- Get link
- X
- Other Apps
අලුත්ම විද්‍යා ප්‍රබන්ධය
- Get link
- X
- Other Apps
ඉහත පෙනෙන්නේ මෑතකදී සර්බියාවෙන් හමුවුනු නවශිලා යුගයට අයත් කුඩා චන්ද්‍ර දිනදර්ශණයක්. වල් ඌරු දළයක කොටා ඇති මේ දින දර්ශණයේ චන්ද්‍රයාගේ කලාවන් (lunar phases) පෙන්වන බව පුරාවිද්‍යාඥයින් පවසනවා. වසර 8000ක් පමණ පැරණි මෙය එකල විසූ නව ශිලායුගයේ ගොවීන් කුඹුරුවල බීජ සිටුවිය යුතු කාලය අස්වනු නෙලිය යුතු වකවානුව දැනගැනීම සඳහා භාවිතා කරන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
ත්‍රිකෝණාකාර සළකුණු 28ක් මෙහි දක්නට ඇති අතර චන්ද්‍ර මාසයකට දින 28 ඇත. මේ අනුව නව ශිලා යුගයේ යුරෝපීයයන් මෙතෙක් විශ්වාසකල ආකාරයට වඩා දියුණු හා සංකීර්ණ දිවිපෙවෙතක් ගත කරන්නට ඇතැයි යන තර්කයක් මෙවැනි සොයාගැනීම් වලින් ගොඩනැගෙමින් පවතින්වා. කුඩා වල්-ඌරු දළයක මෙය කොටා ඇත්තේ ගොවියෙකුට ඉතා පහසුවෙන් තමන් යන යන තැනකට මෙය ගෙනයාමට පහසුවන ලෙස බවට විශ්වාස කෙරෙනවා.ඒ අනුව මෙය ලොව පැරණිම සාක්කු කැලැන්ඩරය විය හැකියි.
- Get link
- X
- Other Apps

Comments
Post a Comment