මුහුණු පරීක්ශාකොට හඳුනාගත හැකි නවතම අව්කණ්නාඩි! [Spot Bad Guys a Mile Away With Face Recognition Sunglasses!]

ත්‍රස්තවාදී කණ්ඩායම්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් හා වෙනත් සංවිධානාත්මක අපරාධකල්ලි සමග නිරන්තර සෙවනැලි යුද්ධයක (covert war) නිරතවන ආරක්ශක හා බුද්ධි අංශවලට සිය බිහිසුනු රාජකාරිය මදක් පහසුකරවන ඉතා ප්‍රයෝජනවත් උපකරණයක් නිපදවා තිබෙනවා. සාමාන්‍ය අව්කණ්නාඩියක් මෙන් දිස්වන මෙයට HD වර්ගයේ ඩිජිටල් කැමරාවක් හා අධිවේගී දත්ත සම්ප්‍රේශණ උපකරණයක් අඩංගුකොට තිබෙනවා. ඒ අනුව අව්කණ්නාඩිය පැළඳගෙන පුද්ගලයින් නිරීක්ශණය කරන ආරක්ශක අංශ නිළධාරියෙකුට ඒ සෑම මුහුණක්ම කැමරාව ආධාරයෙන් අධිවේගීව ස්කෑන් කොට ආරක්ශක අංශවලට අවශ්‍යව සිටිනා පුද්ගලයෙකුදැයි සොයාගත හැකිවනවා.

දත්ත සම්ප්‍රේශකය හරහා ප්‍රධාන දත්තගබඩාවට සම්බන්ධකොට ඇති මෙම අවුකණ්නාඩියට තත්පරයකට මුහුණු 400ක් ස්කෑන් කොට එම මුහුණු ප්‍රධාන දත්ත ගබඩාවක ඇති මිලියන ගණනක් ඡායාරූප හා සසඳා වරෙත්තුකරුවන් හා කලින් අපරාධ වාර්තා ඇති පුද්ගලයින් ක්ශණයෙන් හඳුනාගත හැකි වනවා.


මෙවැනි අව්කණ්නාඩි දැන් වසර කිහිපයක් මුලුල්ලේ අමෙරිකානු FBI, CIA හා වෙනත් ආරක්ශක අංශත්, බ්‍රිතාන්‍යයේ MI6 වැනි ඔත්තුසේවා ඒජන්තයනුත් භාවිතාකොට ඇති අතර මුල්වරට සිවිල් ආරක්ශක අංශයක් මෙම අව්කණ්නාඩි භාවිතාකරනු ඇත්තේ 2014 බ්‍රසිලයේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේදී බව පැවසෙනවා. බ්‍රසීලයේ රියෝ දි ජැනෙයිරෝ නගරය සංවිධානාත්මක අපරාධ කල්ලිවල තෝතැන්නක් බැවින් ලෝක කුසලාන තරඟාවලියේ ආරක්ශාව තහවුරු කිරීමට අධිතාක්ශණික උපකරණ වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට බ්‍රසීල රජය සූදානම් වනවා. 2014 ලෝක කුසලාන පාපන්දු තර්ඟාවලිය පමණක් නොව 2016 ඔලිම්පික් උළෙල පැවැත්වීමේ වාසනවාව උදාකරගෙන තිබෙන්නේ බ්‍රසීලයයි.

Comments

  1. උඩ දාලා තියෙන අවු කන්නාඩිය නම් ඔය කියන ජාතියේ එකක් නෙමෙයි නේද?

    ReplyDelete
  2. දැන් එතකොට අපරාධකාරයෙකුට පාරේ බැහැල යන්නත් බැහැ ඔයකියන විදියට . අනේ හොඳයි. අනේ හොඳයි !! ලංකාවේ නං කන්ණාඩි ඕන නෑ අපරාධකාරයෝ බලන්න . මැතිඇමතිවරු වටේ ඉන්න ඔක්කොම ඒ කට්ටිය තමයි. ආයේ දෙකක් නෑ .

    ReplyDelete

Post a Comment