නිකොන් සමාගම ඇන්ඩ්‍රොයිඩ් කැමරාවක් නිපදවමින් සිටී?


ඡායාරූපකරණය පිලිබඳව සාකච්ඡා කරන වෙබ් අඩවිවල විවිධ කැමරා සමාගම් මගින් හඳුන්වාදීමට නියමිත අධිතාක්ශණ කැමරා පිලිබඳ පූර්ව විස්තර පලවෙයි. මෙම වෙබ් අඩවිවල මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වෙමින් ඇත්තේ නිකොන් සමාගම නිපදවමින් සිටිනවා යැයි පැවසෙන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය පාදක කරගත් කැමරාවයි.
Nikon Cookpix S800 Android based point & shoot camera
Nikon Coolpix S800 ලෙස නම්කිරීමට සූදනම් කොට ඇති බවට විශ්වාස කෙරෙන මෙම කැමරාව 3.5mm OLED touch screen මාදිලියේ තිරයකින් සමන්විත වන අතර ඇන්ඩ්‍රොයිඩ දුරකථන භාවිතාකරන්නන් හට මෙම කැමරාව භාවිතා කිරීම ඉතා පහසුවනු ඇතැයි පැවසේ.

එමෙන්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට අමතර හැකියාවන් එකතුකරන Android Apps බාගත කරගෙන ධාවනය කිරීමේ හැකියාව මෙම කැමරාවට තිබේ. ඒ අනුව Instagram, Adobe Photoshop Express, Photoid, Vignette වැනි Photography Apps මගින් කැමරාව තුලදීම ඡායාරූප සංස්කරණය කිරීම, Gmail වැනි ඊමේල් සේවා මගින් කැමරාවේම සිට ඡායාරූම යැවීමට හැකිවීම, කැමරාවේ Facebook App මගින් ෆේස්බුක් පිටුවට ඡායාරූප කිරීම වැනි සුවිශේෂ පහසුකම් ලැබී ඇත.

අන්තර්ජාලය හා සම්බන්ධවීම සඳහා කැමරාව WiFi ජාල හා සම්බන්ධවීමේ හැකියාව ලබාදී ඇත.

නිකොන් ඇන්ඩ්‍රොයිඩ් කැමරාවේ තාක්ශණික දත්ත

25-250mm lens
3.5" OLED Touch Screen
Android 2.3 Gingerbread
WiFi / GPS

නිකොන් සමාගම S800 කැමරාව අගෝස්තු මස අවසාන සතිය තුලදී ලොවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව පැවසේ.

Comments