NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

AUTOMOTIVE / CLASSIC CARS : Mercedes-Benz "Fintail" (Heckflosse) Sedan 1959-1968

Photo Credit: Original Photographer | Downloaded from FB and colorized using Gemini Nano Banana

මෙය Mercedes-Benz "Fintail" (Heckflosse) Sedan රථයක් වන අතර, මෙය 1959 සිට 1968 දක්වා නිෂ්පාදනය කරන ලද W111 / W112 හෝ W110 චැසි මාලාවට අයත්වෙනවා.

මෙය සිඩෑන් / සැලූන් වර්ගයේ මෝටර් රථයකි. සිඩෑන් යනු ඇමරිකානු ඉංග්‍රීසි වචනය වන අතර සැලූන් යනු බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි වචනයයි. සැලූන් / සිඩෑන් මෝටර් රථයක් නිර්මාණය කර ඇත්තේ එන්ජිම, මගීන් සහ ගමන් මලු (boot/trunk space) සඳහා වෙන වෙනම කොටස් සහිත ත්‍රිත්ව කොටස් (three-box) වින්‍යාසයකිනි.

Manufacturer & Series: Mercedes-Benz W111 / W112 (220b, 220Sb, 220SEb, 230S, හෝ 300SE වැනි) හෝ W110 (230).


Nickname: "Fintail" හෙවත් ජර්මානු භාෂාවෙන් "Heckflosse" ලෙස හඳුන්වනු ලබන අතර, reverse කිරීමේදී  පහසුවක් වනු පිණිස නිර්මාණය කරන ලද සුවිශේෂී වූ පසුපස වරල් හේතුවෙන් මෙම නාමය ලැබී ඇත.



Mercedes-Benz W110 fintail | Photo Credit: Wikimedia

Headlights: ද්විත්ව වටකුරු කාච සහිතව යුගලනය කර ඇති, යුරෝපීය මෝටර්වාහන වල ආලෝක පද්ධති නියාමන (European spec headlights) අනුව නිර්මාණය කරන ලද සිරස් සංයුක්ත වීදුරු ප්‍රධාන ලාම්පු ඒකක වලින් සමන්විත වේ.


Specific Model in the photo with Double Lens Headlights : මූලික 4-සිලින්ඩර W110 මාදිලි (base production) සහ ආරම්භක මට්ටමේ (entry level) 6-සිලින්ඩර W111 මාදිලි (220 සහ 220 S වැනි) සඳහා ද්විත්ව වටකුරු කාච ඇතුලත් සිරස් සංයුක්ත ප්‍රධාන ලාම්පු  සහිතව නිෂ්පාදනය වුනා.


First mass produced car with Crumple Zones: සුප්‍රකට ආරක්ෂක ඉංජිනේරු Béla Barényi මහතාගේ සැලසුමක් වන W111 මාලාව, ඉදිරිපස සහ පසුපස තැලෙන කලාප (crumple zones) දෘඩ මගී ආරක්ෂිත කුටියක් සමඟ ඒකාබද්ධ කරන ලද ලොව ප්‍රථම මහා පරිමාණ මගී මෝටර් රථය වේ.


Engines: සාමාන්‍යයෙන් 2.2L හෝ 2.3L M180 / M127 පේළිගත හයේ (inline-six) එන්ජිමකින් (හෝ ඉහළම පිරිවිතර සහිත W112 300SE මාදිලියේ M189 3.0L එන්ජිමකින්) සමන්විත වේ.


නිෂ්පාදන මාලාව


Four Cylinder Saloon Series
1961–68 Mercedes-Benz W110 — 190c, 190Dc (1961–65), 200, 200D, 230 (1961–65)


Six Cylinder Saloon Series
1959–68 Mercedes-Benz W111 — 220b, 220Sb, 220SEb, 230S
1961–65 Mercedes-Benz W112 — 300SE







Comments