MILITARY TECH / AI : යේමනයේ හූති සටන්කරුවන් Claude Code යොදාගෙන හයිපර්සොනික් මිසයිලයක් නිර්මාණය කලාද?
මේ දිනවල යේමනයේ හූති සටන් කරුවන් ලබන ජයග්‍රහණ හා ඒ මගින් රතුමුහුදේ තෙල් නැව් ගමනාගමනයට සිදුවිය හැකි තර්ජන ගැන බොහෝ කතාවෙනවා. විශේෂයෙන්ම රුසියාව හා ඉරාණයට පක්ෂ සමාජ මාධ්‍ය ගිණුම් මේ ගැන අතිශයොක්තියෙන් කතාකරන බව පෙනෙනවා.
ඉරාණයේ සහය ලබන හූති සටන් කරුවන් රතුමුහුදේ වරායවල් අල්ලා ගත්තාද?
මිලිටරි ආරංචි මාර්ගවලට අනුව, සවුදි අරාබියේ සහාය ලබන රජයේ හමුදා වෙතින් මෝකා නම් වූ උපායමාර්ගික වරාය නගරය හූතිවරුන් විසින් අල්ලාගනු ලැබුවේ ඊයේ දිනයේදීයි. යේමන හමුදා නිලධාරියෙකු AFP පුවත් සේවයට පවසා ඇත්තේ මේ වන විට මුළු වෙළෙඳපොළ වෙරළ තීරයේම පාලනය හූතිවරුන් සතුව පවතින බවයි.
ඉරානයේ සහාය ලබන මෙම කණ්ඩායම, බැබ් අල්-මන්ඩැබ් සමුද්‍ර සන්ධියේ පිහිටි පරීම් දූපතේ බලය අල්ලාගත් බව යේමනයේ ජාත්‍යන්තරව පිළිගත් රජයේ ආරංචි මාර්ගයක් BBC පුවත් සේවයට තහවුරු කර තිබෙනවා.
කෙසේවෙතත් ජාත්‍යන්තර නාවික ගමනාගමනයට තමන්ගෙන් කිසිදු තර්ජනයක් නොමැති බව හූතිවරුන් පැවසුවත්, සවුදි අරාබියට අයත් නෞකාවලට ප්‍රහාර එල්ල කරන බවට වන තර්ජනය ඔවුන් නැවතත් අවධාරණය කර සිටිනවා.
හූති සටන්කරුවන් ක්ලෝඩ් යොදාගෙන හයිපර්සොනික් මිසයිලයක් නිර්මාණය කලාද? මොකක්ද ඇත්ත?
ඇන්ත්‍රොපික් (Anthropic) සමාගම මගින් නිකුත් කරන ලද තර්ජන තොරතුරු වාර්තාවක (threat intelligence report) සඳහන් වන්නේ, හූති පාලනය යටතේ පවතින උතුරු යේමනයේ ක්‍රියාත්මක වූ ආයුධ-නිර්මාණය කරන ඉංජිනේරු කණ්ඩායමක්, මිසයිල සහ රොකට් සඳහා මෘදුකාංග නිර්මාණය කිරීමට Claude Code භාවිත කිරීමට උත්සාහ කර ඇති බවයි.
කෙසේ වෙතත්, මේ වන විට ප්‍රසිද්ධ වී ඇති ප්‍රධාන පුවත් සිරස්තල මගින් මෙහි සැබෑ ප්‍රතිඵලය සරල කර සහ අනවශ්‍ය ලෙස විශාල කර දක්වා තිබෙනවා.
ඔවුන් සැබවින්ම කළේ කුමක්ද: මෙම කණ්ඩායම, මෘදුකාංග ඉංජිනේරු කණ්ඩායමකට විකල්පයක් ලෙස ක්ලෝඩ් (Claude Code) භාවිත කරමින් මගපෙන්වීම්, මගසොයාගැනීම් සහ පාලන (Guidance, Navigation & Control) මෘදුකාංග ලිවීමටත්, ගුවන් ගමන් අනුකරණයන් (flight simulations) සිදු කිරීමටත්, සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් මට්ටමේ ෆ්ලයිට් පරිගණක තුල ක්‍රියාත්මක කල හැකි විවෘත මූලාශ්‍ර ඔටෝපයිලට් පද්ධති (open-source autopilot systems) එකතු කිරීමටත් කටයුතු කර තිබෙනවා.
නිර්මාණයට උත්සහකල ආයුධ වර්ග: මෙම කණ්ඩායම පද්ධති තුනක් සංවර්ධනය කිරීමට උත්සාහ කර තිබෙනවා: දුරකථන මගින් පාලනය වන රොකට්ටුවක්, කිලෝමීටර 2,000 ක පරාසයක් ඉලක්ක කරගත් බහු-අදියර බැලස්ටික් මිසයිලයක් (multi-stage ballistic missile), සහ හයිපර්සොනික් ග්ලයිඩ් යානයක් (hypersonic glide vehicle) සහිත මිසයිල මාදිලියක්.
එය සාර්ථක වූවාද? නැහැ. ඇන්ත්‍රොපික් සමාගම තහවුරු කරන්නේ මෙම කණ්ඩායම ක්‍රියාකාරී මෙවලමක් සාර්ථකව නිෂ්පාදනය කළ බවට හෝ භාවිතයට ගත් බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. ඔවුන් රොකට්ටුවක් පරීක්ෂණ මට්ටමින් ගුවන්ගත කර ඇති අතර එය අසාර්ථක වී තිබෙනවා. ඉන්පසුව, ඔවුන් නැවතත් රොකට්ටුවේ පියාසැරිය පිලිබඳව එක් රැස් කරගත් දත්ත ක්ලෝඩ් වෙත ඇතුලුකොලට රොකට්ටුව අසාර්ථකවීමට හේතු සොයන්නට උත්සහ කර තිබෙනවා.
ඔවුන් ආරක්ෂිත පද්ධති මගහැරියේ කෙසේද: ආරක්ෂිත ෆිල්ටර මගහැරීම සඳහා, ඔවුන් තමන්ගේ සැබෑ අරමුණ සඟවමින්, කාර්යයන් කිහිපයක් වෙන වෙනම වෙන් කර isolated sessions කිහිපයක් ඔස්සේ සිදු කර තිබෙනවා.
සමාගමේ ප්‍රතිචාරය: ඇන්ත්‍රොපික් සමාගම තමන්ගේ අභ්‍යන්තර ආරක්ෂක පරීක්ෂාවන් අතරතුර මෙම ක්‍රියාකාරකම හඳුනාගෙන, ඊට සම්බන්ධ ගිණුම් තහනම් කර ඇති අතර, එම තොරතුරු ආරක්ෂක පාර්ශවයන් වෙත ලබා දී තිබෙනවා.
බැලස්ටික් මිසයිල වැඩසටහන්වල මෘදුකාංග සහාය සඳහා මෙම කෘතිම බුද්ධි මෙවලම (AI tool) භාවිත කිරීමට උත්සාහයක් ගත්තද, එමගින් සාර්ථකව ක්‍රියාත්මක වන බැලස්ටික් මිසයිලයක් නිපදවීමට මෙම කණ්ඩායම අසමත් වුණා.

.jpeg)
Comments
Post a Comment