NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

HIKING / TREKKING: Pekoe Trail හයික් එක යන්න ලෑස්ති වෙන්නේ කොහොමද?

Meaning of Pekoe

"පෙකෝ" කියන්නේ  තේ ශාකයේ ලා දළු භාවිතයෙන් නිපදවනු ලබන උසස්ම ගණයේ කළු තේ (black tea) වර්ගයක්. ලංකා තේ ඇතුළු ලොව පුරා කළු තේ වර්ග හැඳින්වීමට යොදාගන්නා "පෙකෝ" (Pekoe) යන වචනයේ මූලාරම්භය තේ ගසේ නිජබිම විධියට සැලකෙන චීනයේ සිදුවෙලා තියෙනවා.

ඔබ ගන්නා තේ පැකට් එකක BOP ලෙස සටහන් කර තිබෙනවා දැක ඇති. BOP යන කෙටි යෙදුමෙන් කියවෙන්නේ ඔබ මිලදී ගත් තේ පැකැට්ටුවේ Broken Orange Pekoe හෙවත් කැබැලි කරන ලද (broken) පෙකෝ වර්ගයේ කළු තේ (orange pekoe) අඩංගු බවයි. උණුවතුරේ දැමූ විට මෙම තේ තද තැඹිලි පැහැයේ සිට ගැඹුරු රතු වර්ණයක් දක්වා වර්ණ ගැන්වෙනවා.

පැකට්ටුවේ BOPF ලෙස දක්වා ඇතිනම්, එය Broken Orange Pekoe Fannings හෙවත් BOP වලට වඩා කුඩා, කහටින් මදක් වැඩි තේ කුඩුවලින් සමන්විතයි. 

BOP තේ කොළ, BOPF තේවලට වඩා මිලෙන් මදක් වැඩියි.

History of Pekoe

17 වන සියවසේදී චීනයෙන් තේ ආනයනය කළ මුල්ම යුරෝපීය ජාතිකයන් අතර ඕලන්ද වෙළෙන්දෝ පෙරමුණේ සිටි අතර ඔවුන්ට චීනයේ ෆුජියෑන් (Fujian) ප්‍රාන්තයේදී චීන භාශාවෙන් තේවර්ගයකට යෙදෙන නම ලෙස ඔවුන්ගේ වහරට එක්වී තිබෙනවා. එහි උච්චාරණයට අනුව එය "පෙහ්-හෝ" (Peh-ho) හෝ "පෙක්-හෝ" (Pek-ho) ලෙස  වන අතර පසුව එය යුරෝපීය භාෂාවලට "පෙකෝ" (Pekoe) ලෙස පරිවර්තනය වුනා.

කාලයත් සමඟ "පෙකෝ" යනු කළු තේ වර්ගීකරණය සඳහා බටහිර ලෝකය භාවිතා කරන සම්මත මිනුම්දණ්ඩක් බවට පත් වුනා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ පැවති තේ නිෂ්පාදනය කරන රටවල මෙය බහුලව භාවිත වන අතර මෙමගින් තේ දළුවල ස්වභාවයට වඩා එහි ප්‍රමාණය සහ ගුණාත්මකභාවය සන්නිවේදනය වෙනවා.

  • OP (Orange Pekoe): මධ්‍යම ප්‍රමාණයේ සම්පූර්ණ තේ දළු.

  • BOP (Broken Orange Pekoe): මධ්‍යම ප්‍රමාණයේ අඹරා කුඩුකරන ලද තේ.

  • BOPF (Broken Orange Pekoe Fannings): BOP වලට වඩා තත්වයෙන් මදක් බාල, තේ කුඩු විශේෂයක්
  • FOP (Flowery Orange Pekoe): තේ දළු සමඟ මල් (Tips/Buds) අඩංගු BOP හා PO වර්ගවලට වඩා මිලෙන් වැඩි තේ වර්ගයක්.

  • GFOP (Golden Flowery Orange Pekoe): රන්වන් පැහැති දල්ල හා දල්ලේ අගිස්ස (Golden Tips) වැඩි වශයෙන් අඩංගු උසස්ම වර්ගයකි. FOP වලට වඩා මිලෙන් වැඩියි.

