ඒ.ජී.එම් 114 හෙල්ෆයර් මිසයිල පද්ධතිය අමෙරිකානු ලොක්හීඩ් සමාගම මගින් නිර්මාණය කරන ලද "ෆයර් ඇන්ඩ් ෆොගෙට් (fire & forget)" වර්ගයට අයත් මිසයිල පද්ධතියකි. Fire & Forget වර්ගයට අයත් මිසයිල ඉතා ස්වාධීනව ක්‍රියාකල හැකි (autonomous) පරිගණක පාලන පද්ධතියකින් සමන්විත වන අතර මිසයිලය නිකුත් කිරීමට පෙර ගුවන් යානයෙන් ඉලක්කය පිලිබඳ තොරතුර ලබාගත් පසු නැවත් වෙනත් මගපෙන්වීමක් නොමැතිව තනිවම ඉලක්කය හඹාගොස් විනාශ කොට දමයි. ඒ නිසා මිසයිලය නිකුත් කිරීමෙන් පසු යානයේ නියමුවාට නැවතත් මිසයිලය ඉලක්කය වෙත යනවාදැයි සෙවිල්ලෙන් සිටීමට අවශ්‍යය නැත.ඉතා නිවැරදි ලෙස ඉලක්කය සොයාගත හැකි රේඩාර් හා ලේසර් ඉලක්ක සොයාගැනීමේ පද්ධති අඩංගු හෙල්ෆයර් මිසයිලය දැනට අමෙරිකානු හා නේටෝ හමුදා භාවිතා කරන ඉතාම සාර්ථක අවියකි.
මුලින් ප්‍රහාරක හෙලිකොප්ටර් සඳහා යුධ ටැංකි නාශක අවියක් ලෙස නිපැදවුනු මෙය දැන් ප්‍රිඩටර්, රීපර් වැනි නියමු රහිත යානා හා සන්නද්ධ රථ සඳහාද අනුවර්තනය කරගෙන ඇත.
මුලින් ප්‍රහාරක හෙලිකොප්ටර් සඳහා යුධ ටැංකි නාශක අවියක් ලෙස නිපැදවුනු මෙය දැන් ප්‍රිඩටර්, රීපර් වැනි නියමු රහිත යානා හා සන්නද්ධ රථ සඳහාද අනුවර්තනය කරගෙන ඇත.
කිලෝ 47ක බරකින් යුතු හෙල්ෆයර් මිසයිලය කිලෝ 9ක අධිබල පුපුරණ ද්‍රවය අඩංගු war head එකක් ගෙනයයි. ෆයර් ඇන්ඩ් ෆොගෙට් ෆර්ගයට අයත් නිසා මිසයිලය මුදාහැරීමෙන් පසු ප්‍රහාරක යානයේ නියමුවාට මිසයිලය පිලිබඳව තවදුරටත් සොයාබැලීමට හෝ ඉලක්කය සොයාගැනීමට උපකාර කිරීමට අවශ්‍යය නැත. කිලෝමීටර් අටක මෙහෙයුම් පරාසයක් ඇති හෙල්ෆයර් මිසයිලය ඉරාක හා ඇෆ්ඝනිස්ථාන යුධ මෙහෙයුම් වලදී අමෙරිකානු හා නේටෝ හමුදා බහුලව භාවිතා කරයි.
හෙල්ෆයර් මිසයිල පද්ධති සවිකරන ලද ප්‍රහාරක යානා ලැයිස්තුව (source : Wikipedia)
ප්‍රහාරක හෙලිකොප්ටර් යානා
* AH-1W SuperCobra
* AH-1Z Viper
* AH-64 Apache
* Agusta A129 Mangusta
* Eurocopter Tiger ARH
* SH-60 / MH-60R / MH-60S Seahawk
* OH-58D Kiowa Warrior
* RAH-66 Comanche
* AH-6 Little Bird
* UH-60 Blackhawk
* Westland WAH-64 Apache
* AH-1Z Viper
* AH-64 Apache
* Agusta A129 Mangusta
* Eurocopter Tiger ARH
* SH-60 / MH-60R / MH-60S Seahawk
* OH-58D Kiowa Warrior
* RAH-66 Comanche
* AH-6 Little Bird
* UH-60 Blackhawk
* Westland WAH-64 Apache
ගුවන්යානා
* Lockheed Martin KC-130 Harvest HAWK
KC-130 ප්‍රධාන වශයෙන්ම ප්‍රහාරක යානා වලට ගුවනේදී ඉන්ධන ලබාදෙන ටෑංකර් යානාවක් වන අතර හාවස්ට් හෝක් (Harvest HAWK) නම් ආරක්ශක පද්ධතිය සවිකල විට එයට ටෑංකර් රාජකාරිය අමතරව පාබල හමුදාවල සහය විය හැකි ග්‍රොඋන්ඩ් සුප්පොර්ට් රාජකාරි වලද නිරතවිය හැකිය. හාවස්ට් හෝක් පද්ධතිය හෙල්ෆයර් මිසයිල හා ලේසර් මගින් ඉලක්ක සොයාගන්න (laser guided) බෝම්බ ඇතුලත්ය
නියමු රහිත ප්‍රහාරක යානා (Unmanned Arial Combat Vehicles - UACV)
* MQ-1B Predator
* MQ-9 Reaper
* MQ-1C Grey Eagle
* MQ-9 Reaper
* MQ-1C Grey Eagle
Comments
Post a Comment