දකුණු ඔස්ට්‍රේලියාවේ සන් ඩ්‍රොප් ෆාම්ස් නම් වාණිජ ගොවිපොල අලුත්ම වැඩක් පටන් අරගෙන. ඒ දකුණු ඔස්ට්‍රේලියාවේ පෝර්ට් අගුස්ටා ප්‍රදේශයේ දැඩි ශුෂ්ක දේශගුණයක් ඇති ප්‍රදේශයක, සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන එළවලු ගොවිපොලක් ආරම්භ කිරීමයි.
අධික උෂ්ණත්වයක් ඇති, ජලය ඉතා හිඟ මේ ප්‍රදේශය හිරු එලියෙන් විදුලිය නිපදවීමට නම් ඉතාම හොඳයි. සන්ඩ්‍රොප් ෆාම්ස් සමාගම ඉස්සෙල්ලම කලේ මෙගාවොට් 39ක සූර්ය බළාගාරයක් හැදීමයි. මේ සූර්ය බළාගාරය, සූර්ය කෝෂ වලින් විදුලිය නිපදවනවා වෙනුවට දර්පණ මගින් හිරු එලිය නාභිගත කොට, එසේ නාභිගත වන දැඩි තාපය මුහුදු ජලය උණුකොට හුමාලය බවට හරවන්නට භාවිතා කරනවා. මේ හුමාජයෙන් විදුලි ජෙනරේටර් ධාවනය වන අතර, පසුව ඝණීභවනයවූ විට ඒවා ලුණු රහිත පිරිසිදු මිරිදිය ජලය බවට හැරෙනවා. වගාව සඳහා යොදාගන්නේ මේ මිරිදිය ජලයයි.
කිලෝමීටර් 2ක් ඈතින් පිහිටි මුහුදින් (ස්පෙන්සර් ගල්ෆ් ප්‍රදේශය ) මුහුදු ජලය පොම්ප කරන අතර ජලය පොම්ප කිරීමට හා ලවණ ඉවත්කිරීමට පාවිච්චි කරන්නේ ජනනය වන විදුලියයි. මෙලෙස දිනකට ජල ලීටර් මිලියනයක් පමණ පිරිසිදු කරන අතර එම ජලය හරිතාගාරවල ඇති පැල 18,000ක තක්කාලි වගාව සඳහා යොදනවා.
දර්පණ 23,000ක් මගින් පරාවර්තනය වන සූර්යතාපය නාභිගත වන්නේ මේ කුලුණේ මුදුනටයි. |
සන්ඩ්‍රොප් තක්කාලි වගාව - වසර පුරාම, කෘමිනාෂක හා වල් නාෂක නොමැතිව හරිතාගාරවල වැඩෙයි. |
Comments
Post a Comment