මැලේසියානු යානය බිමහෙලූ රුසියාවට පක්ශපාතී කැරලිකරුවන් සතුවූ SA-11/SA-16 BUK මිසයිල විදිනය හොර රහසේ රුසියාවට ගෙනයන අයුරු යුක්‍රේනියානු ඔත්තුකරුවන්ගේ කැමරාවලට හසුවෙයි??

SA-11/SA-16 BUK මිසයිල පද්ධතියට මිසයිල සවිකරන ආකාරය දැක්වෙන Animated GIF සජීව ඡායාරූපයක්
ලොව මහත් ආන්දෝලනයට තුඩුදුන් මැලේසියානු යානයට සිදුවූ මිසයිල ප්‍රහාරය සිදුකලේ කවුරුන්ද යන්න පිලිබඳව රුසියාව හා යුක්‍රේනය/යුරෝපය අතර මත ගැටුමක් හටගෙන ඇත.

යුක්‍රේනය හා යුරෝපය මෙන්ම අමෙරිකාවද චෝදනා කරන්නේ රුසියාව මගින් මෙම බලසම්පන්න අවිය යුක්‍රේනය මට්ටු කිරීම සඳහා රුසියාවට පක්ශපාතී බෙදුම්වාදී කැරලිකරුවන් හට ලබාදුන් බවයි. MH17 යානය බිම හෙලීමට දින කිහිපයකට පෙර යුක්‍රේනයට අයත් ඇන්ටොනොෆ් AN-29 ප්‍රවාහන යානයක්ද, හෙලිකොප්ටරයක්ද මෙලෙස මිසයිල ප්‍රහාරවලින් බිම හෙලා තිබුණා.

රුසියාව පවසන්නේ මෙම ප්‍රහාරය යුක්‍රේන හමුදාව විසින් සිදුකල බවත් ඔවුන්ගේ ඉලක්කය වූයේ රුසියානු ජනාධිපතු පුටින් ගමන්ගත් රුසියානු ජනාධිපතිවරයාගේ නිළ ගුවන්යානය වන ඉල්යුශින් II-96 යානය බවයි. බ්‍රසීලයේ පාපන්දු ලෝක කුසලාන අවසන් තරඟය නැරඹීමට ගිය පුටින්, ආපසු රුසියාවට පැමිණෙමින් සිටියදී MH17 යානය ගමන්ගත් මාර්ගය හරහා වැටී ඇති මාරගයක එම වේලාවේම ගමන්කල බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.

BUK මිසයිල විදිනයක් MH17 කඩාවැටීමට පැය කිහිපයකට පෙර යුක්‍රේනයේ රුසියානු කැරලිකරුවන් අල්ලාගෙන සිටින ප්‍රදේශයක් වන නිශ්නි(Snizhne) ප්‍රදේශයේදී කැමරාවට හසුවුනු ආකාරය. (පහත සිතියම බලන්න)



MH17 කඩා වැටීමෙන් පැය කිහිපයකට පසුව යුක්‍රේනයෙන් රුසියාව බලා දිවෙන  මාර්ගයක ගමන්කරමින් සිටි BUK මිසයිල විදිනයක් යුක්‍රේන ඔත්තුකරුවන්ගේ කැමරාවලට හසුවිය. මෙම විදිනයේ මිසයිල සතරන් ඉතිරිව තිබෙනු  පෙනෙනුයේ මිසයිල දෙකක් පමණකි. විදින ලද මිසයිල දෙක MH17 බිම හෙලුවාද?



Comments