කඳු මුදුනක පිහිටි සෙම්බුවත්ත විල

ඡායාරූප අනුග්‍රහය : http://lahiruakuratiyage.blogspot.com/

සෙම්බුවත්ත විල පිහිටා තිබෙන්නේ මහනුවර නගරයේ සිට කිලෝමීටර් 35ක් පමණ දුරින් මාතලේ දිස්ත්‍රික්කයේය. ඇල්කඩුව තේ කර්මාන්ත ශාලාව පිහිටි භූමිභාගයේ පිහිටා ඇති මේ විල තියෙන්නෙ ඇල්කඩුව වතුයාය ඇතුලෙ. විල අවට සංචාරකයින් ගැවසෙන ප්‍රදේශය ඉතා ලස්සනට පිලිවෙලට පවත්වාගෙන යන්නේ ඇල්කඩුව වතුයායෙ වර්තමාන අධිකාරිවරයා බව පැවසෙනවා. ඇලුතුල් වීමේ ගාස්තු වශයෙන් එක්කෙනෙක් රුපියල් එකසිය පනහක ටිකට් පතක් ගතයුතු වන අතර ඒ මුදලින් කොටසක් වතුයායෙ වැඩ කරන ශ්‍රමිකයන්ගෙ සුභ සාධනයට බැර වෙන අතර ඉතිරිය ඒ අවට පිරිසිදුව තබාගැනීමට හා ස්ංචාරක පහසුකම් පවත්වාගෙන යාමේ බරපැන වශයෙන් යෙදෙනවා.


View Larger Map

කඳවුරු ජීවිතයට කැමති අයට කඳවුරු ගහන්නත් මෙතන හැකියාව තියෙනවා. එක්කෙනෙක්ට රුපියල් 500 ක් අය කරනවා.ඇල්කඩුව වතුයාය මෙවැනි සුන්දර පරිසරයක් රටට දායාද කිරීම ගැන ඔවුනට ස්තූති පුදකල යුතුයි.

විල කෘතිමව හදපු එකක් වුනත් ස්වභාවික එකක් වගේ. සුන්දර කඳු පන්ති වලින් වටවෙලා ඇල්කඩුව වතුයායේ උසම තැන තියෙන මේ විල හදන්න ඉස්සල මෙතන තිබිල තියෙන්නේ ගොල්ෆ් පිට්ටනියක්.ඒ විතරක් නෙමෙයි මේ විලෙන් වතුර පල්ලෙහාට ගෙනිහිල්ලා ටර්බයින කරකවල අවට මිනිසුන්ට විදුලිය නිෂ්පාදනය කරනවා.

විල වටේට summer huts හදල තියනවා. ඒවා වල රෑට නවතින්න පුලුවන් බව පැවසුනත් රෑට හරිම සීතලක් දැනෙන බව තතු දන්නන් පවසනවා. ඒ විතරක් නෙමේ, විලගාව දිය උල්පත්වලින් රැස්වෙන ජලය එකතුකරගෙන තැනූ පිහිනුම් තටාකයකුත් තිබෙනවා. විලේ පිහිණීම ඉතා අණතුරුදායක බැවින් ජලක්‍රීඩා කැමති සංචාරකයින්ට මෙම පිහිණුම් තටාකයට බැහැලා සිය ආශාව සම්පූර්ණකර ගන්නට පුලුවන්. නිස්කලංකව පවූලේ කට්ටිය සමග ගතකරන්න ඕන නම් සතියේ දවස් වල එන එක හොඳයි. පෝය දවසට වසා ඇති බව මතක තබාගැනීමත් වැදගත්.

සියළු ඡායාරූප අයිතිය :http://lahiruakuratiyage.blogspot.com/ සතුය










Comments