පෘථිවියෙන් 40%ක එකවර ඔත්තු බැලිය හැකි චන්ද්‍රිකාවක්


අවශ්‍ය  ඕනෑම අවස්ථාවකදී ලෝකයේ සමස්ත භූමි ප‍්‍රමාණයෙන් 40%ක් නිරීක්ෂණය කළ හැකි අති නවීන ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් සැලසුම් කිරීමට ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සමත්ව ඇතැයි වාර්තා වේ.
ඇමරිකානු හමුදාවන්ට නව තාක්ෂණය එක් කරන ආරක්ෂක උසස් පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය හෙවත් ඩර්පා ආයතනය විසින් මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර ඇති අතර එය සජීවී උපයෝජනය සඳහා පටල ප‍්‍රකාශ නිරූපකය හෙවත් මොයර් [Membrane Optical Imager for Real-Time Exploitation (MOIRE)] ලෙස හැඳින්වේ.

මොයර් චන්ද්‍රිකාව සතුව අෂ්ටාස‍්‍ර හැඩැති දර්පණ 18ක් ඇති අතර එය විහිදීමෙන් විෂ්කම්භය මීටර් 20.7ක් වන දැවැන්ත ඇසක් නිර්මාණය වේ.

මෙම ඇස මගින් සජීවී අති පැහැදිලි ඡයාරූප සහ වීඩියෝ ලබාගත හැකිවන අතර පෘථිවියෙන් කිලෝමීටර 35000ක් ඉහළින් රැඳවූ විට මෙය පෘථිවියෙන් 40%ක භූමි භාගයක සිදුවන  ඕනෑම දෙයක් ඒ මොහොතේදීම නිරීක්ෂණය කිරීමට අවකාශ සලසනු ඇත.

පෘථිවියේ  ඕනෑම ස්ථානයක සජීවී තතු විකාශය කිරීමේ හැකියාව මේ වන විට වෙනත් කිසිදු තාක්ෂණයක් සතුව නොපවතින බව ඩර්පා ආයතනය පවසා තිබේ.  මොයර් චන්ද්‍රිකාව එහි ගොඩනැගීමේ දෙවන පියවරේ පසුවන බව පැවසේ. දැනටමත් විද්‍යාගාරයක මෙම පටල දර්පණ නිර්මාණය කොට සාර්ථකව  එම තාක්ශණය අභ්‍යවකාශ යානයක අඩංගු කරලීම සඳහා අවශ්‍ය තාක්ශණයද තහවුරු කරගෙන ඇත.

මෙවැනි දැවැන්ත චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීම කළ නොහැක්කක් ලෙස සැලකෙන නමුදු මොයර්හි අෂ්ටාස‍්‍ර දර්පණ ප්ලාස්ටික් පටලයකින් නිර්මාණය කර තිබීම මගින් එය සැහැල්ලූ කරගැනීමට සමත්ව තිබේ.  එය වීදුරු මෙන් නොව හැකිළිය හැකි වන නිසා අභ්‍යවකාශගත කිරීමේදී කුඩා ඉඩකඩක් පමණක් වැය වනු ඇත. 

මෙවැනි පටල දර්පණ නිර්මාණය කිරීමෙන් ඇති ප්‍රධාන වාසිය නම් වීදුරු දර්පණවලට වඩා ඉතා අඩු බරකින් යුතුවීමයි. චන්ද්‍රිකාවක් හෝ අභ්‍යවකාශ යානයක් ගුවන්ගත කිරීමේදී එහි බර ඉතා වැදගත් නිර්ණායකයක් වන අතර බර වැඩිවන විට එම යානා අභ්‍යවකාශගත කිරීම සඳහා අතිවිශාල රොකට්ටු අවශ්‍යවන අතර වියදම ඩොලර් බිලියන ගණනකින් ඉහල යයි.

මොයර් චන්ද්‍රිකාවේ ආලෝකය නාභිගත කරන දර්පණය දැනට අභ්‍යවකාශ ගතකොට ඇති විශාල අභ්‍යවකාශ ටෙලස්කෝපයන් () හි දර්පණ සමග සැසඳීමේදී...
සාමාන්‍යයෙන් පටල දර්පණවල ශක්‍යතාවය 30% වන නමුත් මෙම මොයර් ව්‍යාපෘතිට්ය මගින් නිර්මාණය කරන ලද පටල දර්පණයේ ශක්‍යතාවය 55% දක්වා ඉහල දමාගැනීමට හැකිවීම නිසා එම පටල දර්පණ තාක්ශණය ප්‍රායෝගිකව භාවිතා කිරීමේ හැකියාව දැන් අමෙරිකානු ඔත්තු බැලීමේ චන්ද්‍රිකා නිර්මාණකරුවන් හට හැකිවී ඇත. ඒ අනුව ලොව වෙනත් කිසිදු රටකට නොමැති තරමේ අතිවිශාල දර්පණ සහිත අධි-සංවේදී ඔත්තු බැලීමේ චන්ද්‍රිකා නිර්මාණය කිරීමේ හැකියාව නුදුරු අනාගතේදීම අමෙරිකාවට ලැබෙන ඇත.

එකවර පෘථිවි පෘශ්ඨයෙන් 40% ප්‍රමාණයක් නිරීක්ශණය කිරීම හෝ වර්ග කිලෝමීටර් 100ක ප්‍රදේශයක අධිවිබේධන ඡායාරූප ලබාදීමේ හැකියාවද මෙම චන්ද්‍රිකාව සතුවනු ඇත. එමෙන්ම සජීවී වීඩියෝ දර්ශණ ලබාදීමේ හැකියාවට මෙය සතුය.


Comments