ලොව දුර්ලභම දිවියා - Sundaland clouded leopard


2011 මර්තු මාසයේදී ලන්ඩන් සත්වවිද්‍යා සමාජය (London Zoological Society) තමන් අලුත්ම දිවියන් වර්ගයක් හඳුනාගත් බව ලොවට ප්‍රකාශ කලා. ඉන්දුනීසියාවේ ජාවා-සුමාත්‍රා-බෝර්නියෝ ප්‍රදේශය වාසභූමිය කරගත් මෙම දිවියා "සුන්ඩාලෑන්ඩ් ක්ලවුඩඩ් ලෙපර්ඩ් (Neofelis diardi)" ලෙස නම් කොට තිබෙනවා. සෑම වසරකම අලුත් කෘමිවර්ග හා වෙනත් කුඩා සතුන් වර්ග් සිය ගණනක් විද්‍යාඥයින් හට හමුවුවත් මෙතරම් විශාල බිළාල වර්ගයට අයත් සතෙකු මෑතකදී සොයාගත් ප්‍රථම වතාව ලෙස ලෙස මෙය සැළකෙනවා. මෙතරම් කාළයක් මෙම දිවි වර්ගය විද්‍යා ලෝකයෙන් සැඟව සිටියේ ඔවුන් ජාවා-සුමාත්‍රා-බෝර්නියෝ ප්‍රදේශවල ඝණ වනාන්තරයේ වෙසෙන ඉතා කුලෑටි, නිශාචරව සැරිසරන්නෙකු නිසා.

ආසියාවේ වෙනත් රටවල් "ක්ලවුඩඩ් ලෙපර්ඩ්" දිවියන් වර්ග වාසය කරතත් මෙම දිවියා වෙනස්ම කුළයක් බව මෙම සත්වයින්ගේ ජාන පරීක්ශාව මගින් තහවුරු කරගෙන තිබෙනවා. මෙම පරීක්ශාව සඳහා ජාන ලබාගෙන තිබෙන්නේ මෙම සතුන්ගේ වසුරු ආශයෙන් සිදුකරන ලද ජාන පරීක්ශාවක් මගින්.

මෙම සත්වයා කොතරම් දුර්ලභද යත් මේ වනතෙක්ම වනතෙක්ම මෙම සත්වයාගේ ජීවමාන ස්වරූපය දැකබලා ගැනීම සඳහා විද්‍යාඥයින් හට ලැබී තිබෙන්නේ වනාන්තරය තුල සඟවා තිබූ කැමරාවකින් ලැබුණු තත්පර කිහිපයක වීඩියෝවක් පමණයි. යූ-ටියුබ් ජාලයට ඇතුලු කරනලද එම වීඩියෝව පහත දක්වා තිබෙනවා.




Comments