අගෝස්තු 31 වන සඳුදා, ටිම් කුක් ඇපල් සමාගමේ ප්රධාන විධායක නිලධාරී රාජකාරි කරන අවසාන දිනය ලෙස සටහන් වන අතර එදින, අසිරිමත් ව්යාපාරික යුගයක නිමාව සනිටුහන් කරනවා. ස්ටීව් ජොබ්ස්ගේ අභාවයෙන් පසු 2011 වසරේදී එම ධුරයට පත් වූ ටිම්, එතැන් සිට මේ දක්වා එම තනතුරේ රැඳීසිටිමින් ඇපල් සමාගමේ දැවැන්තම වර්ධනයට නායකත්වය ලබා දුන්නා.
කුක්ගේ නායකත්වය යටතේ ඇපල් සමාගමේ වෙළඳපොළ ප්රාග්ධනීකරණය (market capitalisation) ඇමරිකානු ඩොලර් බිලියන 350 ක පමණ අගයක සිට ඩොලර් ට්රිලියන 4 කට වඩා වැඩි අගයක් දක්වා අතිවිශාල වර්ධනයක් ලබා ගත්තේ, ජීවතුන් අතර සිටියානම් අවිවාදයෙන්ම ස්ටීව් ජෝබ්ස් පවා මවිතයට පත්කරමින් බව විශ්වාසයි.
ටිම් කුක්ගේ ප්රධානම ජයග්රහණ
- වෙළඳපොළ ප්රාග්ධනීකරණ වර්ධනය: කුක් මහතාගේ අධීක්ෂණය යටතේ ඇපල් සමාගමේ වෙළඳපොළ ප්රාග්ධනීකරණය ඇමරිකානු ඩොලර් බිලියන 350 ක සිට ඩොලර් ට්රිලියන 4 කට වඩා වැඩි අගයක් දක්වා (2026 ජූලි මාසයේදී කෙටි කාලයකට ඩොලර් ට්රිලියන 5 සීමාව පසු කරමින්) කැපී පෙනෙන ලෙස වර්ධනය විය. මෙය කොටස් හිමියන්ගේ වටිනාකමේ දස ගුණයක පමණ වර්ධනයකි.
- iPhone නිෂ්පාදනයේ දැවැන්ත සාර්ථකත්වය: කුක් iPhone හඳුන්වා නොදුන් නමුත්, ඔහු එය "ලෝක ඉතිහාසයේ වඩාත්ම සාර්ථක නිෂ්පාදනය" බවට පත් කළේය. විවිධ මිල ගණන්, තිර ප්රමාණයන් සහ සකසන (processors) සහිතව මෙම නිෂ්පාදන පෙළ පුළුල් කිරීම මගින්, 2025 වසරේ ඇපල් සමාගමේ ඩොලර් බිලියන 416.1 ක් වූ මුළු ආදායමෙන් ඩොලර් බිලියන 209.5 ක් (ආදායමෙන් 50% ක් පමණ) ලබා ගැනීමට මෙම අංශය සමත් විය.
- චීනය තුළ භූගෝලීය ව්යාප්තිය: චීන වෙළඳපොළ වෙත දැවැන්ත ව්යාප්තියක් මෙහෙයවීමට කුක් මහතා කටයුතු කළ අතර, එය 2025 වසරේදී ඩොලර් බිලියන 64.3 ක විකුණුම් ප්රමාණයක් ජනනය කළ තීරණාත්මක ව්යාපාරික කලාපයක් බවට පරිවර්තනය කළේය.
- සේවා (services) සහ පැළඳිය හැකි උපාංග (Wearables) අංශවල ශීඝ්ර වර්ධනය: iPhone සම්බන්ධ Apple Watch, AirPods, Apple Music+, සහ Apple TV+ ඇතුළු අතිරේක උපාංග සහ දායකත්ව සේවාවල (subscription services) දැවැන්ත ජාලයක් ගොඩනැගීමට ටිම් කුක් කටයුතු කළේය. සේවා අංශය දැනට ඇපල් සමාගමේ දෙවන විශාලතම ව්යාපාරික අංශය වන අතර (2025 දී ඩොලර් බිලියන 109.1), පැළඳිය හැකි උපාංග අංශය තෙවන විශාලතම අංශය වේ (ඩොලර් බිලියන 356).
- පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව පිළිබඳ ස්ථාවරය: ටිම් කුක් යටතේ පෞද්ගලිකත්වය නිෂ්පාදනයක ප්රධාන අංගයක් සහ ප්රධාන අලෙවිකරණ සාධකයක් බවට පත් විය. විශේෂයෙන්ම, 2015 වසරේදී iPhone යන්ත්රය තුළට මෘදුකාංග පසුපස දොරටුවක් (software backdoor) නිර්මාණය කිරීම ප්රතික්ෂේප කරමින් ඔහු FBI ආයතනයට එරෙහිව සිය ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටියේය. එය ලොව පුරා පරිශීලකයින් හැකර්වරුන්ගේ තර්ජනයට ලක් කිරීමට හේතු වන බව ඔහු තර්ක කළේය.
අසාර්ථකත්වයන් සහ විවේචන
- "iPhone" හි අනුප්රාප්තිකයෙකු නොමැති වීම: නවෝත්පාදනයේ මන්දගාමී බවක් පෙන්නුම් කරමින්, iPhone නිර්මාණයේ තැන අනාගතයේදී ලබාගෙන සමාගම ඉදිරියට ගෙන යා හැකි ඊට සමාන විප්ලවීය වෙනසක් සිදු කළ හැකි නවතම හාඩ්වෙයාර් (hardware) නිෂ්පාදනයක් හඳුන්වා දීමට අපොහොසත් වීම පිළිබඳව විවේචකයින් නිරන්තරයෙන් කරුණු දක්වා තිබෙනවා.
- Vision Pro හි මන්දගාමී ආරම්භය: වසර ගණනාවකට පසු සමාගම විසින් හඳුන්වා දුන් පළමු ප්රධාන නව කාණ්ඩයේ නිෂ්පාදනයක් වූ Apple Vision Pro හෙඩ්සෙට් (headset) උපාංගය, වෙළඳපොළ බලපෑම අතින් අවසානයේදී අපේක්ෂිත මට්ටමට පැමිණීමට අපොහොසත් විය. කෙසේ වෙතත්, ඇපල් සමාගම එම තාක්ෂණය ඉදිරි අනාගත ස්මාර්ට් කණ්ණාඩි (smart glasses) සඳහා යොදා ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.
- ජෙනරේටිව් AI (Generative AI) තාක්ෂණයෙන් පසුපසින් සිටීම: ගූගල්, මෙටා, මයික්රොසොෆ්ට් වැනි තරඟකාරී තාක්ෂණික සමාගම්වලට සාපේක්ෂව ජෙනරේටිව් AI තාක්ෂණය වැළඳ ගැනීමට ප්රමාද වීම සම්බන්ධයෙන් ඇපල් සමාගමට දැඩි විවේචන එල්ල වෙනවා. මෙම මන්දගාමී ආරම්භය හේතුවෙන්, 2024 වසරේදී ප්රකාශයට පත් කරන ලද Siri හි යාවත්කාලීන කළ සංස්කරණය පවා ප්රමාද කිරීමට සමාගමට සිදු වුනා.
Comments
Post a Comment