  • Tippy Golden Flowery Orange Pekoe (TGFOP): ඉතාමත්ම උසස් තත්වයේ රන්වන් දල්ල පමණක් අඩංගුවන, ඉතා මිළ අධික තේ වර්ගයක්.

  • Finest Tippy Golden Flowery Orange Pekoe (FTGFOP): ලංකාවේ නිපදවන, අනර්ඝතම, මිළ අධිකම pekoe තේ වර්ගය.

මෙලෙස "පෙකෝ" යන නාමයේ මූලාරම්භය චීනයෙන් සිදුවුවද, කාලයාගේ ඇවෑමෙන් "`සිලෝන් ඔරේන්ජ් පෙකෝ" (Ceylon Orange Pekoe) යනු ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙන උසස් තත්ත්වයේ සම්පූර්ණ තේ දළු හැඳින්වීමට යොදාගන්නා ජාත්‍යන්තර සම්මතයක් බවට පත් වුනා.

What is the Pekoe Trail?


කලාපයට ආවේණික වූ දීර්ඝ "ඔරේන්ජ් පෙකෝ" (Orange Pekoe)  තේ ඉතිහාසයට සහ මධ්‍යම කඳුකරයේ තේ උරුමයට ගෞරවයක් පිණිස මෙම මංපෙත "පෙකෝ" නමින් නම් කර තිබෙනවා.

2023 වසරේදී නිළවශයෙන් එලි දැක්වුනු 'පෙකෝ ට්‍රේල්' මංපෙත කිලෝමීටර් 300ක් දිගු සුපිරිම හයිකින් / ට්‍රෙකින් අත්දැකීමක්. මෙම සම්පූර්ණ ගමන් මාර්ගය අදියර 22කින් යුක්ත වන අතර, එහි සෑම අදියරක්ම කිලෝමීටර් 10ත් 20ත් අතර දුරකින් නිර්මාණය වී තිබෙනවා.

මෙම මංපෙත එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා (Point-to-point) ගමන් කරන අයුරින් නිර්මාණය කර ඇති බැවින්, සංචාරකයින්ට එහි එක් කොටසක් හෝ සම්පූර්ණ මාර්ගයම තෝරා ගැනීමට අවස්ථාව පවතිනවා.

තිරසාර සංචාරක ව්‍යාපෘතියක් වන මෙහි ප්‍රධාන අරමුණ වනුයේ, ගම්මානවල නවාතැන් ගැනීම සහ දේශීය වෙළඳසැල් පරිහරණය සඳහා සංචාරකයින් දිරිමත් කිරීම මඟින් ප්‍රාදේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමයි. මෙම ගමන පුරාවට සුවපහසු හෝටල් හෝ යටත් විජිත යුගයේ තේ බංගලා පවතින බැවින් කූඩාරම් ගැසීමේ (Camping) අවශ්‍යතාවයක් මං පෙතේ ගමන් කරන්නන්ට ඇතිවෙන්නේ නෑ.

Where Does it Start?


'පෙකෝ ට්‍රේල්' මංපෙත මහනුවර, හන්තාන ප්‍රදේශයෙන් නිල වශයෙන් ආරම්භ වෙනවා. එහි පළමු අදියරේ ආරම්භක ස්ථානය ලංකා තේ කෞතුකාගාරය පිටුපස පිහිටා තිබෙනවා. සංචාරය සඳහා අවශ්‍ය වන නිල අවසර පත්‍ර (Trail Passes) එම තේ කෞතුකාගාරයෙන් ලබා ගන්නට පුලුවන්.

The First Stage

පෙකෝ ට්‍රේල් (Pekoe Trail) හි පළමු අදියර හන්තාන තේ කෞතුකාගාර පරිශ්‍රයෙන් ආරම්භ වේ. කිලෝමීටර් 12ක පමණ දුරකින් යුත් මෙම පලමු අදියර ගලහ නගරයෙන් අවසන් වන අතර, එය සොබාදහමට ලැදි සංචාරකයින් සඳහාම වෙන්වූ අපූර්ව අත්දැකීමක්

පළමු අදියරේ ප්‍රධාන තොරතුරු:
  • ආරම්භක ස්ථානය: හන්තාන තේ කෞතුකාගාර පරිශ්‍රය (මහනුවර).

