MH17 මැලේසියානු ගුවන්යානය යුක්‍රේනයේදී වෙඩිතබා බිම හෙලූ SA-11/SA-17 BUK ගුවන්යානා නාශක මිසයිලය.


SA-11 Gadfly / SA-17 Grissly ලෙස නේටෝ සංවිධානය නම් කොට ඇති ගුවන්යානා නාශක මිසයිල පද්ධතිය සෝවියට් රුසියාවේ නිර්මාණයක් වන අතර එම ගුවන් යානා නාශක මිසයිල පද්ධතිය රුසියානුවන් හඳුන්වන්නේ BUK Antiaircraft Missile System ලෙසය. 1970ව දශකයේ නිර්මාණය කොට නිරන්තරයෙන් වැඩි දියුණු කරන ලද බක් මිසයිල පද්ධතිය පහසුවෙන් ප්‍රවාහණය කල හැකි ලෙස යුධටැංකි වැනි, කැටපිලර් ට්‍රැක් රෝද (tracked wheels) මත ධාවනය වන යුධ රථ චැසිමත නිර්මාණය කොට ඇත.



කිලෝමීටර් 25ක් තරම් ඉහල අහසේ පියාසර කරන යානාවක් විනාශකල හැකි පියාසර පරාසයක් ඇති බක් මිසයිල පද්ධතිය අඩු පුහුණුවක් ඇති ආධුනිකයින්ට වුවද ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කල හැකි ප්‍රහාරාත්මක අවියකි. තුන්වනි ලෝක යුද්ධයකදී යුරෝපයේ සිට සෝවියට් දේශය ආක්‍රමණය කරන අමෙරිකානු හා නේටෝ ගුවන්යානා වලින් සෝවියට් රතු හමුදාව ආරක්ශාකර ගැනීම සඳහා නිර්මාණය කොට ඇති මෙම මිසයිල පද්ධතිය විශේෂිත ලෙස අනුවර්තනය කරන ලද යුධ රථ මත ස්ථාපනය කොට ඇත. මෙම පද්ධතිය කොටස් කිහිපයකින් යුක්තය.

1] Command vehicle - පාලන රථය
2] Target Acquisition Radar (TAR) vehicle - ඉලක්ක සොයාගන්නා රේඩාර් රථය
3] transporter erector launcher and radar (TELAR) vehicle - මිසයිල ප්‍රවාහණය හා විදීමේ පද්ධතිය අඩංගු රථය

මෙම පද්ධතිය සහිත වාහන තුන, යම් ස්ථානයක නැවැත්වූ පසු, පලමු මිසයිලය විදීමට සූදානම් වීම් සඳහා ගතවන කාලය විනාඩි 5ක් පමණකි. රේඩාර් මගින් ඉලක්කයක් ග්‍රහණයකල පසු මිසයිල ප්‍රහාරයක් එල්ලකිරීමට ගතවන කාලය තත්පර 22කි. කිලෝමීටර් 140ක් ඈතක සිට ඉලක්කයක් ට්‍රැකිං කිරීමේ හැකියාව සතුය. මෙම මිසයිලයට ඉලක්කයක් සාර්ථකව විනාශ කිරීමට ඇති හැකියාවේ සම්භාවිතාවය (kill prabability) 90%–95%.

බක් පද්ධතිය මගින් විදිය හැකි මිසයිල වර්ග











Comments

Post a Comment