Google ලෝක වාසීන්ගේ මතකය මොට කරනවාද?



ලෝක ජනතාවගේ මතකය මොට කිරීමේ කාර්යයයේ මූලිකම වැඩ කොටසක් සිදුකරන අංගය බවට ගූගල් සෙවුම් වෙබ් අඩවිය පත්ව ඇති බවට අදහසක් මතුව තිබේ.

මේ බව පැහැදිලි කිරීම සදහා හාවර්ඞ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් පරීක්ෂණ මාලාවක්ම සිදු කර ඇති අතර මේ අනුව වර්තමානයේ ජීවත් වන බොහෝ දෙනෙකුම තමන්ගේ බුද්ධිමත් භාවයේ දිගුවක් එසේ නැත්නම් අලූතින් එක් කළ කොටසක් ලෙස මේ අන්තර්ජාල සෙවුම් යන්ත‍්‍ර භාවිත කරමින් සිටින බව අවාධාරණය විය.
මේ පිරිස තමන් නොදන්නා කාරණයක් පිළිබදව සෙවීම සදහා ඉක්මනින්ම පිවිසෙන්නේ මේ ගූගල් සෙවුම් වෙබ් අඩවිය වෙතයි. ඒ හරහා ඊට පෙර පරම්පරාවේ එනම් සිය දෙමව්පියන්ට වඩා ඔවුන් මතක ශක්තියෙන් හීන වී තිබෙන බව සොයා ගෙන ඇත.

මේ පරීක්ෂණයේදී ගූගල් වෙබ් අඩවිය භාවිත කරන සහ භාවිත නොකර උත්තර ලබාදීමට අවසරය ඇති ප‍්‍රශ්න කීපයක් මේ සදහා යොදාගත් සිසුන් පිරිසකගෙන් අසා ඇති ප‍්‍රතිඵල අනුව තම තමන්ගේ බුද්ධි මට්ටම පිළිබදව මානයක් සකසා ගන්නැයි ඔවුන් සිසුන්ගෙන් ඉල්ලා තිබේ.

එසේම මේ සිසුන් පිරිස තමන්ට හිමි මතක ශක්ති ප‍්‍රමාණයට වඩා දරා සිටීමට ඇති කාරණා සියල්ලක්ම පාහේ මෙලෙස ‘ක්ලවුඞ් මතකයන් ’හෙවත් ‘අන්තර්ජාල මතකයන්’වෙතභාර දී තිබෙන බව පර්යේෂකයන් පවසයි.
තවත් අතකින් බැලූ විට මෙය මීට පෙර පරම්පරාවල් තමන්ට දරාගත නොහැකි යම් යම් කාරණාවන් මතකයේ තබා ගන්නටය කියා තම පවුලේ සාමාජිකයන්ට භාර දුන්නා හා සමාන බව ඔවුන්ගේ අදහස වෙයි.

Source: http://lankacnews.com/sinhala/foreign-news/105046/


Comments

  1. සහතික ඇත්ත. නොදන්නා දෙයක් වේ නම් අපි ගූගල් එකට තමා බර දාන්නෙ..

    ReplyDelete

Post a Comment