Whoosh Bottle : ගෙදර කරන්න හදන්න එපා !!!! [DON'T TRY THIS AT HOME - BUT WE KNOW YOU WOULD ... :D ]



1] ලොකු පොලිකාබනේට් වතුර බෝතලයක් ගන්න. Water Dispenser වලට වතුර පුරවන බෝතල් පොලිකාබනේට් බෝතල්. 

බෝතලය ඝණකම් වෙන්න ඕනෑ. ඒ නිසා කඩෙන් ගන්න ලීටර් 5 වතුර බෝතල් පාවිච්චි කරන්න එපා. ඒවා තුනී වැඩියි. ඒ වගේම වීදුරු බෝතල් ගන්නත් එපා. පුපුරලා තුවාල වෙන්න පුලුවන්.

2] බෝතලේට සුපිරිසුදු ඇල්කොහොල් ස්ප්‍රීතු දාන්න. ගෙදර බොන සැර ජාති දාලා වැඩක් නෑ. 100% ඇල්කොහොල් වෙන්න ඕනෑ. 100% ඇල්කොහොල් නැතිනම් තීන්ත දියකරන තිනර් දාන්නත් පුලුවන්. හැබැයි තිනර් වඩා භයානක වේගයකින් ඇවිලෙනවා. ඒ නිසා ගොඩක් පරිස්සමෙන්.

3] මූඩියකින් වහලා ඇල්කොහොල්/තිනර් වාශ්ප වෙනකම් තියන්න. ඇල්කොහොල් වාශ්පයෙන් බෝතලය පිරිලා ගියහම තමයි මේ විධියට ඇවිලෙන්නේ.

4] දැන් මූඩිය ඇරලා, බෝතල් කටට ගිණි පුළිඟුවක් ලං කරන්න.

මූඩිය අරින්න ඉස්සෙල්ලා ගිණි පුළිඟුව ලෑස්ති කරගන්න. දිග බටයක් හරි කෝට්ටක කෙලවර හොඳින් ගැටගහපු ඉටිපන්දමක් වැඩේට සුසුදුයි. කෝට්ට දිග වෙන්න ඕනෑ. හදිසියේ පුපුරලා ගියොත් හානිය අවමයි.

ළමයි ලඟ තියාගෙන කරන්න එපා. ගිණි දල්වන්න ඉස්සෙල්ලා ළමයි අඩුම ගානේ අඩි 10-15 ඈත් කරන්න. 

කිසිම විටක ගෙදර කාමරයක හරි කුස්සියේ හරි කරන්න එපා. ඉඩකඩ තියෙන එළිමහන් තැනක කරන්න.

Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments