ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන්ගේ තනි-නොතනියට ජපානයේ නිමැවෙන "කීබෝ" සමාජශීලී රොබෝවරයා


ජපානයේ ජාතික අභ්‍යවකාශ ආයතනය වන JAXA ආයතනය වෙනුවෙන් රොබෝ ඉන්ජිනේරුවෙකු වන ටොමොටාකා ටකහාෂී (Tomotaka Takahashi) විසින් නිර්මිත කිබෝ, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නේවාසික ගගනගාමියෙකු වන ජපන් ජාතික කොයිචී වකාටාගේ (Koichi Wakata) සහයට උඩුගුවනට යැවීමට සැළසුම් සකස්වෙමින් පවතී.


කතාකරන භාශාව තේරුම්ගෙන පිලිතුරුදීමේ හැකියාව (speech recognition and natural language processing technology) මෙන්ම පුද්ගලයින්ගේ මුහුණු හඳුනාගැනීමේ හැකියාව (face recognition) ඇති කීබෝ නිර්මාණය වී ඇත්තේ ජපානයේ ටොයෝටා සමාගම විසින් වැඩිදියුණු කරමින් පවතින තාක්ශණයන් ආධාරයෙනි. මෙහි නිර්මාණ කාර්යයන් සඳහා ටෝකියෝ විශ්වවිද්‍යාලයේ පර්යේශකයින් කණ්ඩායමක් සහයවේ. 

රොබෝවරයාගේ හැඩරුව නිර්මාණය කොට ඇත්තේ ජපානයේ ප්‍රකට වෙළඳ ප්‍රචාරණ සමාගමක් වන ඩෙන්ට්සු සමාගමයි. කුඩා ප්‍රමාණයේ රොබෝවෙකු වන කීබෝ අඟල් 13.5 උස් වන අතර පෘථිවියේ සිට එවන වෝයිස් මේල් පණිවුඩ හා ට්විටර් පණිවුඩ කියවීම හා ගගනගාමියා සමග සරල කතාබහක යෙදීමේ හැකියාව කීබෝට ඇත.

ජපානයේ අභ්‍යවකාශ ආයතනයේ ඉල්ලීමක් අනුව නිර්මාණය වන කිබෝ සමාජශීලී රොබෝවරයා අභ්‍යවකාශයේ තනිව ජීවත්වන ගගනගාමීන්හට සිය තනිකම හා කාන්සිය නිසා ඇතිවන මානසික ආතතිය අඩුකරගැනීමට උපකාරීවනු ඇතයි JAXA ආයතනය බලාපොරොත්තුවේ. 

අමෙරිකාවේ නාසා ආයතනය මේවන විටත් රොබෝනෝට් 2 නම් රොබෝ ගගනගාමියෙකු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවා ඇත. රොබෝනෝට් කීබෝ මෙන් සමාජශීලී රොබෝවරයෙකු නොව ගගනගාමීන්ගේ පර්යේශණ කටයුතු සඳහා සහයවන පර්යේෂණ සහයකයෙකි. 

අමෙරිකාවේ නාසා ආයතනයේ රොබෝනෝට් 2 නම් රොබෝ ගගනගාමියා.
රොබෝනෝට් 2 රොබෝ ගගනගාමියා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී මූලික පරීක්ශාවන් වලට බඳුන්වන ආකාරය.


Comments

  1. විද්‍යාව හා තාක්ෂණය ගැන ලියවෙන හොඳම බ්ලොගය තමා මේ බ්ලොග් එක. ඒ මට හිතෙන හැටි. ඇත්තටම ඉස්සරහට රොබෝ වරුන්ට කරන්න බැරි ප්‍රජනණය විතරයි කියල තමා මට හිතෙන්නෙ. මොකද අද වෙන කොට හැම මගුලම කරනවනේ.

    ReplyDelete

Post a Comment