Ahsoka Season 2 - January 2027
The Clone Wars සජීවිකරණ කතා මාලාවේ ඇනකින් ස්කයිවෝකර්ගේ ජෙඩායි පැඩවාන් (Jedi Padawan) ලෙස ප්‍රථම වරට හඳුන්වා දුන් අසෝකා ටානෝගේ (Ahsoka Tano) චරිතයට පණ පොවන්නේ රොසාරියෝ ඩෝසන් (Rosario Dawson). The Mandalorian Season II හරහා ප්‍රථම වරට සජීවී රංගනයෙන් (live-action) ප්‍රේක්ෂකයන් හමුවට පැමිණි ඇයට, පසුව Disney+ ඔස්සේ Ahsoka (2023) නමින්ම වෙන්වූ කතා මාලාවක් ද හිමි විය.
එහිදී අසෝකා, ඇගේම ජෙඩායි පැඩවාන් වන සබීන් රෙන් (Sabine Wren - Natasha Liu Bordizzo) සමඟ නැවත එක්වන අතර, මහා අද්මිරාල් ත්‍රෝන් (Grand Admiral Thrawn - Lars Mikkelsen) විසින් අධිරාජ්‍යය නැවත ගොඩනඟමින් නවක නව ජනරජය (New Republic) විනාශ කිරීමට දරන උත්සාහය වළක්වා ගැනීමට ඔවුන් දෙදෙනා දැඩි උත්සහයක් ගනී.
Ahsoka Season II පළමු පූර්ව ප්‍රචාරක පටය (trailer) D23 Expo හිදී ප්‍රදර්ශනය කෙරුණු අතර, හිටපු ජෙඩායි නයිට්වරයෙකු සහ Season II කතා මාලාවේ දුෂ්ඨ චරිතය වන බෙයිලන් ස්කොල් (Baylan Skoll) ලෙස Game of Thrones හි රඟපෑ රෝරි මැකෑන් (Rory McCann) ප්‍රථම වරට ප්‍රේක්ෂකයන්ට දැකබලා ගැනීමට හැකි වුනා.
Season I දී බෙයිලන්ගේ චරිතයට පණ පෙවූයේ කතා මාලාව විකාශය වීමට මාස කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වූ රේ ස්ටීවන්සන් (Ray Stevenson) විසින්. එමෙන්ම, අසෝකාට උපදෙස් දෙන ඇනකින්ගේ 'ෆෝස් ගෝස්ට්' (Force ghost) චරිතය නැවතත් නිරූපණය කරමින් හේඩන් ක්‍රිස්ටෙන්සන් (Hayden Christensen) ද මෙම පූර්ව ප්‍රචාරක පටයේ පෙනී සිටියා.
Star Wars: Starfighter - May 2027
ෂෝන් ලෙවී (Shawn Levy) විසින් අධ්‍යක්ෂණය කරන Star Wars: Starfighter චිත්‍රපටය, 2019 වසරේ නිකුත් වූ Episode IX: The Rise of Skywalker චිත්‍රපටයේ Battle of Exegol හි සිදුවීම්වලින් වසර පහකට පසුව දිගහැරෙන සම්පූර්ණයෙන්ම අලුත්ම කතාවකි. මෙය මෙතෙක් ස්ටාර්වෝස් කථාමාලාවේ ප්‍රධාන චරිත වන Anakin Skywalker / Luke Skywalker / Leia Skywalker හට කිසිසේත්ම සම්බන්ධ නොවන වෙනත්ම කථාවක් බව ඔවුන් පවසනවා.
මෙහි ප්‍රධාන චරිතය වන කේඩ් ඕබෙරෝන් (Kade Auberon) ලෙස රයන් ගොස්ලින් (Ryan Gosling) රඟපාන අතර, නවක රංගන ශිල්පී ෆ්ලින් ග්‍රේ (Flynn Gray), මැට් ස්මිත් (Matt Smith), මියා ගෝත් (Mia Goth), ඇරන් පියරේ (Aaron Pierre) සහ ඔස්කාර් සම්මාන සඳහා හයවතාවක් නිර්දේශ වූ ඒමි ඇඩම්ස් (Amy Adams) ඇතුළු පිරිසක් සසුරුවන රංගන දායකත්වයක් මෙහි අඩංගු වේ.
