ඥාණසාර හාමුදුරුවෝ උසස්පෙල ප්‍රථිපල ගැන කරන විග්‍රහය නිවැරදියි!

"මෙවර උසස් පෙළ ප්‍රතිඵල දැක්කාම විශාල අනතුරක පෙරනිමිති පෙනෙන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර ඊයේ (5) කිරුළපන බොදුබල සේනා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කොට ඇත.

ඔහු එහිදි වැඩිදුරටත් මෙසේද සදහන් කොට ඇත. ‘උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලින් පේනවා ජයග්‍රහණය කරපු දරුවන්ට ආශිර්වාද කරනවා. මාධ්‍ය ආයතවලට ගෙනැල්ලා සුබ පතනවා. ඒ වුණත් අධ්‍යාපනය කඩා වැටිලා. 

හැම ආණ්ඩුවක්ම රටේ අධ්‍යාපනය බරපතල විදියට කඩා වැටීමට කටයුතු කර තිබෙනවා. අධ්‍යාපනය කියන්නේ රටේ සාරධර්මයන්, සංස්කෘතිය ජාතියට උරුම කර දීමයි. නමුත් දැන් තිබෙන්නේ අයාලේ යන සංස්කෘතියක්. 

ජීව විද්‍යා හා ගණිත අංශයන්ගෙන් 2013 වසරේ සමත්වූ ප්‍රමාණය 34%ක්. 66%ක ප්‍රමාණයක් වාණිජ හා කලා විෂයයන්ගෙන් සමත් වෙලා තිබෙනවා. රටක් දියුණු වීමේ මූලිකම දෙය විද්‍යා හා ගණිත විෂයන් හැකිතරම් දියුණු කිරීමයි. මෙතැනම අර්බුදය පෙනෙනවා‘ යනුවෙනි."

Source  

මා ඥාණසාර ගරුතර ස්වාමීන්වහන්සේගේ දේශපාලන අදහස්වලට හෝ උන්වහන්සේ සුළු ජාතින් කෙරෙහි දක්වන ආකල්පවලට කැමත්තක් නොදක්වමි. එහෙත් ජාතික වශයෙන් වැදගත්වන කරණු ඉදිරියට ගෙන, මාධ්‍යයට නිරාවරණය කොට, ප්‍රචාරණය ලබාගෙන ඒවා සමාජ කථිකාවකට බඳුන් කිරීමට උන්වහන්සේට හා උන්වහන්සේ මෙහෙයවන සමාජ ව්‍යාපාරවලට ඇත්තේ විශාල හැකියාවකි. එය කිසිසේත් අඩුවෙන් තක්සේරු කල යුතු නොවේ.

උසස් පෙල ප්‍රථිපල පිලිබඳ උන්වහන්සේ එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සිදුකරනලදැයි වාර්තාවන සියලුම සියලුම ප්‍රකාශවලට මාහට එකඟවිය නොහැකිය. විශේෂයෙන්ම අධ්‍යාපනය කඩාවැටීම, සෝදාපාලුවීම වැනි ප්‍රකාශ ඇසෙන්නේ අපේ රටෙන් පමණක් නොවේ. ඔබ බ්‍රිතාන්‍ය ජාතිකකයෙකුගෙන්, අමෙරිකානුවෙකුගෙන් හෝ කොරියානුවෙකුගෙන් ඇසූවද ඔවුන්ද, සිය රටේ අධ්‍යාපනය පිලිබඳව නොයෙකුත් මැසිවිලි නගනු ඇත.


මීට වසර දෙකකට පෙර බ්‍රිතාන්‍යයේ අධ්යාපන ඇමතිවරයා එරට උසස්පෙල විභාගය සිදුකරන ආකාරය විශාල වෙනසකට භාජනය කලේය. කලින් බ්‍රිතාන්‍ය උසස්පෙල (ලංකාවේ ලන්ඩන් AL කියන්නේ මෙයටය) විභාගය පැවැත්වුනේ අදියර දෙකකිනි. එනම් AS මට්ටම (Advanced Subsidiary Level) ලෙස පලමු වසරේ විභාගයකුත්, A2 මට්ටම (Advanced Level 2nd Year) ලෙස දෙවන වසරේ විභාගයකුත් ලෙස උසස්පෙල විභාගය මට්ටම් දෙකකින් පවත්වා එම මට්ටම් දෙකෙහිදීම සිසුවා යම් විෂයකට ලැබූ ලකුණු එකතුකොට එම වියේ උසස්පෙල ප්‍රථිපලය ලෙස ගන්නා ලදී.

