චීනයේ ත්‍රී ගෝර්ජස් වේලි (Three Gorges Dam) ව්‍යාපෘතිය ලෝකයේ විශාලතම වාරිමාර්ග ව්‍යාපෘතියක්. යැන්ට්සි නදිය හරස් කොට ඉදිකෙරුණු දැවැන්ත වේල්ලකින් මෙගාවොට් 22,500ක විදුලිබලයක් නිපැදවෙන අතර යැන්ට්සි නදිය පිටාර ගැලීමේ වාර්ෂිකව ඇතිවන විනාශකාරී ජලගැලීම් පාලනය කිරීමත් මෙම ව්‍යාපෘතියේ අරමුණු වුනා. සුවිසල් ව්‍යාපෘතියක් වුනු මෙම ජලාශ ව්‍යාපෘතිය මගින් මිලියන 1.3 ජනයාගේ වාසභූමි ජලයෙන් යටවුනු අතර ඔවුන්ට වෙනත් වාසස්ථාන සොයාදීමට සිදුවුනා.
කිලෝමීටර් 6300ක් දිගැති යැන්ට්සි නදිය ආසියාවේ දිගම ගංගාව වන අතර ලෝකයේ තුන්වැනි දිගම ගංගාව වනවා. විශාල නෞකා ගමන්කරන මෙම නදියේ ත්‍රී ගෝර්ජස් වේල්ල ඉදිකිරීමෙන් අනතුරුව වේල්ල පසුකර යාමට නෞකාවලට විශාල අමතර දුරක් වෙනත් අතු ගංගා හා නෞකා ඇලවල්වලින් ගමන් කරන්නට සිදුවුනා.
මේ සඳහා ගතවන අමතර කාලය හා වියදම විශාල නිසයි, චීන ඉන්ජිනෙරුවන් මෙම නෞකා වේල්ල තෙක් ඔසවා ජලාශයට මුදාහැරිය හැකි (මෙන්ම අනෙක් පසට ජලාශයෙන්, වේල්ල යට ඇති ගංගාවට) අති දැවැන්ත සෝපානයක් නිර්මාණය කලේ.
ලෝකයේ ලොකුම සෝපානය ලෙස සැලකෙන මෙය ටොන් 15,500ක් බර අතර ටොන් 3000ක් බර නැවක් ඉහලට එසවිය හැකියි. සැබැවින්ම නෞකා ගෙනයා හැකි අතිවිශාල ජලතටාකයක් මෙන් පෙනන මෙයට නෞකාවක් ඇතුලු කල පසු, එය, ජලතටාකයත් සමගම ඉහලට ඔසවනවා.
නෞකාවක් ඉහලට ඔසවා මුදා හැරීමට විනාඩි 40ක පමණ කාලයක් ගතවනවා.
__________________________________________________________________________

Comments
Post a Comment