මෙහි කතාපුවත ගැන වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැති වුවත්, පසුගිය අගෝස්තු මාසයේ පැවැති D23 Expo හිදී ඩිස්නි (Disney) සමාගම විසින් සංස්කරණය කරමින් පවතින චිත්‍රපටයේ දර්ශන පෙළක මිනිත්තු කිහිපයක් ප්‍රදර්ශනය කලා. එම කෙටි දර්ශනයේදී, ගොස්ලින්ගේ කේඩ් නැමැති චරිතය, සේවයෙන් ඉවත් කර ඇති තමාගේ ස්ටාර්ෆයිටර් (Starfighter) යානය ස්පර්ශ කිරීම ගැන කුඩා ළමයෙකුට (ෆ්ලින්) දොස් පවරන අතර, කේඩ් පවසන්නේ එය "මෙතෙක් නිර්මාණය කළ වේගවත්ම යානය" වන බවයි.
එවිට එම කුඩා ළමයා, "මම ඒ ගැන කවදාවත් අහලා නැහැ," යැයි පවසන අතර, ඊට පිළිතුරු දෙමින් කේඩ්, "ඒකට හේතුවක් තියෙනවා," යැයි පවසයි.
Star Wars: Maul, Shadow Lord Season 2 - 2027
D23 වෝල්ට් ඩිස්නි 2026 ප්‍රේක්ෂක හමුවේදී අනාවරණය කළ පරිදි, Maul - Shadow Lord දෙවන වාරය එහි මුල් වාරයට වසරකට පසුව, එනම් 2027 වසරේදී නිකුත් කිරීමට නියමිතයි. ඒ අනුව මැයි මාසයේදී නිකුත් වන Star Wars: Starfighter සහ ජනවාරි මාසයේදී නිකුත් වන Ahsoka Season II සමඟින්, මෙයද Star Wars Cinematic Universe 50 වන සංවත්සර වසර වන 2027 වසරේ එලිදැක්වීමට ඩිස්නි කටයුතු සූදානම් කරනවා. එහෙත් එලිදැක්වෙන දිනය තවම හෙලිකර නෑ.
දෙවන වාරය මඟින් අධිරාජ්‍යයා නිකුත්කල කුප්‍රකට 66 වන අණපනතින් (Order 66) පසු එළඹෙන වසරවල සිදුවූ, මෙතෙක් හෙලිනොවුනු තොරතුරු ඇතුලත් පරිච්ඡේද තවදුරටත් ඉදිරියට ගෙන යනවා. පළමු වාරයේදී දිගහැරුණේ සැම් විට්වර් (Sam Witwer) පණ පොවන මෝල් (Maul), ජැනික්ස් (Janix) ග්‍රහලෝකය තුළ තමාගේ අපරාධ සින්ඩිකේටය නැවත ගොඩනඟන ආකාරයයි.
එහිදී ඔහු අනුගාමිකයන් පිරිසක් එකතු කරගන්නා අතරතුර ලූටි වාරියෝ (Looti Vario) නමැති අපරාධ කල්ලිනායකයා සහ බ්‍රැන්ඩර් ලෝසන් (Brander Lawson) නමැති නීති නිලධාරියා සමඟ ගැටෙන අතර, කළකිරීමට පත්වී සැඟවී සිටින ජෙඩායිවරයෙකු වන ඊකෝ-ඩියෝ ඩාකි (Eeko-Dio Daki) සහ ඔහුගේ තරුණ ගෝලයා වන ඩෙවොන් ඉසාරා (Devon Izara - Gideon Adlon) ඉලක්ක කරගනු ලබනවා.
අවසානයේදී මොවුන් සියලු දෙනාම අධිරාජ්‍යයේ ඉන්ක්විසිටර්වරුන්ගේ (Inquisitors) සහ ඩාර්ත් වේඩර්ගේ (Darth Vader) ඉලක්ක බවට පත්වන අතර, අවසාන ජවනිකාවේදී ඩාකි සහ ලෝසන් තම ජීවිත පූජා කරද්දී, බ්ලැක් සන් (Black Sun) අපරාධ කල්ලියේ නායක ඩ්‍රයිඩන් වෝස්ගේ (Dryden Voss) උදව් ඇතිව Maul බේරී පලාගොස්, ඉසාරාව තමාගේ නව ගෝලයා ලෙස තබාගන්නවා.
New Skywalker trilogy
මේ පිළිබඳ පුවත 2024 නොවැම්බර් 07 වන දින 'Deadline' වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියට පත් වූ අතර, ලූකස්ෆිල්ම් හි සභාපතිනි කැත්ලීන් කෙනඩි (Kathleen Kennedy) සමඟ එක්ව මෙම නව චිත්‍රපට ත්‍රිත්වය ලිවීම සහ නිෂ්පාදනය කිරීම සඳහා කින්බර්ග් සමඟ ගිවිසුමකට එළඹි බව එහි සඳහන් වුණා.
