![]() |
පෘථිවියේ නිවුන් සොයුරිය යැයි විද්‍යාඥයින් පවසන ප්‍රොක්සිමා සෙන්ටෝරි තාරකාව වටා ගමන් කරන ග්‍රහලෝකය සිත්තර ඇසින් |
නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශ නිරීක්ශණ යානයෙන් ගන්නා ලද ඡායාරූප හා දත්ත ආධාරයෙන්, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියට අයත් දකුණු යුරෝපීය අභ්‍යවකාශ නිරීක්ශණ ආයතනය (Southern European Observatory) මගින්, පෘථිවියට ආසන්නයේම ඇති ප්‍රොක්සිමා සෙන්ටෝරි තාරකාව වටා බ්‍රමණය වන පෘථිවියට ඉතාම සමාන ග්‍රහලෝකයක් සොයාගෙන ඇත.
මෙම ග්‍රහලෝකය, ප්‍රොක්සිමා සෙන්ටෝරි වටා ගමන් කරන කක්ෂය, ග්‍රහලෝකය මත ද්‍රව ජලය හටගැනීමට තුඩුදෙන පරාසයේ පවතින බව විද්‍යාඥයින් පවසනවා. "ගෝල්ඩිලොක්ස් zone" ලෙස හඳුන්වන මෙම පරාසයට වඩා ඇතුලත කක්ශයක ග්‍රහයා ගමන් කරන්නේනම්, තාරකාවට ආසන්නවීම නිසා දැඩි උණුසුමෙන් ද්‍රව ජලය හටගන්න්නේ නෑ. ඈතින් පිහිටියහොත්, ශීතල අයිස් ග්‍රහලෝකයක් වනවා.
මෙම ග්‍රහලෝකය අයත් ප්‍රොක්සිමා සෙන්ටෝරි තාරකාව 1915දී පෘථිවියට ලඟින්ම ඇති තාරකාව ලෙස හඳුනාගන්නා ලද අතර එය ආලෝක වර්ශ 4.2ක් ඈතින් පවතින බවට ගණන්බලා තිබෙනවා.
කෙප්ලර් අභ්‍යවකාශ නිරීක්ශණ යානය විසින් මීට පෙරද ගෝල්ඩිලොක්ස් පරාසයේ ඇති ග්‍රහලෝක සොයාගෙන ඇති නමුත් පෘථිවියට ලඟින්ම ඇති තාරකාවේ මෙවන් ග්‍රහලෝකයක් ඇති බව සොයාගත් පලමු අවස්ථාවයි. අනාගතයේ වෙනත් සූර්යයෙකු වෙත් ගවේෂණ යානයක් යවන්නේ නම්, එය යැවීමට සුදුසුම තාරකාව බවට ප්‍රොක්සිමා සෙන්ටෝරි පත්ව තිබෙනවා.
අද දිනයේ (අගෝස්තු 24) යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය මගින් පැවැත්වීමට නියමිත ප්‍රවෘත්ති සාකඡ්ඡාවකදී මෙම ග්‍රහලෝකය පිලිබඳ විස්තර නිළවශයෙන් ප්‍රකාශ කෙරෙනු ඇති.
http://www.dailymail.co.uk/sciencetech/article-3754523/A-second-Earth-revealed-tomorrow-Habitable-planet-orbiting-sun-s-neighbour-host-alien-life.html
__________________________________________________________________________

Comments
Post a Comment