BIKING: How to make a superb hot weather re-hydration drink using Peditral (or Jeewani) - උණුසුම් කාළගුණයේ බයිසිකල් පදිනවිට ඇතිවිය හැකි විජලනය වලක්වා ගැනීමට අඩුමිල සජලන පානයක් සාදාගන්නා අයුරු

 

දීර්ඝ කාලයක සිට පවතින තෙල් හිඟය නිසා බොහෝ දෙනා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වැඩට යන්නට මෙන්ම වෙනත් කටයුතු කරගන්නට බයිසිකල් පදින්න පටන් අරගෙන.

ලංකාව වැනි උෂ්ණාධික රටක බයිසිකල් පදින විට අධික ලෙස සිරුර උණුසුම්වී දහදිය ගලනවා. වැඩියෙන් දහදිය ගැලීමෙන් සිරුර විජලනය වන්නට පුලුවන්. විශේෂයෙන්ම මැදිවයස් හා ඊට වැඩි වයස් අය විජලනය ගැන වඩාත් අවධානයෙන් සිටිය යුතුයි.

As you age, your body's thirst signal diminishes - ඔබ වයස් ගතවන විට ඔබගේ සිරුරට ජලය අවශ්‍ය බවට මොළයෙන් එන සංඥාව හෙවත් පිපාසය දැනීම අඩුවෙනවා. මේ නිසා අව්වේ බයිසිකල් පදින මැදිවියේ හා ඊට වැඩි වයස්වල පුද්ගලයින් නොදැනුවත්ම විජලනයට පත්වෙන්න පුලුවන්.

ඒවගේම වකුගඩු ක්‍රියාකාරිත්වය දුර්වල අයටත් පිපාසය දැනීම අඩුවෙන්න පුලුවන්.

ඒ නිසා උෂ්ණාධික දිනවල බයිසිකල් පැදීම වැනි අධික ලෙස දහදිය දමන ක්‍රියාකාරකම් වල යෙදීමේදී පිපාසය දැනුනත් නැතත් නිතරම ජලය පානය කරමින් විජලනය වලක්වා ගැනීමට ක්‍රියාකල යුතුයි.

TAKE A BOTTLE OF WATER, AND TAKE SIPS FROM IT REGULARLY WHETHER YOU FEEL THIRSTY OR NOT

වතුර බෝතලයක් රැගෙන ගොස් තිබහා දැනුනත් නැතත් විටින් විට එයින් වතුර ස්වල්පය බැගින් පානය කිරීම පුරුද්දක් කර ගන්න. එකවර වතුර විශාල ප්‍රමාණයක් පානය කිරීමේදී ඇතිවන අපහසුතා (බඩ කොරවීම වැනි ) මෙලෙස ටික ටික පානය කිරීමෙන් වලක්වා ගත හැකියි.


MAKE A GREAT RE-HYDRATION DRINK USING  PEDITRAL / JEEWANI - පෙඩිට්‍රාල් හෝ ජීවනී භාවිතා කර ඉතා හොඳ සජලන (rehydration)  පානයක් සාදා ගනිමු


පෙඩිට්‍රාල් හා ජීවනී කුඩා පැකට්ටු ලෙස වෙළඳපොලේ මිලදීගැනීමට ඇත. මේවා ORS හෙවත් ඕරල් රීහයිඩ්‍රේෂන් සෝල්ට්ස් ලෙස හඳුන්වන අතර, අධික වමනය, පාචනය හා අධික ලෙස දහඩිය දැමීම නිසා සිරුරෙන් ඉවත්වන ජලය හා අත්‍යාවශ්‍ය ලවණ යලි ලබාදෙන සජලන පානයක් (rehydration drink) සාදාගත හැකි, පෙනුමෙන් ග්ලූකෝස් වැනි කුඩුවර්ගයකි. 

මිලෙන් අඩු, නිවසේ වුවද පහසුවෙන් සාදාගත හැකි ORS ලවණ පැකට්ටු ලංකාවේ ජීවනී (ඖෂධ සංස්ථාව) හා පෙඩිට්‍රාල් (Searle සමාගම) මගින් වෙළඳපොලට එක් කර ඇත.

මේ දිනවල ජීවනී සොයාගැනීමට අපහසු වුනත්, සර්ල් සමාගමේ පෙඩිට්‍රාල් පහසුවෙන් සොයාගැනීමට පුලුවන්. සර්ල් යනු සුප්‍රකට ෆයිසර් සමාගම අනුබද්ධ ඇමරිකන් ඖෂධ සමාගමක් වන අතර සර්ල් සමාගම මගින් ලංකාවට එවන පෙඩිට්‍රාල්, එහි පාකිස්ථාන ශාඛාව මගින් නිෂ්පාදනය කර එවනවා.

How to make Peditral / Jeewani ORS Drink

1) උතුරවා නිවාගත් වතුර ලීටර් 1යි
2) පෙඩිට්‍රාල් පැකට්ටුවයි
3) ග්ලූකෝස් හෝ සීනි (අවශ්‍ය නම් පමණක් රසය වැඩි කරගැනීමට 4) දෙහි ගෙඩියක් හෝ කෝඩියල් (මෙයත් අවශ්‍ය නම් පමණකි )

වතුර ලීටරයට පෙඩිට්‍රාල් පැකැට්ටුව සම්පූර්ණයෙන්ම එකතුකර මිශ්‍ර කරන්න. අවශ්‍ය නම් සීනි හෝ ග්ලූකෝස් දමා රසය වැඩිකල හැකිය. පානය තවත් ප්‍රණීත කර ගැනීමට දෙහි ගෙඩියක් මිරිකා යුෂ එකතුකල හැකිය. නැත හොත් කෝඩියල් වර්ගයක් මිශ්‍රකල හැකිය. කුඩා දරුවන් වඩාත් කැමැත්තෙන් පානය කරනු ඇත.

මෙම මිශ්‍රණය සයිකල් පදිනවිට ගෙන යන වතුර බෝතලයට පුරවා රැගෙන යන්න. ඉතිරියක් ඇති නම්, එය ශීතකරණයක තබා නිවසට පැමිණි පසු පානය කල හැකිය

ශීතකල ORS පාණය පැය 24ක් භාවිතයට සුදුසු අතර ඊට වඩා කල් ගියහොත් අලුතෙන් සාදා ගන්න.



Comments

Post a Comment