  • ගමනාන්තය: ගලහ නගරය.

  • මුළු දුර: කිලෝමීටර් 12ක් පමණ.

  • භූමි ස්වභාවය: ක්‍රමික නැගීමකින් අනතුරුව හමුවන මෘදු බැසීම් සහිත මාර්ගයකි.

  • දර්ශන පථය: මහනුවර නිම්නය සහ ඈතින් පෙනෙන Knuckles Range කඳුවැටියේ මනරම් දර්ශන මෙහිදී දැකගන්න පුලුවන්.

පෙකෝ ට්‍රේල් (Pekoe Trail) දෙවන අදියර: ගලහ සිට ලූල්කඳුර දක්වා

ගලහ නගරයෙන් ආරම්භ වන දෙවන අදියර ලූල්කඳුර වතුයාය දක්වා විහිදෙන කිලෝමීටර් 14.7ක දීර්ඝ ගමනකි. මෙම මාර්ගය ඩෙල්තොට වතුයාය සහ දෙල්තොට නගරය හරහා දිවෙන අතර, එහිදී පයිනස් වනාන්තර සහ දුෂ්කර කඳු පන්ති පසු කිරීමට සංචාරකයාට සිදුවෙනවා.

ලංකාවේ ප්‍රථම තේ වගාව ආරම්භ කළ ජේම්ස් ටේලර්ගේ ඓතිහාසික ලූල්කඳුර වතුයායෙන් මෙම අදියර අවසන් වන අතර, එය මෙරට තේ කර්මාන්තයේ ඉතිහාසය විදහා දක්වන වැදගත් සන්ධිස්ථානයක්

02 වන අදියරේ ප්‍රධාන තොරතුරු:

  • දුර ප්‍රමාණය: කිලෝමීටර් 14.7 ක් පමණ (ගතවන කාලය පැය 5-6 කි).

  • දුෂ්කරතාව: මධ්‍යස්ථ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා (මීටර් 850 ක පමණ සැලකිය යුතු නැගීමක් සහිතය).

  • ප්‍රධාන සන්ධිස්ථාන: ඩෙල්තොට නගරය, පයිනස් වනාන්තර කලාපය, ලූල්කඳුර වතුයාය (1867 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වාණිජ තේ වගාව ආරම්භ වූ ස්ථානය) සහ ජේම්ස් ටේලර්ගේ නිවසේ නටබුන් දකින්න පුලුවන්

  • දර්ශන පථය: පැහැදිලි කාලගුණයක් පවතින විට හන්තාන කඳු පන්තිය සහ නකල්ස් කඳු පන්තිය මනරම් ලෙස දිස්වෙනවා.

තෙවන අදියර: ලූල්කඳුර සිට තවලන්තැන්න දක්වා

මෙම අදියර ලූල්කඳුර වතුයායේ මා ඔය මත පිහිටි කුඩා පාලම අසලින් ආරම්භ වේ. කිලෝමීටර් 18.1ක දුරකින් යුත් මෙය සමස්ත මංපෙතේ ඇති අසීරුතම අදියරක් ලෙස සැලකෙන අතර, එය නිම කිරීමට පැය 6ක පමණ කාලයක් ගතවෙනවා.

බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් විසින් වසර 150කට පෙර ඉදි කරන ලද ඓතිහාසික පැරණි දිඹුල මාර්ගය (Old Dimbula Road) ඔස්සේ වැටී ඇති මෙම මංපෙත, ස්ටෙලන්බර්ග් (Stellenberg) කඳු පන්තිය පසුකර තවලන්තැන්නෙන් අවසන් වෙනවා. කොත්මලේ නිම්නයේ සහ ශ්‍රී පාදස්ථානයේ දර්ශන මෙම ගමනේදී දකින්නට පුලුවන්.

