- Get link
- X
- Other Apps
අලුත්ම විද්‍යා ප්‍රබන්ධය
- Get link
- X
- Other Apps
සුපිරි යුධ බළඇණි නිර්මාණය කිරීමේ පෙන්ටගන සැළසුම් පිලිබඳව අප විටින්විට ඔබ වෙත පිලිගන්වා ඇත. මෙහි ඉදිරියෙන්ම සිටින්නේ ඩාර්පා නම් යුධමය පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය, ඔවුන්ගේ කොන්ත්‍රාත්කරුවන් වන අධිතාක්ශණික සමාගම් හා අමෙරිකාවේ නමගිය විශ්වවිද්‍යාලයි. පෙන්ටගනයෙන් ලැබෙන අලුත්ම වාර්තාවලට අනුව අමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් දෙපලක්, ග්‍රැෆීන් නම් සුපිරිසිදු කාබන් සංයුතිය අඩංගු ද්‍රව්‍යයකින් ඉතා තුනී, පාරදෘශ්‍ය [transparent], අධෝරක්ත ආලෝකයට සංවේදී සිවියක් නිර්මාණය කොට ඇත.
අධෝරක්ත ආලෝකයට සංවේද ග්‍රැෆීන් පටකයට එම ආලෝකය උරාගෙන එය විද්‍යුත් සංඥා බවට හැරවිය හැකිබවද අනාවරණය වී තිබේ. එනම් ඩිජිටල් කැමරාවක ආලෝක සෙන්සරය දෘශ්‍ය ආලෝකය ඩිජිටල් සංඥා බවට හරවන ආකාරයට මෙම ග්‍රැෆීන් පටකය අධෝරක්ත ආලෝකයට සංවේදීවී එම අධෝරක්ත තරංග විද්‍යුත් සංඥා බවට හරවයි.
පාරදෘෂ්‍ය බැවින් මෙම ග්‍රැෆීන් පටක ඉතා පහසුවෙන් ස්පර්ෂ කාච නැතිනම් සිවිකාච බවට පරිවර්තනය කල හැකිබව මෙම සොයාගැනීම සිදුකල විද්‍යාඥයින් දෙපොල පවසයි. ඒ අනුව නුදුරු අනාගතයේදී යුධ සෙබලුන් හට, රාත්‍රී පෙනුම ලබාදෙන නයිට් විෂන් උපකරණ වෙනුවට දැසේ දවටාගෙන යා හැකි නයිට් විෂන් සිවිකාච ලැබෙණු ඇත.
- Get link
- X
- Other Apps

Comments
Post a Comment