Agents of S.H.I.E.L.D


Agents of S.H.I.E.L.D යනු රූපවාහිණී ලොව එලිදැක්වෙන අලුත්ම අලුත් රූපවාහිණී වැඩසටහන් මාලාවකි. මෑතකදී අමෙරිකාවේ හා යුරෝපයේ විකාශනය ආරම්භ කල ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් හි පලමුවැනි කතාමාලාව (Season 1) විකාශණය වන අතර 9වැනි කථාංගය (Episode 9) මෙය ලියන අවස්ථාවේ (නොවැම්බර් 26) විකාශණය වෙමින් පවතී. මෙහි කථාංග 1 සිට 8 දක්වා piratebay වැනි ජනප්‍රිය ටොරන්ට් අඩවි හරහා බාගත කල හැක. පලමුවැනි කථාමාලාව (Season 1) කථාංග (Episodes) 10කින් යුතුය.

අමෙරිකාවේ මාවල් කොමික්ස් (Marvel Comics) හා ඒ.බී.සී රූපවාහිණී නාලිකාව මගින් නිර්මාණය කරන ලද මෙයට පාදක වන්නේ අතිශයින්ම ජනප්‍රියවුනු ඇවෙන්ජර්ස් (The Avengers) හා දැන් අමෙරිකාවේ හා යුරෝපයේ තිරගත වෙන තෝර් 2  (Thor 2 - The Dark World) චිත්‍රපටවල චරිත හා ඒ ආශ්‍රිතයෙන් ගොඩ නැගුණු සුපර්-හීරෝ මාදිලියේ තේමාවකි.

තෝර් හා දි ඇවෙන්ජර්ස් චිත්‍රපටවල ප්‍රධාන භූමිකාවක් සිදුකල Strategic Homeland Intervention, Enforcement and Logistics Division (S.H.I.E.L.D) නම් රහසිගත මෙහෙයුම් ඒජන්සියේ ක්‍රියාකාරකම් වටා කතාමාලාව ගෙතී ඇත. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ ඇවෙන්ජර්ස් චිත්‍රපටයේදී ලෝකී අතින් මියයන ඒජන්ට් ෆිල් කෝල්සන්ගේ චරිතයයි. මියගිය කෝල්සන් මෙහිදී නැවතත් උත්ථාන වී ඇති අතර නවතම වෛද්‍ය තාක්ශණයක පිහිටෙන් මියගොස් සුළුවේලාවකට පසුව කෝල්සන්ව නැවතත් ජීවත්කරවීමට හැකිවූ බව කථාමාලාවේ පසුබිම් විස්තරවල පැහැදිලි කරයි. 2013 සැප්තැම්බර් 24වැනිදා මෙහි මුල් කථාංගය හෙවත් පයිලට් එපිසෝඩය විකාශය වූ අතර එයට අනුව කථාමාලාවේ ආරම්භය සිදුවන්නේ දි ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ අවසානයෙන්, එනම් ලෝකී ගේ නායකත්වයෙන් පෘථිවිය ආක්‍රමණය කරන චිටාවුරී (Chitauri) පිටසක්වලයින් පලවාහැරීමත් සමගමය.


S.H.I.E.L.D ඒජන්සියේ ක්ශේස්ත්‍ර මෙහෙයුම් (field operations) භාරව සිටින කෝල්සන් විවිධ අසාමාන්‍ය සිදුවීම් අධ්‍යනය කිරීම සඳහා විශේෂ හැකියාවන් හා පුහුණුවීම් ඇති, එහෙත් සුපිරි හැකියාවන් නොමැති කුඩා කණ්ඩායමක් නිර්මාණය කරගනී. ඔවුන්ගේ මූලික ඉලක්කය වන්නේ Project Centipede ලෙස හැඳින්වෙන අභිරහස් ව්‍යාපෘතියක සුළමුල හෙලිකර ගැනීමයි.

දැනට විකාශණය වී ඇති කථාමාලා 8 නැරඹූ විචාරකයින් Agents of S.H.I.E.L.D ඉතා හොඳ වින්දනයක් ලබාදෙන, නිර්මාණශීලී ටෙලිවිශන් කථාමාලාවක් බව ප්‍රකාශයකට පත්කොට ඇති අතර ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාරයක් ලැබෙමින් පවතී. මෙහි මුල්ම එපිසෝඩය හෙවත් pilot episode ලොව පුරා මිලියන 12ක ප්‍රේක්ශකයින් පිරිසක් නැරඹූ බවට වාර්තාවේ.

Comments