03 වන අදියරේ ප්‍රධාන තොරතුරු:

  • දුර ප්‍රමාණය: කිලෝමීටර් 18.1ක් පමණ (මෙය දෙවනුවට දීර්ඝතම අදියරයි).

  • දුෂ්කරතාව: ඉහළ මට්ටමක පවතී (පළමු කොටසෙහි මීටර් 550ක පමණ සැලකිය යුතු නැගීමක් සහිතය).

  • ඓතිහාසික වැදගත්කම: වසර 150ක් පැරණි "පැරණි දිඹුල මාර්ගය". මෙය අතීතයේ අශ්ව කරත්ත සහ බර කරත්ත ගමනාගමනය සඳහා යටත්විජිත පාලකයින් ඉදිකරන ලද්දක්.

  • සොබාදහම: ස්ටෙලන්බර්ග් (Stellenberg) කපොල්ල සහ පිදුරුතලාගල රක්ෂිත වනාන්තර ප්‍රදේශ හරහා මංපෙත වැටී තිබෙනවා.

  • දර්ශන පථය: කොත්මලේ ජලාශය, රිලාගල කඳු පන්තිය සහ රම්බොඩ කපොල්ලේ අංශක 180ක පරිපූර්ණ දර්ශනයක් දිස්වෙනවා.

  • අවධානයට: මානා පඳුරු සහිත ප්‍රදේශවල කූඩැල්ලන්ගේ බලපෑම අධික වෙන්න පුලුවන්.

පෙකෝ ට්‍රේල් පළමු අදියර සඳහා නවක සංචාරකයින් සූදානම් විය යුතු ආකාරය

හන්තානෙන් ආරම්භ වන මෙම කිලෝමීටර් 12ක මංපෙත සඳහා නවක සංචාරකයින් කායික හා මානසික වශයෙන් සූදානම් වීම අත්‍යවශ්‍ය වෙනවා. 

ඔබේ විඳදරාගැනීමේ ශක්තිය (Endurance) හා ශාරීරික යෝග්‍යතාවය (physical fitness) සුදුසු ලෙස සකස් කරගැනීමට මාසයකට කලින් පමණ ක්‍රමාණුකූලව සූදානම් වීම, ඔබට මෙම පාගමන දැඩි ලෙස වෙහෙසකර නොවීමට, ගමනේ සුන්දරත්වය විඳගැනීමට මෙන්ම, අනවශ්‍ය කරදර මගහරවාගෙන සතුටින් ගමන් කිරීමට ඔබට ඉඩ සලසනවා.

ප්‍රථමයෙන්, අවම වශයෙන් සතියකට පෙර සිට දිනකට කිලෝමීටර් 3-5ක පමණ ඇවිදීමේ ව්‍යායාමවල නිරත වීමෙන් ඔබේ විඳදරාගැනීමේ ශක්තිය වර්ධනය කරගැනීම වැදගත්. එලෙස දිගු දුරක් ඇවිදීමේ පුරුද්ද නොමැතිව හයික් එක පටන් ගැනීම, විශාල අපහසුතා මෙන්ම හදිසි සෞඛ්‍ය ගැටලු (medical emergencies) ඇතිකිරීමට හැකි බැවින් හැකිතාක් ශරීරය සූදානම් කරගැනීම සුදුසු වෙනවා.

එසේම, කඳුකර දේශගුණයට ඔරොත්තු දෙන, ලිස්සා නොයන පතුලක් සහිත පාවහන් (Hiking Shoes) තෝරාගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. හිරු රශ්මියෙන් ආරක්ෂා වීමට හිරු ආවරණ ආලේපන (Sunscreen) සහ ප්‍රමාණවත් ජලය රැගෙන යාම ඔබගේ සුවපහසුව තහවුරු කරනවා.

එමෙන්ම මංපෙතේ ගමන් කිරීමට බලාපොරොත්තු වන සංචාරකයින් ප්‍රථමයෙන් පෙකෝ ට්‍රේල් නිල වෙබ් අඩවිය හෝ ජංගම යෙදුම (App) හරහා නිල අවසර පත්‍රයක් (Trail Pass) ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. මංපෙත් නඩත්තු කිරීම සඳහා මෙම දායකත්වය අතිශය වැදගත් වෙනවා.

