AUTOMOTIVE / MILITARY : බ්‍රිතාන්‍ය යුධ හමුදාවට එන අලුත්ම ඩිෆෙන්ඩර් එක| Introducing all-new Land Rover Defender Wolf Series II
Official Name : Defender Wolf Series II (Mono Tactical Mobility Vehicle variant)
Designer / Manufacturer : Jaguar Land Rover (JLR) under their Defender Defence Division
Purpose
1990 ගණන්වල නිෂ්පාදිත මුල් ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් වුල්ෆ් (Land Rover Defender Wolf) රථයට නවීන ආදේශකයක් විදිහට, එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශයේ සැහැල්ලු වාහන (Light Mobility Vehicle) ටෙන්ඩරය සඳහා තරග කරන්න මේක විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ.
Design
මේ සංස්කරණය සඳහා විශේෂයෙන්ම ඩිෆෙන්ඩර් 110 (Defender 110) ප්ලැට්ෆෝම් එකෙන් සකස් කරගත්ත, නවීන L663 ඩිෆෙන්ඩර් රථයේ D7x ඇලුමිනියම් මොනොකොක් (aluminum monocoque) ආකෘතිය පදනම් කරගෙන තිබෙනවා.
Powertrain
NATO standard ඉන්ධන වලින් ධාවනය වෙන, අශ්වබල 250ක ජවයක් සහිත නිව්ටන් මීටර් 576ක ටෝක් බලයක් නැතිනම් භ්‍රමණ බලයක් ලබාදෙන 3.0-liter turbocharged inline-six diesel එන්ජිමක් සහිතයි.
Payload & Tow Capacity
කිලෝග්‍රෑම් 1,000 ක අභ්‍යන්තර බාර ධාරිතාවයක් සමග 4 දෙනෙකුගෙන් යුක්ත tactical කණ්ඩායමකට ගමන් කරන්න පුළුවන්, මීට අමතරව කිලෝග්‍රෑම් 3,500 ක braked towing ධාරිතාවයක් ලබා දෙනවා.
Note: Braked towing capacity - බ්‍රේක්ඩ් ටෝ කැපෑසිටී යනු ඕෆ් රෝඩ් රථයකට සම්බන්ධ කල හැකි, ස්වාධීනව ක්‍රියාත්මක බ්‍රේක් පද්ධතියකින් සමන්විතව නිෂ්පාදනය කර ඇති පිටුපසින් ඇදගෙන යන ට්‍රේලරයක උපරිම බර ප්‍රමාණයයි.
Terrain Performance
මේක එක ඉන්ධන ටැංකියකින් කිලෝමීටර් 938 ක් දක්වා ඩ්‍රයිව් කරන්න පුළුවන් වගේම, මිලිමීටර් 293 ක ground clearance සහ මිලිමීටර් 900ක් ගැඹුර ජලයේ ගමන් කිරීමේ හැකියාව (water-wading depth) තියෙනවා.
Fuel Tank Capacity
වුල්ෆ් සීරීස් II M-TMV (Wolf Series II M-TMV) රථය නිෂ්පාදනය කරන්න පදනම් කරගෙන තියෙන standard production Defender 110 රථයේ ලීටර් 90ක ධාරිතාවයේ ඉන්ධන ටැංකියක් තිබෙනවා.
Features
"විවෘත ආකෘතියේ ටැක්ටිකල් කැබින් එක (open-air tactical cabin), අධික බර දැරිය හැකි නල සහිත ආරක්ෂිත කූඩුව (tubular safety cage/roll cage), බාග දොර සැකැස්ම (half-doors), විශේෂිත ඉදිරිපස ස්ටීල් බාර් සහ ස්කිඩ් ප්ලේට් එක (skid plate), මැෂින් තුවක්කු හා සැහැල්ලු රොකට්, යුධ ටැංකි නාෂක මිසයිල සවිකිරීමට අනුවර්තනය කල හැකි වහලය (roof/ring weapon mounts), මොඩියුලර්මෙ වලම් රාක්ක (modular tactical gear racking), සහ හමුදා මට්ටමේ උසස් ඕල්-ටෙරේන් ටයර් (military-spec all-terrain tires) ඩිෆෙන්ඩර් වුල්ෆ් සීරීස් එඩිෂන් එකේ ප්‍රධාන ලක්ෂණ විධියට දක්වන්න පුලුවන්.





Comments
Post a Comment