ඔහුගේ අතීත පසුබිම දෙස බලන විට මෙය ඉතා අවධානය යොමු වූ තේරීමක් වුණා. ඔහු ඩේව් ෆිලෝනි (Dave Filoni) සමඟ එක්ව Star Wars Rebels නිර්මාණය කළ අතර, ජේ.ජේ. ඇබ්‍රම්ස්ගේ (J.J. Abrams) The Force Awakens චිත්‍රපටයට උපදේශකත්වය ලබා දුන්නා. එමෙන්ම ෆොක්ස් (Fox) සමාගමේ Days of Future Past ඇතුළු X-Men සිනමා වෘත්තාන්තයේ බොහෝ නිර්මාණ සඳහා පිටපත් ලිවීමෙන් සහ නිෂ්පාදනයෙන් දායක වුණා.
ආරම්භයේදී 'Deadline' වෙබ් අඩවිය මෙම ව්‍යාපෘතිය ස්කයිවෝකර් කතාවේ (Skywalker Saga) 10, 11 සහ 12 වන කොටස් (Episodes X, XI and XII) ලෙස හඳුන්වා දුන්නද, ලූකස්ෆිල්ම් හි අභ්‍යන්තර ආරංචි මාර්ග එය තහවුරු කළේ නැහැ. ඔවුන් ප්‍රකාශ කළේ මෙම චිත්‍රපට මඟින් සම්පූර්ණයෙන්ම අලුත් කතා මාලාවක් ආරම්භ වන අතර, එය දැනට සංවර්ධනය වෙමින් පවතින සසුරු ව්‍යාපෘති සමඟින් ඉදිරියට යන බවයි.
එතැන් සිට මෙම ව්‍යාපෘතිය පියවරෙන් පියවර ගොඩනැඟෙමින් පවතිනවා. කින්බර්ග් 2024 අගභාගයේ සිට මෙම ත්‍රිත්වයේ පිටපත ලියමින් සිටින අතර, 2025 මුල් භාගයේදී කෙනඩි ප්‍රකාශ කළේ ඔහු පිටු 70 ක පමණ සවිස්තරාත්මක සැලැස්මක් ඉදිරිපත් කර ඇති බවයි. මෙහි ලොකුම යාවත්කාලීන කිරීම වාර්තා වූයේ 2026 සැප්තැම්බර් අගභාගයේදීය. එනම්, ටොම් හොලන්ඩ්ගේ (Tom Holland) Spider-Man ත්‍රිත්වයේ අධ්‍යක්ෂක සහ Skeleton Crew හි සම-නිර්මාතෘ ජෝන් වොට්ස් (Jon Watts), ස්කයිවෝකර් කතාවේ ඉදිරි දිගුවක් ලෙස 10 වන කොටස (Episode X) ලෙස පුළුල් ලෙස විස්තර කෙරෙන මෙහි පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට සම්බන්ධ වී ඇති බව 'The Hollywood Reporter' ඇතුළු ප්‍රමුඛ මාධ්‍ය තහවුරු කළා.
මුල් චිත්‍රපට නවයට ඔබ්බෙන් පිහිටි ගැලැක්සිය ගැන සහ The Rise of Skywalker හි සිදුවීම්වලට පසුව දිගහැරෙන කතාවක් මෙහි අඩංගු වන බවට වාර්තා වන අතර, ඩේසි රිඩ්ලි (Daisy Ridley), 'රේ' (Rey) ලෙස නැවත පැමිණ නව ජෙඩායි පරම්පරාවකට මඟපෙන්වන ප්‍රවීණ උපදේශිකාවකගේ චරිතය නිරූපණය කරනු ඇති බවටද කතාබහක් පවතිනවා.
කෙසේ වෙතත්, ලූකස්ෆිල්ම් සමාගම තවමත් මෙම චිත්‍රපටයට නිල වශයෙන් අවසර ලබා දී නොමැති අතර, මෙහි නම හෝ නිකුත් වන දිනයක් ප්‍රකාශයට පත්කර නැහැ. එමෙන්ම එම චිත්‍රාගාරය මේ පිළිබඳ අදහස් දැක්වීමෙන් වැළකී සිටිනවා. 'The Hollywood Reporter' සඟරාව සඳහන් කරන්නේ මෙය තවමත් සංවර්ධන මට්ටමේ පවතින නමුත්, Starfighter හැර අනෙකුත් ලූකස්ෆිල්ම් නිර්මාණවලට වඩා ඉදිරි පියවරක පවතින බවයි.





Comments
Post a Comment