Best Times to Visit - January to April

මධ්‍යම කඳුකරයේ පවතින විචල්‍ය දේශගුණික තත්ත්වයන් හේතුවෙන්, පෙකෝ ට්‍රේල් සංචාරයක් සඳහා සුදුසුම කාලය තෝරා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මෙය නවකයින්ට, කුඩා දරුවන් හා කාන්තාවන් සමග යන හයික් එකක් නම් ඉතාමත් වැදගත්.

සාමාන්‍යයෙන් වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය වඩාත් වියළි සහ පැහැදිලි අහසක් පවතින බැවින් එය සංචාරයට වඩාත් සුදුසු වෙන අතර ගමනේ සුන්දරත්වය විඳීමට කාළගුණය බාධාවක් වෙන්නේ නෑ. කොහොම වුනත් වියළි කාළගුණයේදී බීමට ජලය හා හිරු රෂ්මියෙන් ආරක්ෂාවීමට සූදානම්ව යාම අත්‍යාවශ්‍යයි.

ජනවාරි-පෙබරවාරි-මාර්තු-අප්‍රේල් යා නොහැකිනම්, දෙවනි සුදුසුම කාළය අගෝස්තු සහ සැප්තැම්බර් මාස ද ඒ සඳහා සුදුසු දෙවන විකල්ප කාලසීමාවන් ලෙස සැලකිය හැකිය. වලදී උදාවෙනවා.

අධික වර්ෂා සහිත කාලසීමාවන්හිදී මංපෙත් ලිස්සා යාමේ අවදානම පවතින බැවින් වගේම කූඩැල්ළන්ගේ කරදරද අධික වෙන නිසා පළපුරුදු සංචාරකයින් හැර අනෙකුත් පිරිස් වර්ෂා කාලවලදී ගමන් කිරීමෙන් වැළකී සිටීම නුවණට හුරුය.

What to Pack for your trail hike

ඔබේ සංචාරයේ ආරක්ෂාව සහ සුවපහසුව තහවුරු කරගැනීම සඳහා පහත සඳහන් ද්‍රව්‍ය රැගෙන යාම අත්‍යවශ්‍ය වේ. මඩ සහිත සහ ලිස්සන සුළු මාර්ගවල ගමන් කිරීමට උචිත උසස් තත්ත්වයේ සපත්තු (Hiking Boots) තිබීම හොඳයි. 

කොහොම වුනත් ජනවාරි ඉඳන් අප්‍රේල් වෙනකන් කාලේ යනවා නම්, මඩ පිලිබඳ ගැටලුව අඩුවෙනවා. හොඳ තත්වයේ ඇවිදින සපත්තු යුගලක් පලමු අදියරට සෑහෙනවා.

කඳුකරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 සිට 10 දක්වා ක්ෂණිකව පහත වැටිය හැකි බැවින්, සිරුරේ උණුසුම රැක ගැනීමට ඇඳුම් ස්ථර කිහිපයක් (Layers) සූදානම් කරගැනීම වැදගත් වෙන්න පුලුවන්. පාන්දර හා සවස් කාලයේ ගමන් කරන්නට සිදුවෙනවා නම් මෙය වැදගත්.

මීට අමතරව, ඕනෑම අවස්ථාවක ඇතිවිය හැකි වර්ෂාව සඳහා සැහැල්ලු වැසි කබායක්, ගම්මානවල ගනුදෙනු සඳහා මුදල් (Cash), සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමට නැවත භාවිත කළ හැකි ජල බෝතලයක් ළඟ තබා ගන්න. දුරකථන සංඥා දුර්වල විය හැකි බැවින් බාගත කළ සිතියම් (Offline Maps) භාවිතා කිරීම වඩාත් ප්‍රායෝගික 

ඒ වගේ ඔබගේ ෆෝන් එකට Pekoe Trail App එක බාගත කරගන්න අමතක කරන්න එපා


Comments