ARE U SERIOUS? : ටර්මිනේටර් වගේ බයික් පදින යමහා Motobot රොබෝ


පසුගිය සතියේ ලාස් වේගාස් නගරයේදී පැවැත්වුනු Consumer Electronics Show (CES) ඉලෙක්ට්‍රොණික ප්‍රදර්ශණයේදී සුප්‍රකට යමහා සමාගම අලුත් වැඩක් පෙන්නුවා.ඒ ප්‍රදර්ශණයට පැමිණි සිටි නරඹන්නන්ට සිය අලුත්ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හඳුන්වා දීමෙන්.

Motobot ලෙස හඳුන්වාදුන් මේ කෘත්‍රිම බුද්ධි රොබෝවා මිනිස් යතුරු පැදි ධාවකයෙකු ආකාරයට නිමවා තිබූ අතර සාමාන්‍ය මෝටර් බයිසිකලයක් පාදයෙන් ගියර් මාරුකරමින්, දකුණතින් ඇක්සලරේටරය හා වමතින් ක්ලචය ක්‍රියාත්මක කරමින්, බයිසිකලයේ සමබරතාවය රඳවාගනිමින් යමහා YZF-R1M  මෝටර් බයිසිකලයක් පදවාගෙන ගියේ නරඹන්නන් ආශ්වාදයට පත්කරමින්.

යමහා සමාගම මේ රොබෝවා නිර්මාණය සඳහා තාක්ෂණික පාර්ශවකරුවා ලෙස ඇමරිකාවේ Stanford Research Institute (SRI) ආයතනය සම්බන්ධකරගෙන තිබුණා. යමහා සමාගම පවසන අන්දමට මේ තාක්ෂණය ආධාරයෙන් යමහා මෝටර් බයිසිකල් පරික්ෂාවට බඳුන්කිරීමට බලාපොරොත්තු වනවා. 

එමෙන්ම යමහා ප්‍රකාශකයෙකු පැවසුවේ තව වසර 2-3කින් මොටෝබොට් රොබෝවා, මෝටර් බයිසිකල් ධාවන ශූර වැලෙන්ටිනෝ රොසී සමග කරට කර මෝටර් බයිසිකල් ධාවන තරඟයක යෙදිය හැකි ආකාරයට දියුණු කරන බවයි.






__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments