වර්ණබේදවාදී හෝටල්කරුවන්ට විරුද්ධව මිරිස්ස තල්මසුන් බලන්නට යාම ප්‍රතික්ෂේප කරමු | Calling all Sri Lankans, LETS BOYCOTT MIRISSA WHALE WATCHING

මිරිස්සේ තල්මසුන් බලන්නට එන හැම ලාංකිකයාම ස්ත්‍රී දූෂකයකයෙකු ලෙස සිතාගෙන කටයුතු කරන්නට මේ පිරිසට ඉඩදිය යුතු නොවේ. මේ රටේ බොහෝ පුරවැසියන් ලිංගික පීඩනයෙන් පෙලෙන අසහනකාරයින් නොවේ. අසහනකාරයන් නීතියේ රැහැනට හසුකිරීමට ඕනෑතරම් පහසුකම් අද තිබේ. CCTV තාක්ශණය අද සිල්ලර කඩවල පවා භාවිතාවන, මිලෙන් ඉතා අඩු, අසහනකාරයින් ලෙහෙසියෙන් කොටුකරගත හැකි තාක්ශණයකි. එමෙන්ම කොතෙක් අඩුපාඩු හා චෝදනා තිබුණද ශ්‍රී ලංකා පොලීසියේ 119 හදිසි ඇමතුම් සේවාව බොහෝ අවස්ථාවලදී ඉතා ඉක්මණින් ප්‍රතිචාර දක්වයි. 

 විදෙස් කාන්තාවකට හිරිහැරයක් වූ බවට පැමිණිල්ලක් ලැබුණු විට වහා 119 අමතා අදාල කාන්තාව සිටි ප්‍රදේශය ආවරණය වන CCTV දර්ශණ පොලිසියට භාරදී ඔවුනට රාජකාරිය කරන්නට ඉඩදීමයි. පොලීසියට කිව්වට වැඩක්නෑ, පොලීසිවල රස්තියාදුවෙන්න අපිට වෙලාව නෑ, වැනි කතා අදාල නැතුවා මෙන්ම නීතිවිරෝධීය. කාන්තාවකට අතවරයක්වූ විට පොලීසියට පැමිණිල්ලක් සිදුකල යුතය. පොලීසිය සිය රාජකාරිය ඉටු නොකරන්නේ නම් ඒ සඳහා පැමිණිලි කිරීමට පොලිස් කොමිසමක් පිහිටුවා ඇත. ඒවායින් වැඩගත යුතුය. 

මෙරටේ ව්‍යවස්ථාවට අනුව කිසිදු පුද්ගලයෙකුට ජාතිය, ආගම, භාෂාව, සමේ වර්ණය අනුව වෙනස් ලෙස සැලකීමට කිසිදු අවකාශයක් නැත. 

ඒ අනුව රටේ මහජනතාවට දඬුවම් කිරීමට මේ පොඩි හෝටල්කාරයන් කිහිපදෙනෙකුට ඉඩදිය යුතු නැත. මේ වර්ණබේධවාදී ප්‍රවණතාවය වහා වනසා දැමිය යුතුය. 

නැතිනම් වැඩිකල් යන්නට පෙර සංචාරක හෝටලයක නවාතැන් ගන්නා ශ්‍රී ලාංකිකයින්ට හෝටලයේ පිහිණුම් තටාකය තහනම් වනු ඇත, හෝටලය අවට මුහුදු වෙරලද තහනම් වනු ඇත. හෝටලයේ ආපනශාලාවද තහනම් වනු ඇත. "ආවානම් කාමරයට වෙලා ඉඳලා පලයල්ලා .... " කියා සංචාරක කරුමාන්තයේ මහත්තුරු මේ රටේ පුරවැසියන්ට කියන දවස එන්නට පෙර මෙම ප්‍රශ්ණය විසඳාගත යුතුය.

Comments