මෙම අදියර දෙකේ උසස්පෙල විභාග ක්‍රමයේ වාසි තිබුණත් ප්‍රධාන අවාසියක් ලෙස සැලකුනේ සෑම වාර දෙකට පසු විභාගයක් පැමිණීමයි. ඒ අනුව ගුරුවරුන් (ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ උසස්පෙල ගුරුවරුන්) දරුවන්ට විෂය හොඳින් උගන්වනවාට වඩා, හැකි ඉක්මණින් විෂයධාරාව අවසන් කොට, පුණරීක්ෂණ හා පසුගිය ප්‍රශ්ණපත්‍ර කරවමින් විභාගයට සූදානම් කිරීමයි.

මෙලෙස උඩින්-පල්ලෙන් විෂය නිර්දේශය අවසන් කොට කෙසේ හෝ විභාග සමත්කරවීම නිසා එරට විශ්වවිද්‍යාලවලට ඇතුලත්වන බොහෝ සිසු-සිසුවියන්හට විශ්වවිද්‍යාල පාඨමාලා හැදෑරීමේදී මූලික දැනුම නොමැතිවීමෙන් බොහෝ ගැටලුවලට මුහුණපාන බව එරට විශ්වවිද්‍යාල බලධාරීන් දිගින් දිගටම සිදුකරන ලද පැමිණිලි වලින් පසුව අධ්‍යාපන ඇමතිවරයා බ්‍රිතාන්‍ය උපස් පෙල විභාගයට බොහෝ වෙනස්කම් සිදුකරමින්, විෂය නිර්දේශ යාවත්කාලීන කරවන ලද අතර විභාග දෙකකට කඩා තිබූ උසස්පෙල ලංකාවේ මෙන් වසර දෙකක් අවසානයේ පැවැත්වෙන එක් විභාගයක් බවත් පරිවර්තනය කරන ලදී.

එහෙත් මෙම නව සැලැස්මටද දැඩි විවේචන එල්ලවන අතර එම ප්‍රතිසංස්කරණ වලට විරුද්ධව දෙමව්පියන් මෙන්ම විදුහල්පතිවරුන්ද, අධ්‍යාපන විශේෂඥයින් පිරිසක්ද උසාවියාමට පවා සූදානම් වී සිටිති.


මා මේ එක් උදාහරණයක් ගත්තේ ඕනෑම රටක ජනතාව තම රටේ අධ්‍යාපනය තත්වයෙන් බාල බවත්, නූතන ලෝකයට නොගැලපෙන බවත් විශ්වාස කිරීම හා විවේචනය කිරීම සිදුවන බව පෙන්වීමටයි.
ජීව විද්‍යා හා ගණිත අංශයන්ගෙන් 2013 වසරේ සමත්වූ ප්‍රමාණය 34%ක්. 66%ක ප්‍රමාණයක් වාණිජ හා කලා විෂයයන්ගෙන් සමත් වෙලා තිබෙනවා. රටක් දියුණු වීමේ මූලිකම දෙය විද්‍යා හා ගණිත විෂයන් හැකිතරම් දියුණු කිරීමයි. මෙතැනම අර්බුදය පෙනෙනවා‘ 
ඥාණසාර හිමියන් මේ මතුකරන්නේ ඉතාමත් වැදගත් කරුණකි. නූතන ලෝකය ජයගැනීමට විද්‍යාව හා ගණිතය ඉතා වැදගත්ය. අද ලෝකයේ වේගයෙන්ම දියුණුවන රටවල් වන චීනය, කොරියාව, තායිවානය, ඉන්දියාව වැනි රටවල් ගත්විට එම රටවල් වල උසස්පෙල සිසු ප්‍රජාවගෙන් විද්‍යා-ගණිත විෂය ධාරාවන් ඉගෙනීමට උනන්දුව ඉතා ඉහලය. ලොව වැඩිම ඉන්ජිනේරුවන්, විද්‍යාඥයින්, තාක්ශණඥයින් බිහිකරන රටවල් වන්නේ අනුපිලිවෙලින් චීනය, අමෙරිකා එක්සත් ජනපදය හා ඉන්දියාවයි.

2015 වසර අවසන් වන විට ලොව පුරා නව නිපයුම් සඳහා පේටන්ට් බලපත්‍ර අයදුම් පත් මිලියන 2.7ක් ඒ ඒ රටවල්වල පේටන්ට් කාර්යාල වෙත ලැබී තිබූ අතර මේ අයදුම් පත්වලින් 30% එනම් අයදුම් පත් නව ලක්ශයක්ම ඉදිරිපත් කර තිබුණේ චීන ජාතික විද්‍යාඥයින්, පර්යේෂකයින් හා නව නිපැයුම්කරුවන් විසිනි.

එහෙත් අපි?

Recent Posts Widget
---------------------------------------------------------------------------------------------------------

Comments