- Get link
- X
- Other Apps
අලුත්ම විද්‍යා ප්‍රබන්ධය
- Get link
- X
- Other Apps
![]() |
| Photo Credit : දිවයින |
අනුරාධුර ඡේතවනාරාම භූමියෙන් මෙතෙක් අනුරාධපුරයෙන් හමු වී නොමැති ආකාරයේ ඉපැරැණි 'ස්‌වස්‌ථතා ක්‍රමවේද' (වැසිකිළි කැසිකිළි) පද්ධතියක් හමු වී ඇත.
පොළොව පිහිටි මට්‌ටමේ සිට සෙන්ටි මීටර් හතළිහක (40 cm) ගැඹුරින් මීටර් පහළොවක් (15 m) දිග මැටි නළ මාර්ග පද්ධතියකින්ද එය සමන්විත බව මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ අනුරාධපුර ව්‍යාපෘති අධ්‍යක්‍ෂ මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා පවසයි. මෙතෙක් අනුරාධපුරයෙන් හමු වූ අංග සම්පූර්ණ සහ විශාලම වැසිකිළි කැසිකිළි පද්ධතිය මෙය බව ද කියයි.
මීට පෙර අනුරාධපුරයේ කැණීම්වලදී මෙවැනි වැසිකිළි කැසිකිළි පද්ධති ස්‌ථාන දෙකකදී හමුවුවත් ඒවා වළවල් බව ද කියති. නමුත් මෙවර හමු වී ඇත්තේ නළ මාර්ග පද්ධතියක් සහිතව බව ද කියති. එය සුවිශේෂී සේදුම් ගලකින් ද යුක්‌තය.
මේ පද්ධතිය ආශ්‍රිතව ආරක්‍ෂිත බැමි දෙකක් බැඳ ඇති අතර, ඒ සඳහා ද මනාව සැකසූ ගඩොල් යොදා ඇති බව ද කියයි. නළ මාර්ගය සඳහා මැටියෙන් පදම් කර පිළිස්‌සූ නළ යොදා ඇති බව ද දක්‌නට ඇත. කෙසේ වෙතත් අවධීන් දෙකක තාක්‍ෂණය ද මේ සමඟ සොයාගෙන ඇති බව ද කියති.
ජේතවනාරාම ව්‍යාපෘති කළමනාකාර එච්. එම්. බී. හේරත්, කැණීම් භාර නිලධාරිනී ශ්‍යාමලී ගුණරත්න, පර්යේෂණ නිලධාරීන් වන තුෂාර සේනාරත්න, චන්දන විඡේසිංහ යන මහත්ම මහත්මීහු තවදුරටත් මෙහි කැණීම්වල නිරතව සිටිති.
Source : http://www.divaina.com/2014/06/27/news12.html
- Get link
- X
- Other Apps
Comments

සුද්දා කැලේ රීපු කාලේ අපි කක්කුස්සි හදල . දැං අපි සුද්දන්ගෙන් කක්කතුස්සි පෝච්චි තියන්ඩත් උපදෙස් ගන්නව . කරුමේ කරුමේ
ReplyDelete