අඟහරුමත ජීවය පිලිබඳව සාක්ශි ලෙස පිලිගත හැකි තොරතුරක් සැඟවූයේ යයි නාසා ආයතනයට නඩුවක් වැටෙයි!! [ඡායාරූපයේ පෙනෙන්නේ ජීවී ද්‍රව්‍යයක් නොව ගලක්! නාසා පිලිතුරු බඳියි]


අගහරු ග‍්‍රහයා මතුපිට ගවේෂණයේ යෙදෙන ඔපර්චුනිටි රෝවරය විසින් ලබාගත් ඡයාරූපයක තිබූ වස්තුවක් පිළිබඳ වැඩිදුර තොරතුරු ඉල්ලා තාරකා ජෛවවිද්‍යාඥ රාව්න් ජෝසප් විසින් නාසා ආයතනයට විරුද්ධව නඩු පවරා ඇතැයි වාර්තා වේ. නාසා ආයතනයට හා එහි ප‍්‍රධානි චාල්ස් බෝල්ඩන්ට එරෙහිව පැවරූ නඩුවෙන් ඉල්ලා ඇත්තේ විය හැකි ජෛව පද්ධතියක් පිළිබඳ වහා පර්යේෂණ පවත්වන ලෙසයි.

ජනවාරි 8දින ඔපර්චුනිටි රෝවරය මගින් ගත් ඡයාරූපයක මධ්‍යය රතු පැහැති සහ වටේ සුදු පැහැති වස්තුවක් දක්නට ලැබෙන අතර එය පිනැකල් දිවයින ලෙස නාසා විද්‍යාඥයින් විසින් නම් කර තිබේ.

එය දින 12කට පෙර එම ස්ථානයේ ගත් ඡයාරූපයක නොමැති බව දක්වන NASA පවසා ඇත්තේ එය ඔපර්චුනිටි රෝවරය ගමන් කිරීමේදී පෙරළී එන්නට ඇති පාෂාණයක් බවයි.

කෙසේවෙතත් ආචාර්ය රාව්න් ජෝස්ප් පවසන්නේ එය නිශ්චිත වශයෙන්ම හත්තක් වැනි දිලීර වර්ධනයක් බවයි.
පෘථිවියේදී එවැනි ජෛව පද්ධතීන් ඇපොතීසියම් ලෙස හඳුන්වන බව ඔහු පවසා තිබේ.  නාසා විද්‍යාඥයන් එය ප‍්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් එය කිසිසේත්ම ජීවී ද්‍රව්‍යයක් විය නොහැකි බව පවසනවා.

එය පිළිගත නොහැකි බව පවසා ඇති ආචාර්ය ජෝසප් එම දත්ත ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.  මේ අතර දින 12කට පෙර ගත් ඡයාරුපයේද මෙම දිලීරය යන්තමින් දක්නට ලැබෙන බවත් පැහැදිලි ලෙසම එය එම කාලය තුළ වර්ධනය වී ඇති බවත් ඔහුගේ අදහසයි.


Comments

Post a Comment