාසයකින් සිටිනා,  තම සමාගමට අතිශය ලෙන්ගතුව සිටින පාරිභෝගිකයින් ගෙන සමාව ඉල්ලා සිටින බවත් ටිම් කුක් මහතා සඳහන් කොට තිබේ.

අතිශයින්ම ජනප්‍රියත්වයට පත්ව තිබෙන ගූගල් මැප්ස් වැඩසටහනට ආදේශකයක් ලෙස නිර්මාණය කල ඇපල් මැප්ස් වැඩසටහන ගූගල් මැප්ස් වැඩසටහනට වඩා හැම අතින්ම ඉදිරියෙන් තිබෙනු ඇති බවට බොහෝ දෙනා විශ්වාසකල නමුත් අයිෆෝන් 5 සමග ඉදිරිපත් වුනු එම වැඩසටහන මහජනතාව අතට පත්වී දින කිහිපයකින්ම එය ගූගල් මැප්ස් වලට වඩා ඉතා අඩු හැකියාවන් ගෙන් යුතු, වැරදි රාශියක් ඇති වැඩසටහනක් බව තාක්ශණික වෙබ් අඩවි වාර්තාකරන්නට විය.

ඇපල් මැප්ස් වැඩසටහනේ හාස්‍ය උපදවන දෝෂ


ජර්මනියේ අගනුවර වන බර්ලින් නගරය ඇන්ටාක්ටිකාවට ගෙන ගිය ඇපල් මැප්ස්


නිව්යෝර්ක් නගරයේ සුප්‍රකට විලියම්ස්බර්ග් පාලම ඇපල් මැප්ස්වල කඩාවැටුනු ස්වභාවයකින් පින්වන ආකාරය


නිව්යෝර්ක් නගරයේ මෑන්හැට්න් පාළම ඇපල් මැප්ස්වල ගිලා බැස ඇති ආකාරය


සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ සුප්‍රකට සංචාරක සළකුණක් වුනු ලින්කන් ඩිජිටල් කළාගාරය ලෙස ඇපල් මැප්ස් පෙන්වන්නේ සම්පූර්ණයෙන්ම වැරදි ස්ථානයකි


ඇපල් මැප්ස් පෙන්වන ආකාරයට චීලී රටේ නගරයක මංමාවත් මුහුද උඩින් දිවෙන ආකාරය


කැරිබියන් සාගරයේ කේමන් දූපත ඇපල් මැප්ස් වල පෙන්වන ආකාරය හා ගූගල් මැප්ස් වල පෙන්වන ආකාරය


රැළි වැටී ඇති කැනඩාවේ ටොරොන්ටෝ ගුවන් තොටුපොළ


ලන්ඩන් නගරයේ නිළ Apple Store අලෙවිසැළ ඇති ස්ථානය පවා වැරදියට පෙන්වන ඇපල් මැප්ස්






Comments

  1. ඇපල් වලට මේද පොටේ වැරදිලා තමයි නමුත් ඇපල් මෙවෙනකල් හිටියේ ඉදිරියෙන් මේද පොටේ ම්,ඕකක් හෝ වැරදීමක් වෙලා ඇති
    මම මෙච්චර කල් පාවිච්චි කරන්නෙත් අයි එකක් කිසි කෙස් එකක් නැහැ

    ReplyDelete

Post a Comment