NEW POSTS

Recent Posts Widget

TECHNOLOGY / SPACE : Elon Musk Explains The Economic Case for Space-Based AI


ඊලොන් මස්ක් 2026 පෙබරවාරි මාසයේදී ජනප්‍රිය ටෙක්නොලොජි පොඩ්කාස්ටර් කෙනෙකු වන ද්වාර්කේෂ් පටෙල් සමඟ විශේෂ පොඩ්කාස්ට් සාකච්ඡාවකට එකතුවුනා. පැය දෙකහමාරකට අධික කාලයක් පැවැතුනු එම සාකච්ඡාවේ දී ඊලෝන් ප්‍රකාශ කල අදහස් ගැන මේ වන විට දැඩි කතාබහක් ඇතිවෙලා.

එම පොඩ්කාස්ට් එකේදී ඊලෝන් පලකල විවාදාත්මක අදහස් කිහිපයක් කෙටියන් පලකරන්න අදහස් කරනවා.

AI Data Centers in Space

ඉදිරි මාස 36 තුල කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන හා ප්‍රොසෙසින් මධ්‍යස්ථාන අභ්‍යවකාශයේ ස්ථාපිත කිරීම සැබැවක් වෙනවා පමණක් නොව ආර්ථික වශයෙන් විශාල ලෙස වාසි සපයන්න පටන් ගන්නවා.

පෘථිවියේ පවතින භෞතික සීමාවන්, අභ්‍යවකාශය මත පදනම් වූ බලශක්තියේ ඇති ඉහළ කාර්යක්ෂමතාව සහ Space X Star Ship Launch පද්ධතියේ සුවිශේෂී ව්‍යාප්ති හැකියාවන් මෙම පරිවර්තනයට මූලික හේතු වන බව ඊලොන් පවසා සිටියා.

AI needs tremendous amounts of energy which cannot be created on earth

කෘත්‍රිම බුද්ධි පද්ධති අභ්‍යවකාශය වෙත රැගෙන යාමට බලපාන මූලිකම හේතුව පෘථිවිය මත පවතින බලශක්ති හිඟය බව ඊලෝන් පවසනවා.

චීනය හැරුණු විට ලෝකයේ සමස්ත විදුලි උත්පාදනය එකතැන පල්වන මට්ටමක පවතින අතර, AI චිප් නිෂ්පාදනය ශීඝ්‍රයෙන් වර්ධනය වුවද ඒවා බලගැන්වීමට අවශ්‍ය විදුලිය පෘථිවිය මත ප්‍රමාණවත් නොවන බවත්, එකම විසඳුම කෘතිම බුද්ධි යටිතල පහසුකම් අභ්‍යවකාශය වෙත ගෙනයාම බවත් ඔහු පවසනවා.

ජනන සීමාවන්පෘථිවිය මත AI පද්ධති ටෙරාවොට් (TW)  ධාරිතාවේ බලශක්ති භාවිතා කරන මට්ටමට විශාල කිරීමට සඳහා එක්සත් ජනපදයේ සමස්ත විදුලි පරිභෝජනය මෙන් දෙගුණයක බලශක්තියක් අවශ්‍ය වෙනවා. පවතින යටිතල පහසුකම් අනුව මෙය කිසිසේත් කළ නොහැක්කක් බව මස්ක් පවසනවා.

නියාමන බාධා: බලශක්ති සැපයුම් අංශයේ පවතින මන්දගාමී නියාමන ක්‍රියාවලිය තවත් බාධාවක්. විදුලිය ලබාදීමට පෙර සිදු කෙරෙන 'අන්තර්සම්බන්ධිත අධ්‍යයන'  සඳහා පමණක් වසර ගණනාවක් ගතවන අතර ඒ අනුව වේගවත්ව කෘත්‍රිම බුද්ධි මධ්‍යස්ථාන බිහිකිරීම ඉතා අපහසුයි.

සැපයුම් දාම ගැටලු: පෞද්ගලික බලාගාර ඉදිකිරීමට අවශ්‍ය ගෑස් ටර්බයින් උපාංග (විශේෂයෙන්ම blades සහ vanes) සඳහා පවතින අධික ඉල්ලුම හේතුවෙන් 2030 වසර දක්වා ඒවායේ ඇණවුම් ලබාගත නොහැකි මට්ටමට පත්ව ඇත.

Advantages of Space based Solar Power

දත්ත සැකසුම් අධික ලෙස අවශ්‍ය වන AI ආකෘතීන් බලගැන්වීමට අභ්‍යවකාශය සතු භෞතික වාසි කිහිපයක් පවතින බව මස්ක් පෙන්වා දෙනවා.

පෘථිවියට වඩා පස් ගුණයක සූර්ය බලශක්ති කාර්යක්ෂමතාවයක් අභ්‍යවකාශයේදී ලබාගත හැකි අතර, වලාකුළු හෝ වායුගෝලීය බාධා නොමැති වීම මීට ප්‍රධාන හේතුවයි. 

එමෙන්ම එහි දිවා-රාත්‍රී චක්‍රයක් නොමැති වීමෙන් බැටරි සඳහා වැය වන අතිවිශාල පිරිවැය ඉතිරි කර ගන්නටද පුලුවන් බව මස්ක් පෙන්වා දෙනවා. 

කාලගුණික බලපෑම් නොමැති බැවින් පෘථිවියට වඩා සැහැල්ලු සහ අඩු පිරිවැය සූර්ය පැනල භාවිත කිරීමේ හැකියාවද  පවතිනවා.

Space X Starship Heavy will the lynchpin of space based AI infrastructure

අභ්‍යවකාශය පදනම් කරගත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය කරා යන ගමන තීරණය වන්නේ, ස්පේස් එක්ස් සමාගමේ ස්ටාර්ශිප් හෙවී බූස්ටර් යානය මඟින් අභ්‍යවකාශයට පිවිසීම සඳහා වැයවන අවම පිරිවැය මත බව මස්ක් පවසනවා.

අභ්‍යවකාශය තුළ ගිගාවොට් සිය ගණනක කෘත්‍රිම බුද්ධි ධාරිතාවක් ස්ථාපනය කිරීම සඳහා, Space X ආයතනය වසරකට ස්ටාර්ෂිප් දියත් කිරීම් 10,000ක්—එනම් දළ වශයෙන් සෑම පැයකටම වරක් එක් දියත් කිරීමක්—සිදු කිරීමට සිදුවෙන බවට මස්ක් ගණනය කරනවා.

කෙසේවෙතත් පැයකට වරක් ස්ටාර් ශිප් යානයක් ගුවන් ගත කිරීම හිතෙන තරම් අපහසු නොවන බවත්. එක් යානයක් නැවත දියත් කිරීම සඳහා ගතවන කාලය (turnaround time)  පැය 30ක් දක්වා අඩු කරගත හැකි නම්, මෙම දැවැන්ත මෙහෙයුම ස්ටාර්ෂිප් යානා 20ත් 30ත් අතර කුඩා සංඛ්‍යාවකින් සිදුකරන්නට පුලුවන් බව මස්ක් පෙන්වා දෙනවා.

මස්ක් පුරෝකථනය කරන පරිදි, ඉදිරි වසර පහ ඇතුළත වාර්ෂිකව අභ්‍යවකාශයට මුදාහරින කෘත්‍රිම බුද්ධි ධාරිතාව, දැනට පෘථිවිය මත ක්‍රියාත්මක වන සමස්ත කෘත්‍රිම බුද්ධි ධාරිතාව අභිබවා යනු ඇත.



Comments